CHAPTER 13

375 44 45
                                    

( මන් චැප්ටර් 13ට දුන්නේ ස්මට් වගේ එකක් නේ.. ඒක අයින් කරා.. ඒක මටම කියවන්න බෑ වගේ.. උඹලා කොහොම කියෙව්වද මන්දා 🙂)

" ම්ම්ම්ම්හූ "

ඇහැ කඩන් යන්න වගේ ඇහැට වැටුනු ඉර එළියත් එක්ක මන්දිනු කෙඳි‍රි ගගා එහෙ මෙහෙ පෙරලුනේ ඇස් අරින්න තිබ්බ කම්මැලි කමට...

කම්මැලි කඩන්න පූසෙක් වගේ දිගෑරුනු මන්දිනු ඈනුමකුත් යවන ගමන් බෙඩි ශීට් එකට ගුලි වුනේ හිමින් සැරේ ඇස් ඇරලා හතර වටේම ස්කෑන් කරන ගමන්...

කාමරේට ඉර එළිය එන්න හේතු වෙලා තිබුනේ එයා ඊයේ දවල් ඔත්තු බලන්න කියලා ඈත් කරපු ජනෙල් රෙද්දෙන් වෙනකොට මූන බෙරි කරගත්ත මන්දිනු කුනු කුනු ගගාම එයාට එහා පැත්තෙන් ඉන්න මනුස්සයා පැත්තට හැරුනා...

මී පැණි පාට දෙපැත්තට බෙඳුනු පපුවක් දකිනවත් එක්කම මන්දිනුගේ මූන රතු වෙන ගමන් මනමාල හිනාවක් මූන පුරා ඇදුනේ එයාගේ මතකෙට ඊයේ රෑ වුන මතක් වෙනකොට...

ඒක හීනයක්දෝ කියලා මන්දිනුට හිතුනු වාරත් නැතුවම නෙවෙයි ඉතින්...

Flashback...

ඊයේ දවල් වරුවේ එකපාරටම කඩා පැන්න මන්දිනු අදුරන්නැති ඒත් ලියාන් අදුරන ජෙසිකා ඇවිත් ලියාන්ගෙන් එයාට කැමති නැත්තේ ඇයි අරවා මේවා අහ අහ විකාර ප්‍රශ්න අහපු එකට මන්දිනුට දුක හිතුනා...

මොන දේ කලත් ගැහැණියකගේ තැන තමන්ට ලියාන්ට දෙන්න බැරි වෙයිදෝ කියන අදහස මන්දිනුගේ හිතට තදින්ම කා වැදුනා...

එයාට ඇයි මේ වගේ දේවල් වෙන්නේ.. ඇයි තමන්ගේ පස්සෙන්ම මෙච්චර ප්‍රශ්න එන්නේ කියන එක මන්දිනුට මහා වදයක් වුනා...

ඒ වගේම අනික් පැත්තට මන්දිනු තරහ ගියේ ජෙසිකා අනම් මනම් කිකියා ලියාන්ගේ කේන්තිය අවුස්සන නිසයි... පාඩුවේ ඉන්න මනුස්සයාව අවුස්සලා ආතල් එක්ක ගන්නවදෝ කියන එකත් මන්දිනු හිතෙන්න වැඩි වෙලාවක් ගියේ..

ඒ වගේම දුකයි තරහයි දෙකම එකතු වුන මන්දිනුට වැඩියෙන්ම දැනෙන්න ගත්තේ හෙනම ඉරිසියාවක්.. රුසියාවටත් වඩා ඉරිසියාව ලොකුයි කියන්න වගේ මන්දිනුව ඒකට හොඳම උදාහරණය විදිහට ගන්නත් තිබ්බා...

~The Love Restart~ (ongoing)Where stories live. Discover now