21. ආයු.

35 6 0
                                    

අර සිද්ධියෙන් පස්සේ මම සතියක් විතර ඉස්කෝලේ ගියේ නෑ. ඒ දවස් පහෙන් තුනක්ම අර දෙන්න ඉස්කෝලේ ගියෙත් නෑ.. ඒ දවස් තුනම යූ,සිතුම් එක්ක අපේ ගෙදර ඇවිත් මගේ හිත හද හද ඊටත් වඩා පිස්සු නට නට මාත් එක්කම හිටියා...

සජන අයියත් ඉතුරු දවස් දෙක නිවාඩු දාලා මාත් එක්කම හිටියා..

මම දන්නවා මගේ හැසිරීමෙන් ඒ අය ගොඩක් බය වුණා මමත් මිහී අයියා වගේ නරක දෙයක් කර ගනී කියලා.. ඒ නිසාම හැමවෙලාවකම වගේ මාව ටිකක්වත් තනි නොකර එයාලා මාත් එක්කම හිටියා.

ඒගෙවුන දවස් ටිකේ යූ මට මගහැරුණු නෝට්ස් ටික ඔක්කොම පිළිවෙලකට ලියලා දුන්නා..අමාරු තැන් කියලා දුන්නා...

සිතූ එයාගේ අම්මට කියලා බටු මෝජු,චිප්ස්, චිලිපේස්ට් වගේ කල් තියාගන්න පුළුවන් කෑම ගොඩක් ගෙනල්ලා මගේ ෆ්‍රිජ් එක පිරෙව්වා..

ස්ට්‍රෙස් එකට හොඳයි කියලා එක දවසක යූ මල් පැල වර්ග,cactus පැල වර්ග ගොඩක් උස්සන් ආවා.... අපි තුන්දෙනාම එකතුවෙලා එදා දවසම කරේ ඒ පැළ ටික බැල්කනි එකේ ලස්සන ලස්සන පෝච්චි ගොඩක් ගෙනත් හදපු එක.....

එදාම හවස සිතු අලුත් කෑමක් උයල දෙන්නම් කියලා නමක්වත් දන් නැති අමුතුම හැඩේක කෑමක් හදලා දුන්නා.. ඒකේ රස නිසාම අපි ඒක ඉවර වෙනකම්ම කාල දැම්මා... ඒත් ඊට පස්සේ අපි තුන්දෙනා මාරුවෙන් මාරුවට වොශ් රූම් එක බදාගෙන හිටියා...

මම යූ ගෙනත් දීපු Mandala books එක එක පාට කරන්න පටන් ගත්තා ඇත්තටම මට ඒකෙන් හිතට ලොකු සැනසීමක් දැනුනා...

ට්‍රැවල් කරන්න ආස මම පරිසරයටත් ගොඩක් ආදරේ කරන කෙනෙක්.. ඒ දේ දන්න නිසාම යූ මේ පැල හදමු කියන්න ඇති කියලා මට පස්සේ තේරුණා....

අපි පැල කරනකොට චූටියට තිබ්බ පොහොට්ටු දැන් මල් වෙලා... යූ ඒවගෙත් තෝරලා ගෙනත් තිබුනේ ළඟදිම පිපෙන්න පුළුවන් පොහොට්ටු ගොඩක් තියෙන මල් පැළ විතරයි..

මේ පැලවලට පොහොර, වතුර දදා සාත්තු කරද්දී මගේ හිත ඇත්තටම නිදහස් වුණා..

චූටි චූටි සමනල්ලු,බඹරු,ලේන්නු වගේ පොඩි පොඩි සත්තුත් එන්න ගත්තම ඒ සතුට තවත් වැඩි වුණා...

හිස් හාදු.Where stories live. Discover now