16 🌸

2.5K 228 472
                                    

" තා..ත්තා.. "

" Happy Birthday පුතා.. "

" Th..Thanks තාත්තා.. "

" ඉතින් කොහොමද ලමයි.. "

" හොඳින් ඉන්නවා අන්කල්.. "

" ඔයාලා පාටිද අද "

" ආහ් ඔව් අපි බැලුවේ උයලා කාලා-"

" අපි එලියට යනවා තාත්තා ඇවිදින්න.. කාලා එහෙම.. "

" හා හරි එහෙනම්.. කොහෙ ගියත් සහෙල් රෑට ගෙදර එන්න.. මන් හෙට උදේම Singapore යනවා ඒ නිසා birthday එක සෙලිබ්‍රේට් කරන්න ඕනිනේ.. "

අපි හිනා වෙවී උය උය හිටපු මැද්දට එක පාරට ආවේ සහෙල්ගේ තාත්තා.. ඒ කියන්නේ සහෙල්ගේ අම්මගේ දෙවනි කසාදේ.. මන් අන්කල්ව දැකලා තියෙන්නේ දවස් දෙක තුනයි.. එයා සහෙල්ගේ ඇත්තම තාත්තා වගේ ප්‍රියමනාප රූපයක් තියෙන කෙනෙක් නෙවෙයි.. මේ අන්කල් ඕනිවට වඩා හිනාවෙලා ඉන්න ප්‍රියමනාප ගතිය මවාපාන කෙනෙක් වගේ මට පේන්නේ.. හරියටම කිව්වොත් අපේ රටේ දේශපාලනය කරන ඇමති කෙනෙක් වගේ..

කොහොම වුනත් එයා ආවට පස්සේ සහෙල් ගොඩක් වෙනස් වුනා.. ඇත්ත අපි හැමෝම දන්නවා අපේ ගෙවල් වලට අම්මලා තාත්තලා ආවම කොයි වගේද කියලා.. ඒත් සහෙල් දාඩිය දාගෙන ගොත ගගහා හිටපු විදිහ දැක්කම මට අමුත්තක් දැනුනේ..

" කවුද මේ අලුත් මූන "

" එයා මගේ යාලුවෙක් තාත්තේ.. "

" ආහ් එහෙමද !? අඳුනගමුකෝ ඉස්සරහට.. එහෙනම් කාලා බීලා එන්ජෝයි කරන්නකෝ කට්ටිය.. "

" තා..තාත්තේ අම්මා.. ? "

" ආහ් එයා තාම අපේ එහෙ සයිට් එකේ.. මම හෙට යන්න ඕනි නිසා කොලඹ ආවේ.. "

අන්කල් එහෙම කියලා යද්දි අපි කට්ටියම හිටියේ පාටි මූඩ් කැලේ ගිහින්.. මන්දා ඒක නිකන් සතුට මැද්දට ගහපු හෙනයක් වගේ..

" හරි හරි අයියලා ටික මේ කෑම ටික දැන් ප්ලේට්ස් වලට දාලා මේසෙට අරිනවද කොහොමද ? "

ජානූ ආපහු මූඩ් එක අප් කරලා පුරුදු විදිහට ගන්න ට්‍රයි කරනවා.. පව් එයා.. එයාට තේරුමක් නෑ අපේ පවුල්වල ප්‍රශ්න ගැන..

" මේ සහෙල් මේ කිට්ටුව කෙහෙල් ගහක් නැද්ද.. කෙහෙල් කොලේ දාගෙන කමුකෝ.. ට්‍රෙන්ඩ් එක ගියපු දවස් වල අපි කෑවා වගේ.. "

Daisy ( ONGOING )Where stories live. Discover now