34 වන දිගහැරුම 🤍

1.4K 243 42
                                    

"දන්නේ නැහැ.. සමන්ති මිස්ට බුක් කරපු රූම් එකට යයි නේද..?"

"ඒවා කොහෙද තියෙන්නේ..?"

"යකෝ මමද ට්‍රිප් ඔර්ගනයිස් කලේ..? සුදූ ආවාම අහමු.. කෝ කාපන් දැන්.. අර එහා පැත්තේ ගෑණු ළමයත් අමුතුවට බැලුවා මේ පිගාන දිහා.."

"ඉඳපන්කෝ පොඩ්ඩක් සුදු අයියා කොහෙද නවතින්නේ බලන්න ඕනනේ.."

"ඉතින් උබට මෙතන ඉඳන් ඕක හොයන්න බැහැනේ.. කාලා ඉවර වෙලා යමන්.."

ඒකත් ඇත්ත හැබැයි..

ඉතින් චිරාත් අහවල් එක කැඩිච්ච කඩියා වගේ නටන එක නවත්තලා ආදිත්‍යගේ අස්සෙම රිංගලා ඉඳගත්තේ කාලා ඉවර වෙලා ගිහින් නිර්වාන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්නවා කියලා හිතාගෙන..

විනාඩි පහක් යන්නත් කලින් නිර්වාන් ආයෙම ලන්ච් එක ඇරෙන්ජ් කරලා තිබුන තැනට ආවාම කන එකත් නවත්තලා බත් එකේම අත තියාගෙන චිරාත් ඇස් කරකව කරකව බැලුවේ නිර්වාන් මොකද කරන්නේ කියලා.. ඒ හැරෙන හැරෙන පාරට ආදිත්‍යගේ ඇඟේ බත්..

"පින් සිද්දවෙයි අත ගනින් බත් එකෙන්.. අත අහකට අරගෙන උඹ ඕන ඕපදුපයක් බලාගනින් ටේබල් ෆෑන් එක වගේ කරකැවී කරකැවී.."

බැහැනේ කරන්න මේක.. රෙද්ද..

"M3 අයව විතරක් බැලුවම මදිද..? අර මොකද අර බයෝ ක්ලාස් එකේ එකෙක් එක්ක නටන්නේ ඒ පාර.."

"සුදූ හෙඩා නිසා හැමෝම ලේසියට උදවු ඉල්ලන්නේ සුදුගෙන් බං.. පැලෙන්නේ නැතුව ඉඳපන්කෝ හැම වෙලේම.." ආදිත්‍ය ආදිත්‍යගේ පාඩුවේ බත් කනවා..

"යකෝ මෙතන ග්‍රේඩ් දෙකක් ඉන්නවා.. ග්‍රේඩ් දෙකෙන්ම මැත්ස් ක්ලාස් 6යි, බයෝ ක්ලාස් 6යි, කොමස් ක්ලාස් 4යි, ආර්ට්ස් 4යි.. සේරම ක්ලාස් 20යි.. එක ක්ලාස් එකකින් ළමයි 40ක් ට්‍රිප් එක ආවා කියලා හිතපන්.. ළමයි 800කට උදවු කරන්න ඕනද සුදු අයියා..?"

ඉඳුල් ගෑවිලා තියන ඇඟිලිත් අරන් මොන්ටිසෝරි ළමයෙක් වගේ ගණන් හද හද චිරාත් කටත් ඇරගෙන ආදිත්‍ය දිහා බැලුවා..

"ඔව්.. ඒකට තමයි හෙඩ් පිපෙට් කෙනෙක් ඉන්නේ.. ඉඳා කාපන්..!" මූට තේරුම් කරනවට වඩා ලේසියෙන් හරකෙක්ට අවකලනය කියලා දෙන්න පුළුවන් බව දන්න ආදිත්‍ය කට ඇරන් ඉන්න චිරාත්ගේ කටේ බත් ගුලියක් එබුවා..

තිත්ත කැපචිනෝ | OngoingWhere stories live. Discover now