..................................................................................
" මෙලීෂ මම තෝව , හිටපන් කොහෙද උඹ ඔය දුවන්නේ "
"හූ හූ ඒ චූටි පුතා ...... අල්ලයි මගේ .. නැට්ට ."
තමාට පුළුවන් උපරිමයෙන් ම කෑ ගසමින් මෙලීෂ පාසල පුරා දුවන්න පටන් ගත් අතර , ඊට නොදෙවෙනි වේගයකින් අභී ද මෙලීෂ පිටි පස්සෙන් පන්නන්න පටන් ගත්තා .
පොඩි උන් දෙන්නෙක් වගේ එකා පස්සේ පන්නන මේ ඩබල දිහා කාගෙත් අවධානයට යොමු වුනා . උදේ හොදට පීරන් ආවත් මාස ගානක් කපලා නැති නළලට වැටෙන අකීකරු කෙස් රොදත් ,
යෞවනයේ දඟකාරකම් වලින් පිරිලා තියෙන ඒ දිලිසෙන සතුටු පිරුණු ඇස් දෙකත්, ආඩම්බර කම මුසු ඒ අකීකරු බැල්මත් දකින ඕනම කෙනෙකුට තවත් පාරක් අභී දෙස බැලීමට කරන පෙළඹවීමක් .කොතැනක ගියත් ආකර්ෂණය නො අඩුව ලැබෙන ඔහු දෙසට සුපිරුදු පරිදි පාසලේ නැට්ටිච්චයන්ගේ ඇස් යොමු වෙලා තිබුනා . ඒත් අභි නම් ඔවුන් සතපහකට වත් මායිම් කලේ නැත.
යාළුවා වෙනුවෙන් ඕන ම කුජීත වැඩකට බොක්කෙන් ම වැඩ කරන , නසරාණි , කටකාර දඩබ්බර කම් වලින් පිරුනු මෙලීෂ ටද ඇත්තේ තරුණියන් ආකර්ෂණය කරන රූපයක් .
කඟවේනා වගේ දුවගෙන යන මෙලීෂ ගේ බඩ මැදෙන් අභී අල්ලා ගත්තේ මෙලීෂ වතුරෙන් ගොඩගත් මාළුවෙක් වාගේ අභිගෙන් ගැලෙවෙන්න උත්සාහ කරද්දී .
" ඒ මොකද උඹලා ගෑනියි මිනිහයි වගේ කරන්නේ ඔතන . "
ඒ ඔවුන් දෙදෙනා දෙසට එන ඔවුන්ගේම මිතුරෙක් .
" හිටපු prefect ලා දෙන්නෙක් නේද තොපි දෙන්නා ."
" හිටපු නෙවේ බන් තාමත් ඉන්නවා , උඹලා දැන් ම අපිව කපලා දෙයියනේ, අනේ වරෙන් මචෝ යන්න..."
එසේ කියමින් මෙලීෂ ඔහුවත් තමා දෙසට ඇදගත්තා ..
ඉතින් අවුරුදු 11 ක් , එකතු කරගත් ආදරණීයම මතක විතරක් හිතේ තියන් .. ඔවුන් පාසලට , යාළුවන්ට සමුදුන්නේ කණගාටුවෙන්
පාසලෙන් විතරක් නෙවෙයි දැන් මෙලීෂ ටයි අභීටයි ඔවුන්ගේ නිවෙස්වලිමුත් ටික කාලයකට ඈත් වෙන්න සිද්දවෙලා .
![](https://img.wattpad.com/cover/378928155-288-k799987.jpg)