ජබියා ඈත බලාගෙන කල්පනා කරන්නේ නිකටට අතකුත් තියාගෙන. සඳා අත් දෙකෙන්ම ඔලුව බදාගෙන බිම බලාගෙන තණකොළ ගනිනවා. උන් දෙන්නම ඉන්නේ මීට ටික වෙලාවකට කලින් මං කිව්ව දේවල් ටික දිරවගන්න බැරුව.
".. උඹ සිරාද කියන්නේ බං?" සඳා ටික වෙලාවකින් අහද්දී මායි අභීයි දෙන්නම ඔලුව වැනුවා.
ඊයේ රෑ බීලා වැටිච්ච තැන් වලම නිදාගෙන, අද උදේ නැගිට්ට ගමන් මං උන් දෙන්නව එළියට එක්ක ගිහින් කලණ අයියගේ විස්තරේ කිව්වා. ජබියයි සඳායි පුරුදු විදිහට ඇහැල ගහ යට බෙන්ච් එකේ වාඩි වෙද්දී මං පේර අත්තේ වාඩි උනා. අභී වෙනදට ඉදගන්න රඹුටන් අත්ත, පල්ලෙහා වැඩීයි කියලා කපලා තිබ්බ නිසා, එයත් පේර අත්තකටම නැගලා වාඩි උනා. ගහ ලොකුවට හයියට තියන නිසා අපි දෙන්නම නැග්ගට අවුලක් නෑ.
"මට හිතාගන්න බෑනේ.." සඳා කියද්දී මායි අභීයි ආයෙම ඔලුව වැනුවා.
"...දැන් මොකද්ද උඹේ ප්ලෑන් එක?" ජබියා ටිකකින් ඇහුවම මං පේර අත්තෙ බිමට බැහැලා උන් දෙන්නා ඉස්සරහින් හිටගත්තා.
"කලණ අයියට කාව හරි සෙට් කරන්න ඕනේ. ඒ මනුස්සයට ජීවිත කාලෙම ඔහොම ඉන්න දෙන්න බෑනේ." මං කියද්දී අභීත් පේර ගහෙන් බැහැලා ආවා.
"කොල්ලෙක්ද?" අභී අහද්දී මං ඔලුව වැනුවා.
"ගැලපෙන කැන්ඩිඩේට් කෙනෙක් ඉන්නවා." මං අභී දිහා බලලා කිව්වා.
"..අයෝධ්‍ය..?" අභී කියද්දී මං එයාට පහක් දැම්මා.
දැක්කනේ, බෝයිෆ්‍රෙන්ඩ් ටෙලිපති කියන්න ඕවට තමා.
"කොල්ලා තමා." මං කියද්දී ජබියා නිකටින් අත අහකට අරන් කකුලක් බෙන්ච් එක උඩට ගත්තා.
"මේ අහපන්කෝ කවියා.. මෙච්චර අවුරුදු ගානක් එක්කෙනෙක්ටම කැමති වෙලා ඉදලා, කලණ අයියගේ හිත වෙනස් වෙයි කියලා උඹට හිතෙනවද බං..? මට නම් ශුවර් නෑ.." ජබියා අවිශ්වාසෙන් කියද්දී මං උගේ ඔලුවට ගැහුවා.
"පොඩ්ඩක් පොසිටිව් හිතපන්කෝ ගස් බල්ලෝ!" මං සද්දෙන් කියද්දී අරූ කටත් ඇද කරන් අහක බලාගත්තා.
"කවුද උඹ ඔය කියන කොල්ලා?" සඳා වැඩේට උවමනාවෙන් අහද්දී මං ෆෝන් එක අරන් සූකිරිත් එක්ක එදා අවුරුදු උත්සවේ දවසේ ගත්ත ෆොටෝ එකක් සඳාට පෙන්නුවා.
YOU ARE READING
ලස්සනම ඍතුව
Non-Fictionසමහරවිට අපි වසන්තයෙම රැඳී ඉන්න උත්සාහ කරද්දී, ඊට වඩා ලස්සන ඍතු මඟ හැරිලා ගිහින් තියෙන්න පුලුවන්. හැබැයි දවසක අපි හැමදාටම නතර වෙන්නේ අපිට ගැළපෙනම ඍතුවත් එක්ක. කොච්චර ඍතු ගානක් පහු උනත්, අපිටම වෙන්වුණ ඍතුවක් අනිවාරෙන්ම තියනවා. වසන්තයේ විතරක් නෙවෙයි මල...