" තව දවස් තුන හතරකින් මේ කලබල සේරම ඉවර වෙයි නේද දෙව්... එතකොට ආයෙ පරණ පුරුදු විදිහටම නන්ස්ටොප් උගන්නන්න ගනීවි. සමහර විට හවස පන්තිත් දායි මේ දවස් ටිකේ මිස් වුණ ඒවා උගන්නන්න. " කැන්ටිම ඉස්සරහා ගල් බංකුවක ඉඳගෙන දුල්යානාත් එක්ක අයිස්ක්රීම් එකක් කනගමන් හිටිය දෙව්රම් කිව්වෙ කඩිගුලක් ඇවිස්සුණා වගේ ග්රවුන්ඩ් එකේ හවුස් හදන්න මහන්සි වෙන කොල්ලො කෙල්ලො දිහා බලලා. " ඔයාලට කොහොම වුණත් අපිටනම් දාන කතාවක් කිව්වා රන්දිව් අපේ සෙක්ශන් හෙඩ්. එපා වෙනවා ඉතිං උදේ ඉඳන් හවස හතර පහ වෙනකන් යුනිෆෝම් ඇඳන් ඉන්න ගියාම. ඒත් එපා වෙනවා කියලා මක් කරන්නද... " දුල්යානා කියද්දි රන්දිව් අයිස් ක්රීම් එක අතේ තියාගෙන ඇහිපිය නොහෙලා බලාගෙන හිටියෙ කෙල්ල දිහා. තමන්ගෙ හිතට හා පුරා කියලා දැනිච්ච පළවෙනි ආදරේ කොල්ලා දුල්යානාට කියන්න කියලා හිතාගෙන හිටියේ ස්පෝර්ට්මීට් එකේ අන්තිම දවසෙදි. හැබැයි නුරාන් ගැන දැනගත්තට පස්සෙ කොල්ලගෙ හිත ටිකක් හෙල්ලුණේ තමන්ට කලින් නුරාන් ඉක්මන් වෙයිද කියලා හිතිලා." මොකද පිස්සෝ මන් දිහා බලාගෙන අනිමිස ලෝචනේ කරන්නෙ, ඔය බලනවකෝ ඔයාගෙ අයිස්ක්රීම් එකත් දියවෙනවා. අද අයිස් නාගෙන තමයි යන්න වෙන්නෙ. ඕක කාලා ඉවර වුණාට පස්සෙ භාවනා කරන්න බැරියෑ මන් නම් දැන් කාලත් ඉවරයි. " තමන්ගෙ අයිස්ක්රීම් එක කාලා ඉවරවුණ දුල්යානා කිව්වෙ කටත් අතකින් පිහදාගෙන. " අහ් නෑ නෑ මට මේ දෙයක් මතක් වුණා. ගිය සෙනසුරාදා මට සිප්වින් එකේ පන්තිනේ. ඉතින් මන් උදේ පන්ති යන ගමන් ඉද්දි පාරෙදි කෙල්ලෙක්ගෙ ඇඟේ හැප්පුණා. ඒ කෙල්ල ආපහු හැරිලා බැලුවමයි දැක්කේ, කෙල්ල ඇරපු අතක් නෑ ඔයා වගේමයි දෙව්.... හරියට ඔයාගෙ කාබන් කොපියක් වගේ. මට මේ ඒක මතක් වෙලා ඔයා දිහා බලන් හිටියෙ. " රන්දිව් කියාගෙන යද්දි දුල්යානාට මතක් වුණේ එදා නදුංකි තමන් එක්ක කියපු කතාව. " සප්නා... " කොල්ලා කතාව කියල ඉවරවෙද්දි දුල්යානාට ඉබේටම වගේ කියවුණා.
" මො...මොකක්... ඔයා ඒ කෙල්ලව දන්නවද, ඒත් ඒ කොහොමද ? " දුල්යානා කියද්දි ගැස්සිලා ගිය රන්දිව් ඇහුවේ ඇස් ලොකු කරගෙන කෙල්ල දිහා බලලා. " අයියෝ නෑ නෑ රන්දිව්... මන් අහලා තියෙනවා ඒ ළමයා ගැන. මට නදුංකි කිව්වා පහුගිය දවසක. " දුල්යනා නිකටට අත තියාගෙන ඉස්සරහට බර වුණේ සප්නා ගෙ නම ඇහුණ ගමන් රන්දිව් මෙච්චර කලබල වුනේ ඇයි කියලා හිතන ගමන්. " ආ ඒකද... ඉතින් ඉතින්... නදුංකි මොනවද කිව්වේ විස්තර සප්නා ගැන. අර ඔයාලගෙ පන්තියෙ ඉන්න නුරාන්ගෙ එක්ස් ගර්ල්ෆ්රෙන්ඩ් කියලත් කිව්වද ? " රන්දිව් කටහඬ බර කරලා එහෙම අහද්දි දුල්යානාගෙ ඇහිබැමි උඩ ගියේ කොල්ලා මේ ගැන දැනගත්තේ කොහොමද කියලා හිතාගන්න බැරිව. " මොකද ළමයො මේ හොල්මනක් දැක්කා වගේ බයවෙලා, එදා මටත් ඔය කතාව කිව්වෙ නෙතිලා. මේ අහන්නකෝ දෙව්... මන් දන්නවා නුරාන් ඔයාගෙ ආදරේ ඉල්ලගෙන ඔයාගෙ පස්සෙන් එනවා කියලත්. හැබැයි මන් ඒව දැන දැනත් නොදන්නවා වගේ ඉන්නෙ ස්කෝලෙ ඇතුලෙ ප්රශ්න ඇති කරගන්න ඕනි නැති හින්දා. කොහොමත් ඔයා කවදාවත් වැරදි තීරණයක් ගන්නෙ නෑ කියලා මන් දන්නවා දෙව්... " කොල්ලා කිව්වෙ දිග හුස්මක් අරන්.
𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪𓆩♡𓆪
" අම්මෝ බං හොඳ පණ ගියා මේ ටික උස්සගෙන එන්න... මෙච්චර කට්ටක් කාලත් හොඳම හවුස් එකට එන අවෝඩ් එකවත් ගන්න බැරිවුණොත් නං වැඩක් නෑ. " අමාරුවෙන් උස්සගෙන ආපු උණ බට ටික බිමට අතෑරපු දෙව්රම් කිව්වෙ ඉහින් කනින් දාපු දාඩිය පිහදාන ගමන් ජනිත දිහා බලලා. ඉස්කෝලෙ එහාපැත්තෙ වත්තෙන් උණ ගස් කපන්න එපා කිව්ව හින්දා දෙව්රම්ලට උණ බට උස්සගෙන එන්න වුණේ සෑහෙන දුරක ඉඳන්. " හැබැයි මෙහෙමයි, එක උණ ගහෙන් දෙකෙන් ශේප් වෙන්න තිබුණා අපිට ඔහෙ පොඩි මොකක් හරි අටවගත්තනම්. උඹමනෙ කිව්වෙ නෙලුම් කුළුණ ගහමු කියලා. බලමුකො ඉතින් මේකෙන් වත් ෆස්ට් ප්ලේස් අරන් ලැජ්ජාව බැරල් එකෙන් වහගන්න පුලුවං වෙයිද කියල අපේ උන්ට. " ජනිත විහිලුවෙන් වගේ කියල දැම්මත් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේත් එල්ලෙනව වගේ පිහිටි නිවාසෙ කොල්ලො කෙල්ලො හැමෝගෙම අන්තිම බලාපොරොත්තුව වුණේ ක්රියේටිව්ම හවුස් එකට හම්බවෙන අවෝඩ් එක. වෙනස්ම විදිහෙ අයිඩියා එකක් හින්දා නෙලුම් කුළුණ හදමු කියන යෝජනාව ගෙනාවෙ දෙව්රම් හින්දා කොල්ලගෙ කර මත පැටවිලා තිබුණෙ ලොකු වගකීමක්.
" ආ දෙව්රම් අයියේ... බරටම වැඩ වගේ නේද ඔයාලා නම්. " බිමට නැමිලා උණ බට ටික ගැටගහගෙන ආව ලණුව ලිහන ගමන් හිටපු දෙව්රම් පිටිපස්ස හැරිලා බැලුවෙ කටහඬේ හුරුපුරුදු ගතියක් දැනෙද්දි. " රනූ... කොහෙද මේ යන්නෙ අද ඔයාලට උගන්නන්නෙත් නැද්ද. අපි නම් මේ උණ බට කපන්න ගිහින් දැන් ආවේ. " කළු පාට බොටමට රුහුණු හවුස් එකේ පාට වුණ දම් පාට ටීෂර්ට් ඇඳලා බීම බෝතල් දෙකකුත් අතේ තියාගෙන කොල්ලගෙ පිටිපස්සෙන් හිටගෙන හිටියේ රනුල්යායි, සහේලියි." අනේ නෑ අයියෙ අපිටත් උදේ ඉඳන් වචනයක්වත් ඉගැන්නුවෙ නෑ එකොළහ දහතුන විතරයි කිව්වනෙ මේ ටිකේ උගන්නන්නෙ. අපේ අයත් බහුතරයක් ග්රවුන්ඩ් එකේ තැන් තැන්වල තමා ඉන්නෙ හවුස් හදන වැඩ වලට උදව් කර කර. අපි මේ අපේ හවුස් එකේ වැඩ කරන අයට බීම අරන් යන ගමන්. " රනුල්යා කිව්වෙ බෝල ඇස් නටවලා හිනාවෙවී. " ඉතින් ඉතින් නංගි. කෝ අපිට බීම නැද්ද... මට නැතත් ඔයාගෙ දෙව්රම් අයියට වත් දෙන්න වටිනවා හොඳේ අඩුම ගානෙ. " ජනිත කියද්දි දෙව්රම් කොල්ලා දිහා රවලා බලද්දි ඒ කියපු කතාවට රනුල්යා ලැජ්ජාවෙන් බිම බලාගත්තා. සහේලි නම් කට කොනින් හිනාවුණේ කෙල්ලට ඇහැක් ගහලා.