4 පරිච්ඡේදය​

30 4 14
                                    

'ඇයි අයියේ මොකද්ද අවුල?'

විනර්ඝා ඇහුවේ කලබලෙන් කෝල් එක cut කරලා මොනවා හරි හෝ ගාලා  type කර කර හිටිය අධ්‍යාෂ් දිහා බලලා.

'අපේ results out වෙලා.'

'මොකක්! එහෙනම් ඉක්මනට check කරන්න​.'

'හ්ම්'  එහෙම කිව්ව අධ්‍යාෂ් phone එකටත් හැටට හැටේ රවාගෙන තමන් රොබෝ කෙනෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ලොකු කට්ටක් කන විදිය​ දිහා විනර්ඝා බලාගෙන හිටියා.

අධ්‍යාෂුයි නෙත්මයි දෙන්නම මේ පාර උසස් පෙළ ලියලා ප්‍රථිඵල බලාපොරොත්තුවෙන් හිටියේ. දෙන්නගේම සිහිනය වෙලා තිබ්බේ කොහොම හරි කොළඹ මෙඩිකල් college තේරෙන්න​.

දැන් එයාලා දැකපු ඒ සිහිනය අතටම ඇවිල්ලා තියෙද්දීත් ඒක load නොවී කොහෙදවත් යන සිංහයෝයි පැන්ඩාලවයි තෝර තෝර තමන් රොබෝ කෙනෙක් නෙමෙයි කියලා ආයේ ආයේ ඔප්පු කර කර ඉන්න වෙච්ච​ එක ගැන අධ්‍යාෂ්ගේ නම් හිතේ තිබ්බේ කියා ගන්න බැරි තරහක්.

මේ වෙන හැම දෙයක් දිහාම බලා හිටිය විනර්ඝාගේ හිත අතුළේ තිබ්බෙත් කියා ගන්න බැරි චකිතයක්. සමහරවිට එයා ඉන්න ඇත්තේ අධ්‍යාෂ්ටත් වඩා බයෙන්.

'තාම load වුණේ නැද්ද අයියේ.' විනර්ඝා ඇහුවේ phone එකට යන්තම් එබෙමින්.

විනර්ඝා ඇහුවත් එක්කම අධ්‍යාෂ් හයියෙන් කෑගහලා phone එක විනර්ඝාගේ අතට දුන්නා.

'ම්-මේ මොකද මේ.'

'ඒක ලෝඩ් වුණා. මට බලන්න බයයි. Please can you check my results for me?' 

'මොන මල විකාරය්ක්ද මේ.' විනර්ඝා එහෙම හිතුවේ තමන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න අධ්‍යාෂ් දිහා බලලා.

'ම්-මේ මං?'

'මෙතන වෙන කවුරුත් නෑනේ අනේ ඉක්මනට check කරලා මට කියන්නකෝ.' අධ්‍යාෂ්ගේ ඇස් දෙකෙන් පෙනුනේ අහින්සක ආයාචනාවක්.

'රෙද්ද තමයි.' හිතින් හිතුවත් කටින් නොකිව්ව ඒ වචන ටිකත් අමාරුවෙන් ගිලගෙන විනර්ඝා බැලුවේ තමන්ගේ අතේ තිබ්බ phone එක දිහා. ඒකෙ screen එක තිබ්බේ off වෙලා.

තමන්ගේ නොවුණත් තමන්ගේ results check කරන්න යනවා වගේ හැගීමකින් පරිස්සමට screen එක double tap කලාම මතුවෙච්ච එක දිහා විනර්ඝා කන්න වගේ බලන් හිටියා.

✿ Blue Iris ✿ [ ongoing ]Where stories live. Discover now