000

162 9 14
                                    

"එහාට වෙයන් යකෝ"
"ඔය ජුන්නොංව එහාට කරපන්..."
"කවුද හු#තෝ මෙච්චර නෙලපු ප#යා"

"මල්ලී තොට කන් ඇහෙන්නේ නැද්ද එක සැරයක් කිව්වහම පැත්තකට වෙලා හිටපන්"

................................................................................................................

"ඕයි මෙනුලයා ඔහොම නැවතියන් යකෝ!!"

අපි ඉදපු තැනට ටිකක් එහාට වෙන්න සොෆ්ට්වෙයාර් එකේ අපේම එකෙක් නිකන් නාලාගිරිට රා පොවපු සීන් එකෙන් එනවා පේද්දී උගේ යාලුවෙක් කියන්න පුලුවන් එකෙත් ඌව නවත්තන්න උගේ පිටි පස්සෙන් එන ගමන් හිටියේ...
මම නම් දන්නවා මූ එන්න හදන හේතුව... උදේ මම උගේ බැජ් එකේ එකෙට හොස්පිට්ල් ගෙනියන්න වෙන තරමටම නෙලුවනේ ඒක නිසා වෙන්න ඕනා... 

"හු#තිගේ පු#... තෝ හිතන් ඉන්නේ වීරයා කියලද...  අපේම තැනට ඇවිල්ලා අපේ එකෙක්ට නෙලන්න තරම්..." 
ආපු ගමන් මගේ ටීශර්ට් එකෙන් අල්ල ගත්තු ඌ මගෙන් එහෙම ඇහුවේ සිද්දිය හරි හැටියට නොදන්න නිසා වෙන්න ඇති... අනේ උබ දන්නවා පකක්...

"එතකොට ඌ අපේ කෙල්ලෙක්ට අත තිබ්බම අපි බලන් ඉන්න ඕනෙද යකෝ... ඌම අපේ තැනට ඇවිල්ලා අපේ එකෙක්ට කරදර කරනකන් අපේ උන්ට ඇස් කන් කටේ දාන්ද ඉන්න කියන්නේ... ඌ බැ##ගේ පු#... "

එහෙම කියලා උගෙත් අතත් ගසලා දාපු මම ආපහු යන්න හැරෙද්දිම
"එහෙම ප්‍රශ්නයක් උනා නම් උබලා අපි එක්ක කියන්න දැන ගන්න ඕනා... කාට්වත් නෙලන්නේ නැතුව... හදිස්සියේවත් වැරදි තැනකට වැදුනා නම් උබ හිරේ අරූ ස්වර්ගේ... හිතලා බලලා වැඩ කරපන් යකෝ..."

"උබ හිතනවද මම ආවට ගියාට වැඩ කරනවා කියලා... මේ සෙහස් ශාවිද්‍ය කොයි කොයි වෙලාවකවත් එහෙම කරන්නේ නෑ... උබලගේ වේසාවට මම තුන් හතර පාරක්ම කිව්වා අපේ එවුන්ගෙන් ඈතට වෙලා හිටපන් කියලා... ඌ ඇහුවේ නැති නිසා තමා ඌට මෙහෙම උනේ..."

ඌ මොනා හරි කියන්න කට හැදුවත් අනිත් පැත්තට හැරිලා ආපු මම අපේ උන් එක්ක ගොඩ උඩ කැන්ටීන් එකට ගියේ දවල්ටත් එක්ක මොනා හරි සප්පායම් වෙන්න කියලා හිතන්...

"අඩෝ සෙහස් උබ ඒකට එච්චරටම නෙලුවද යකෝ"
"ඌ දැන ගන්න ඕනේ අත තිබ්බේ වැරදි එවුන්ට කියලා" රුත් අහපු ප්‍රශ්නෙට ඒ විදිහට උත්තර දීපු මම ඒ වෙනකොටත් කැන්ටිමේ හිටපු මගේ බොක්ක ගාවට ගියේ උගේ පිටටහ් දබොස් ගාලා පාරක් අතාරින ගමන්මයි...

MY MANWhere stories live. Discover now