උඩ බලන විනාඩිය විතරයි. ඒ එක්කම තමන්ගේ ඉස්සරට ඇවිත් ඇතුලට එන්න කියලා කිව්ව කෙනා දැක්ක ගමන් නර්තනට අර කලින් තිබුනු සබකෝලය කොහෙන් ගියාද හොයා ගන්න බැරි වුනා.
"Good morning අංකල්..!"
ඉතින් නර්තනගේ අර දිලිසෙන කුඩු ඉස්සා වගේ හිනාව.. ඒක මනරු දිහා බලලා දුන්නම එයා කරේ නර්තනට ඇතුලට එන්න පැත්තකට වුනු එක..
"Good morning! Good morning! මෙන්න හොඳ කොල්ලෝ! මේ ළමයි උදේ නැගිටලා එක්සෑම් එකට මහනිසි වෙනවා.. ඒකට මෙහේ අය!"
කිණිහිරගේ තාත්තා කතා කරේම උපහාසයට කියන්න එයාගේ මූනේ තිබුනු හිනාව එක්ක කියන්න පුලුවන්. ඉතින් ඇතුලට ආපු ගමන් නර්තනගේ ඇස් දෙක නිලංකාර වෙලා ගියා කිව්වොත් ඒ ඉර එලියට වැටුනු සම්මාන පලිහ පේලියට තියලා තියෙන විවෘත දිග රාක්කයකින්, මොකද කිණිහිරගේ අප්පච්චි කවුද කියලා මතක් වුනු තැන නර්තන ඒ ගැන ආයේ අමුතුවෙන් පුදුම වෙන්න ගියේ නෑ.. ඉතින් මේක ධනපති පන්තියේ නිවසක් ඒක ඇත්ත.. ඒත් ගෙදර ඇතුලේ ඉන්න අය හැසිරුණු විදිහට නර්තනට කොහෙත්ම මේ පිට තෑනක් කියලා දැනුනේ නෑ..
ඉතින් සතින්ද්‍ය නම් ඇතුලට ගියපු ගමන් කරේ වතුර බොන්න දුවපු එක,
"නර්තන උදේට කාලාද ඉන්නේ?"
මැද සාලයත් එක්ක ඈදුනු දිග කිරිගරුඬ මතුපිටක් තියෙන මේසයක් වගේ එකක් ලග හිටගෙන කිණිහිරගේ අප්පච්චි, එහෙමත් නැත්තන් මාණික්‍ය ඒ ඇහුවේ අතේ තිබුනු කෝප්පය කට ලගට ගන්න ගමන්.. ඒ පෙනුමෙන් නම් තිබුනේ එයා මේ දැන් ඇහැරපු ගතියක් කිව්වොත් මේ ගෙදර මුලින්ම නැගිටලා හිටපු කෙනා හැටියට පෙනුමෙන් හිටියේ මනරු.
"කාලා ආවේ අංකල්"
"ආ ඒකට කමක් නෑ නර්තන අපි ආයේ කමු! මොකද මෙහෙ අය දැනුයි නැගිට්ටේ මේ පේනවනේ! අප්පචිලා නම් නැගිටලා පුතා අන්න තාම නිදි!"
නර්තනට හිනා නොවි බෑ. මොකද මනරු මාණික්‍යගේ පැත්තටත් උඩ තට්ටුවටත් අත දික් කර කර ඒ කියපු විදිහට සතින්ද්‍යගේ අප්පච්චිත් ඉඳගත්ත තැන ඉඳන් හිනා වෙවි පත්තරයක් අතට ගත්තා.