"ලකුණු 95යි අකිදු"
ගිශාන් තමන්ගේ අතේ තිබුන අන්තිම පේපරේ වෙච්ච නුතාරගේ පේපරෙත් ලකුණු පංතියේ ළමයි හැමෝටම ඇහෙන්නම කියලා නුතාරගේ පැත්තට පේපරේ දෙද්දි නුතාර ආඩම්බරකාර හිනාවක් එක්කම පේපරේ අතට ගත්තා...
මේ ගෙවෙන්නේ පෙබරවාරී මාසේ අන්තිම සතියේ සිකුරාදා දවසේ පාසලේ හත්වෙනි කාලච්ජේදේ..ඒකත් කාලච්ජේදේ අවසන් වෙන්න තව විනාඩි කිහිපයයි ඉතුරු වෙලා තියෙන්නේ..
මිනිත්තු විනාඩි පැය ගෙවිලා ගිහින් අලුත් දවසක් උදාවෙන්නේ හරි ඉක්මනට... කාලය හීයක වේගයෙන් ගතවෙලා යනවා වගෙයි ගිශාන්ටනම් දැනෙන්නේ... ගිශාන් පාසල් කාලේ තුළදි තමන්ට අදාල විෂය ළමයිට හොදින් උගන්නන් වගේම පාසල් අවසන් වෙලා 1.30 පස්සේ පැය තුන හතරක කාලයක් දවසක් ඇර දවසක් ළමයින්ගේ ක්‍රීඩා කටයුතුවලට යෙදෙව්වා... ක්‍රීඩාව විතරක් නෙවෙයි ගිශාන්ට ඕන වුනේ ළමයිව ඉගෙනීම අතිනුත් ඉහළට අරන් යන්න.. ඉතින් ගිශාන්ගේ කැපවීමේ ප්‍රතිළුලයක් විදියටම අලුත් ක්‍රීඩා උපකරන ඇතුළු පහසුකම් එක්ක පුහුණුවීම් කරන අලුත් ක්‍රිකට් කණ්ඩායමෙයි ගිශාන් උගන්වන ict විෂය ඉගෙන ගන්න ළමයිගෙයි ලොකු වර්ධනයක් දැක ගන්න පුලුවන් වුනා...
ඉතින් මේත් ඒ වර්ධනය පෙන්වන එක උදාහරණයක්.. මෙච්චර දවස් උගන්වපු පාඩම්වලින වගේම දහය වසර පාඩම් එකතු කරලා ගිශාන් ඉයේ එකොළහා වසරේ ict ළමයිට දුන්න පේපර් එකට හැමොටම ලකුණු 50 ට වැඩිය තිබුනා ඒ අතරින් වැඩිම ලකුණ හිමි කරගත්තේ නුතාර..දෙවෙනියට ලකුණු 82 ක් අරන් සත්සරත් තුන්වෙනියට ලකුණු 80ක් අරන් තිනෙතුත් විෂයට තියෙන තමන්ගේ උනන්දුව වගේම හැකියාව පෙන්නුවා..
අනිත් ගුරුවරු කියපු විදියට මෙදාපාර එකොළහා වසරේ ළමයි බාගෙට බාගයක්ම දක්ෂයි..ඒත් ගොඩක් පිරිමි ළමයිට උනන්දුවක් නෑ ිහරියට නුතාරට වගේ...නුතාර ගණිතය , සංගීතය වගේම ගිශාන් ආපු දවසේ ඉදන් ict වල ඇරෙන්න අනිත් කිසිම විෂයක ඔලුවවත් උස්සන් නෑලු.. විද්‍යා උගන්නන වසන්ත සර් නම් දවසක් හරි කලකිරිමකින් නුතාර ගැන කතා කරේ වසන්ත සර්ගේ ඒ වචන ඇතුලේ කලකිරිම විතරක් නෙවෙයි මොකද්දෝ තරහකුත් ගැබ්වෙලා තිබුන බව ගිශාන්ටනම් හොදට තේරුනා.. වසන්ත සර් 'විහින් කාලකන්නි වෙනවා' කියලා කියද්දිනම් ගිශාන්ගේ හිතට දැනුනේ තරහක්..
YOU ARE READING
වස්සාන සිහිනේ 🌺 [ZhanYi]
Fanfictionප්‍රේමය යනු ඔබයි.. පරිත්‍යාගය යනු ඔබයි.. මා හදවතේ ලැගුම් ගත් අපූරුම ගුරුතුමාද ඔබයි ප්‍රේමයේ මුල්ම පාඩමත් මම උගත්තේ ඔබෙන්.. මගේ ලෝකේ දුයිෂෙන් ඔබයි.. ❤️💚 Start: 24/04/14 End: Ranking : #school love - 1 (24/08/30) #cricket - 1 (24/10/13) ⚠️ ර...