අතට ගහල තියන කැනියුලා එක නිසා අත හොලවන්නවත් බැරුව උඩුබැලි අතට නිදාගෙන උන්න මාව එක පාරටම ගැස්සිලා ගියේ කවුරු හරි මං හිටපු රූම් එකේ දොර ඇරන් ඇතුලට ආපු නිසා..මේක ප්‍රයිවට් හොස්පිටල් එකක් නිසා ඕනම වෙලාවක ඕන කෙනෙක්ට අපිව බලන්න එන්න පුලුවන්නෙ
" පැහැසර..!"
ඇවිත් හිටියෙ දනන්ජය අයියලා කියලා හිතුවට එතන හිටියෙ මං හීනෙකින් වත් බලාපොරොත්තු උන කෙනෙක් නෙවේ..
" අ-අප්පච්චි.."
" මොකක්ද දෙයියනේ මේ කරගත්තෙ.."
එහෙම කියන ගමන් අප්පච්චි ඇවිත් මගෙ ළඟින් වාඩි උනාම මං ඇදේ ඉදගන්න ට්‍රයි කලත් අත් දෙකම හොලවන්න බැරි නිසා මං එහෙම්ම හිටියා..
" මාත් එක්ක ගෙදර යමු සුදු පුතේ.."
මං දන්නවා මම මේ වෙලාවෙ මගෙ අම්මව , අප්පච්චිව බලාපොරොත්තු උනා..ඕනම දරුවෙක්ට මේ වගේ වෙලාවක තමන්ගෙ පේරන්ට්ස්ලා මතක් වෙන එක සාමාන්‍ය දෙයක්..ඒත් එදා ස්කෝලෙට ආපු දවසෙ මං අප්පච්චි එක්ක කතා නොකරපු නිසා මම හිතුවෙ ආය කිසිම දවසක අප්පච්චි මාත් එක්ක කතා කරන එකක් නැති වෙයි කියලා..
බලාගෙන ගියාම අප්පච්චි මට දීපු ආදරේ කවදාකවත් අඩුවක් කලේ නෑ..ඒත් එදා වීඩියෝ එක-
" මගෙ පුතා දන්නැති ගොඩක් දේවල් තියනවා...ඒවා හරි කාලෙට පුතාට දැනගන්න ලැබේවි..ම්ම්...අපි ඉක්මනට හොද වෙලා අපේ ගෙදර යමු..ම්ම්?!"
" එතකොට අම්මා..?"
" අම්මව තවත් අපිට අයිති නෑනෙ සුදු පුතේ.."
අහ්..මොකක්ද ඒකෙ තේරුම..අම්මව තවත් අයිති නෑ කියන්නෙ මොකක්ද..
" අන්කල්..!"
එකපාරටම දනන්ජය අයියයි ශශිකයි කෙනෙත් අයියයි රූම් එකට කඩන් ආවෙ අප්පච්චි මොකක් හරි කියන්න ගිහින් ආයෙත් ඒක නිකන් කැස්සකට පෙරලද්දි
" අන්කල් එතකොට සත්රුව එක්කන් යනවද.."
ශශිකයා ඇපල්,මිදි,පෙයාස්,දොඩම් දාපු තඩි මල්ලක් ගෙනල්ලා මේසෙන් උඩින් තියන ගමන් අප්පච්චිගෙන් ඇහුවා..
" මගේ දරුවට ආය මේ වගේ දෙයක් වෙනකන් මට බලන් ඉන්න බෑ"
අප්පච්චි එහෙම කියන ගමන් මගෙ ඔලුව අත ගෑවා..මට තේරෙන්නෙ නැහැ දැන් මෙතන කවුද හරි කවුද වැරදි...
YOU ARE READING
අසෙනි වැහි||Aseni wahi ONGOING
Non-Fictionමට ඕන කවදමහරි මේ ජීවිතේ කෙළවරක් දකිනකන්ම ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ..! - කෙනෙත් දීඝායු ( කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. මෙහි එන සියලු චරිත හා නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධතාවයක් නොමැත )