Episode 4
එතන වෙච්චදේ දැකලා හොසොක්ව සීතල වෙලා ගියා කිව්වොත් හරි.
හොසොක් - ඒයි ජන්කුක් ඕක නතර කරපන්.
ඒත් නතර කරපු නැති ජන්කුක් ටේගෙ රෝස පාට තොල් රතු පාට වෙලා ලේ එනකන් තදින් සිපගත්තා. ඒක ලොකු වේදනාවක් නිසා එක දිගට අඩන ටේව දැකලා හොදටම තරහ ගිය හොසොක් අමාරුවෙන් කොහොම හරි ජන්කුක්ව ඇදලා අරන්,
චටාස්ස්ස් 💥
හොසොක් - උබ තිරිසනෙක් වගේ වැඩ කරන්න ගත්තෙ කවද ඉදන්ද ජන්කුක්. උබ මේ අහිංසක මලට රිද්දන්න තරම් උබ තිරිසනෙක් උනාද.
ජන්කුක් - මේ අහන්න හියුන්ග්. උබ මගෙ යාලුවනේ පලයන් මෙතනින්. කියන එක අහලා පලයන්. හොසොක්ව බදාගෙන නොනවත්වා අඩන ටේව ඇදලා ගන්න හැදුවේ ටේගෙ අත ජන්කුක් අතින් තුවාල වෙද්දී.
චටාස්ස්ස් 💥
හොසොක් - මේ අහපන් ජන්කුක්. තමු...
ජන්කුක් - කලින් මම කියනදේ අහන්න හියුන්ග්. ඔයා දන්නෙ නැහැ හියුන්ග් වෙච්චදේ. මුගේ තියෙන මුරණ්ඩුකමට වොශ් රූම් තනියම ගියා. ජිමින් කොච්චර එන්න දැඟලුවද, ජිමින්ට කොහේ තියෙන අමාරුවකටද මූ ගැන හොයන්නේ. ඒවා මූට ගානක් නෑ. තනියම ගිහින් අර බෝගම් පාහරයට අහු වෙලා. මූව එතනින් බේරන් ආවම අරූ ලඟට යන්න නටනවා. ඌත් එක්ක ඉන්න ඕනේ නම් කලින් කියන්න තිබ්බා මූට එතකොට පැත්තකට වෙලා අපිත් ඉන්නවා. මූට ඕනේ ඒ බල්ලත් එක්ක නිදියන්න. එහෙම උනොත් තෝත් බල්ලෙක්ම වෙයි. එහෙම නම් පලයන් ටේහ්යුන්.
එක දිගට කියවන ජන්කුක්ගෙ කතාව මැද්දට පැනපු ටේ,
ටේ - අ.අනේ හියුන්ග් ම.මං එහෙම නෑ හි.හියුන්ග්. ටේටේ බෑඩ් බෝයි කෙ.නෙක් නෙවෙයි.
ටේ අඩ අඩම කිව්වා.
හොසොක් - මේ අහපන් ජන්කුක්. ආයේ ටේහ්යුන්ගෙ ඇගට අතක්වත් තියලා අහුවෙන්න එපා. උපරිම ටේහ්යුන් ලඟට ලං වෙන්නවත් හිතන්න එපා. තේරුනාද තමුන්ට. එහෙම නොවුණොත් මම.....
ජන්කුක් - ඇයි නැත්තන් මොකද.....
හොසොක් කේන්තියෙන් ජන්කුක් ලඟට ගිහින් එයාගෙ කේන්ති ගිය ඇස් වලින් ජන්කුක්ගෙ ඇස් දිහා බැලුවේ මොකක් හරි කියන්න වගේ. එක්කම හොසොක් ටේව අරන් එතනින් යන්න ගියා.
ජන්කුක් - ඔහොම නැවතියන්.හියුන්ග්......ටේව එක්කන් හොසොක් ආවේ කැෆේ එකට. ටේව එතනින් වාඩි කරලා,
හොසොක් - ශ්ශ්..... කෝ අඩන්න එපා. ටේ කියනදේ ටිකක් අහන්නකො පැටියො. කෝ අඩන එක නවත්තන්න. අපේ ගුඩ් බෝයිනේ ඉතින්.
ටේ - ටේටේ එහෙම නෑ හියුන්ග්ගී.... මං එහෙ ඉඳන් කොරියාවට ආවේ සතුටින් ඉන්න. ඒත් මෙහෙ ආව වෙලේ ඉඳන් ආයෙත් ප්රශ්න. මට සතුටක් අත්තේම නැද්ද හියුන්ග්... ඔක්කොම මගේ පෙනුම නිසාද.
හොසොක් - ශ්ශ්.....කෝ අඩන එක නවත්තන්න. එහෙම දෙයක් නැහැ ටේ.
ටේ.....
ටේ - ම්ම්......
හොසොක් - එහෙ ඉඳන් මෙහෙ ආවේ සතුටින් ඉන්න කිව්වේ, එහෙ සතුටින් නෙවෙයිද ටේ ඔයා හිටියේ.
ටේ - මුල් කාලේ සතුටින් හිටියට හියුන්ග් කාලයක් යද්දී ඔක්කොම එපා උනා...
හොසොක් - ඔයාගෙ හොසොක් හියුන්ග්ට කියන්න පුළුවන්ද ටේ... ම්ම්ම්.....
ටේ - ඔව් කියන්නම් හියුන්ග්ගි... ඒක දිග කතාවක්. මං කෙටි කරලා කියන්නම්.
හොසොක් - කෙටි කරලා හරි තව දික් කරලා හරි කියන්නකෝ. මං අහන් ඉන්නම්...
එහෙම හොසොක් කිව්වේ ටේගෙ කොන්ඩෙ අවුස්සන ගමන්.
ටේ -
"එතකොට මට වයස 16 යි. මෙහෙ වගේම එහෙ ගොඩක් කට්ටිය මගේ පස්සෙන් ආවා මාව යාලු කරගන්න. මං ඒ කිසිම කෙනෙක්ට කැමති උනේ නෑ. උපරිම ඒ කාටවත් මගේ අවධානය තප්පරයක්වත් දිනාගන්න පුළුවන් වෙලා නෑ. මම එක දවසක් නෙට් බෝල් ප්රැක්ටිස් ඉවර වෙලා ඉස්කෝලෙන් එලියට ගියේ ගෙදර යන්න බලාගෙන. මාව හියුන්ග් ගන්න එනකන් මං ඉස්කොලේ ඉස්සරහට වෙලා හිටියා. පැය 2ක් ඉඳලත් හියුන්ග් මාව ගන්න ආවේ නෑ. එහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. මට ඒ වෙලාවේ ගොඩක් මහන්සි. මං ඒ වෙලාවේ හිටියේ කාලවත් නැතුව. මං හිටගෙන ඉද්දි කාර් එකකින් එක කොල්ලෙක් ආවා. එයා මගෙ ලඟ කාර් එක නතර කරලා ඇහුවා 'මොකද මෙතන කරන්නේ, තාම ගෙදර ගියේ නැද්ද' කියලා. මම කිව්වා, හියුන්ග් එනවා කිව්වා. හැබැයි තාමත් එයා නැහැ. කියලා.
YOU ARE READING
Soulful love ♥️
Romanceඅහිංසක කොල්ලෙක් සහ අහංකාර කොල්ලෙක් අතර ඇතිවුනු ගැඹුරු ආදරය 🐻🐰💘