.28.

111 24 15
                                    

.

.

.

.

.

මට මෙහෙම හිට ගෙන හිටපු දවසක් මතක නෑ...

ඇත්තම කිව්වොත් මං හිටගෙනත් නෙවේ ඉන්නේ.. හ්‍යුන් මාව මගේ බඩ වටින් අත දාලා උස්සගෙන ඉන්නෙ..

මට ගෙදරදි වොශෲම් ගිහින් එන්න තිබ්බේ..

" හ්‍යුන්.. "

" හරිද?? හරි ඉන්න.. "

හ්‍යුන් මගේ ඇඳුම හරි ගැස්සුවා..

වටේ ඉන්න අනිත් මිනිස්සු බලන් ඉන්නකොට ඇත්තටම මට ලැජ්ජාවක් ආවේ.. ෆස්ට් ටයිම් මෙහෙම තැනක මේ වැඩේ කෙරුවේ..

" අත සෝදගමු.. "

" හ්ම්ම්.. "

අත් සෝදගෙන ඩ්‍රයි කරගෙන හ්‍යුන් මාව අපි හිටපු ටේබල් එක ලඟට ගෙනියන්නයි ලෑස්ති වෙන්නෙ..

ඇත්තටම එතන ඉන්න එක හිතන තරම් ලේසි නෑ මට..

හ්‍යුන්ගේ නූනා මං එක්ක කතා කරේම නෑ..

සමහරවිට මට කැමති නැතුව ඇති.. ඒත් මං එයාට හිතලා  වැරැද්දක් කරලා නෑ.. 

" හ්‍යුන්.. නූනා මාත් එක්ක තරහින්ද ඉන්නෙ?? "

" යූරා?? නෑ.. ඒ මොකටද ඔයා එක්ක එයා තරහා වෙන්නෙ?? "

" හ්‍යුන් නූනට කිව්වද?? ඒක නිසාද මං එක්ක තරහා.. ඉතින් ඒ දේ මං දන් නැතුවනේ උනේ... "

අත් දෙකෙන් පහලට ලිස්සන මාව හ්‍යුන් උස්සන්නෙ හයියෙන් හුස්මකුත් පිට කරලා..

මගේ බර වැඩි වෙලාද??

" මොනවද ජිමින් කියවන්නෙ?? "

" මං හ්‍යුන්ට... "

" මගේ ලයිෆ් ටයිම් එකටම යූරාගෙන් හැංගුව දේ ඕක වෙන්න ඕනි.. යූරා ඔයා එක්ක තරහා නෑ ජිමින්.. "

මං කියලා ඉවර වෙන්නත් කලින් හ්‍යුන් කියලා ඉවරයි..

ඔව් හංගන්න දේවල් නැතුව ඇති..

" හ්ම්ම් "

ටේබල් එක ලඟට එද්දිත් හැමෝම කාලා ඉවරයි..

රෙස්ටුරන්ට් එකෙන් එලියට ආවට ඩෑඩ්ට ඕනි උනා ළඟ තියෙන නයිට් පාර්ක් එකකටත් යන්න.. ඒක ළඟමයිලු තියෙන්නෙ.. කා එක රෙස්ටුරන්ට් එකේම තියලා කට්ටියම කතා උනේ පයින් යන්න...

Broken Wings ᴼⁿᵍᵒᶦⁿᵍ ||YM||Where stories live. Discover now