❄️ දොළොස්වන ගෙත්තම ❄️

610 131 190
                                    

霜 - ෂිමෝ









ආ මෙන්න ඕඩිකොලෝන් බෝතලේ....

එකද ගෙනාවෙ අක්කෙ....

ම්....

මන් හිටියේ ටීවී එක දිහා කටත් ඇරගෙන බලාගෙන... අත විතරයි නෙවෙයි මගේ සර්වාන්ගෙම තුවාල වෙලා වගේ තුහින මාව පුටුවෙන් වාඩි කරවලා ඒ ඉස්සරහා තිබ්බ ස්ටූල් එකෙන් මගෙ කකුල් දෙකත් තියලා මගෙ අත සෝෆාවේ තිබ්බ පොඩි කොට්ටෙ මගෙ ඔඩොක්කුවෙන් තියලා මගෙ අත ඒ උඩින් තියලා මගේ ඔලුව අතගාලා කිව්වේ...

දැන් නම් අහස නිකන් බබෙක් වගේ අයියූ....

ම්...

මට හිනාවකුත් ගියා.. ඔයා නෙවෙයිද තුහින දැන් මාව බබෙක් ගානට දාලා බලා ගන්නෙ.. මම කියලද ඔයා මේ විදියට මට සලකන්නෙ.. ඔයාටම හිතිලා ඔයා මට මෙහෙම සලකන්නෙ... ඔයාට හිතෙනවා ඇති සමහර විට මන් තාම පොඩි බබෙක් කියලා...

ඔය විමලා ඉන්නවා නේද අනෝමක්කේ.. ඕකී මිනිහට කන්න දීලා දීලා දීලා... අනේ මන්දා ඒකී කන්නෙ නැද්ද කොහෙද... බලන්නකෝ ඇගේ හැටි.. ඇට විතරයි නෙහ්....

ම්... විමලා කිව්වෙ අර සුදු ඇදන් ඉන්න කෙල්ලද...

කෙල්ලෙක් නෙවෙයි එයා ගෑනියෙක්.. බැදලා ඉන්නෙ... බැදලා...

හරි හරි ඉතින්...

විමලගෙ බොක්ක ඩොටී...

ඈහ්...

අර නිල් ඇදන් ඉන්නේ අනේ..

ආ.. එතකොට අර කොට මිනිහා...

ඒ ඩොටීගේ සුවාමියානෙ....

කොට වැඩී නේද චූටී පුතා...

කාගෙද ගලයගෙද....

පුහ්..... කාටුන් එක බලන්නෙ මන්.. එයා විස්තර කරන්නෙ අපෙ අම්මට.. අම්මත් කකුල් අතගාන සනීපෙට වෙන්නැති හොදට පුටු ඇන්දට හේත්තු වෙලා ටීවී එක දිහා බලාගෙන තුහිනගෙ කතාව අහන් ඉන්නවා...

ඒ මේ සඳෝ....

ම්...

ඒ පාර මට කතා කරනවා.. අම්මට විස්තර කරලා ඇති වෙලාද දන්නෙ නෑ...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now