අපි හිටියේ ITC Ratnadeepa එකේ Ocean Pavillion එකේ. රෙශඛ්‍ය කවදාවත් නැතුව කන එක පැත්තකින් තියලා මන් කනවා බලාගෙනම ඉන්නකොට මට කෑම ගිලෙන්නෙත් නෑ.
"ඔයා ඔහොම බලන් ඉන්නකොට මට කන්න බෑනේ ළමයෝ!" එහෙම කිව්වම
"ජීවිතේ පලවෙනි පාරට කෙනෙක් දිහා කෑම අමතක කරලා බලන් ඉන්නේ සුදු අයියේ!" කියලා ලොකු හුස්මක් පහල දැම්මම මන් මුහුද දිහා බලලා හිනා වුනත්, මුහුද දැක්කම මට ආශු මතක් වුනා.
"ඇයි අහක බලන් ඉන්නේ සුදු අයියේ?"
"අහ්? නෑ නෑ මුකුත් නෑ" මන් හිනා වුනත්,
"අයුශ් අයියව මතක් වුනාද?"
"රෙශඛ්‍ය! මට සමාවෙන්න!"
"හිතලා කරන්නේ නෑ කියලා දන්නවා!" එයා හිනා වුනත් චුට්ටක් හරි දුක හිතෙන්න ඇති. මන් මේසේ උඩ තිබ්බ එයාගේ අත ඇල්ලුවා.
"රෙශඛ්‍ය දන්නවද ආශු කිව්වා එයා මුහුද නම් මන් අහස කියලා. අහසයි මුහුදයි කවදාවත් එකතු වෙන්නේ නෑ. ඒත් අහසයි මුහුදයි එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා. මුහුද දුක දරන් ඉන්නකොට අහසේ ඉර බැස්සත්, අහසට ආයේ හඳ පායනවා කියලා. එයා දැනගෙනද නොදැගෙනද එහෙම කිව්වේ කියලා මන් දන්නේ නෑ රෙශඛ්‍ය, ඒත් මගේ අහසේ එයා කියපු හඳ ඔයා වෙන්න ඇති."
"සුදු අයියේ, මන් ඔයාගේ හඳත් වෙන්නම්, ඉරත් වෙන්නම්. ඒත් මට මුහුද වෙලා ඔයා දිහා බලාගෙන විතරක්නම් ඉන්න ඕන නෑ! මට ඒ තරම් ඉවසීමක් නම් නෑ" කියලා මගේ අත තදින් අල්ලගත්තා.
"ඔයා එහෙම වෙන්න ඕන නෑ රෙශ්ඛ්‍ය ඔයා මන් දිහා බලාගෙන විතරක් ඉන්න ඕන නෑ"
"සුදු අයියේ, මාත් එක්ක යන්න එනවද?" රෙශඛ්‍ය කී කාඩ් එකක් මේසේ උඩ තිබ්බම මගේ ඇස් දෙක ලොකු වුනා.
"ඔයාට තව කල් ඕන නම්, මට ඔයාව තේරෙනෙවා. මට, මන් හිතුවා අපි ගෙවල් වලටත් කියපු නිසා ටිකක් තනියෙන් ඉන්න පුලුවන් වෙයි කියලා"
"රෙශඛ්‍ය!"
"සොරි! It was a really bad idea! ඔයා කන්න!" රෙශඛ්‍ය මගේ අත අත ඇරලා එයාගේ පැස්ටා එක කන්න ගත්තම මන් කී කාඩ් එක අරන් නැගිටලා ගියා.
"111" මන් කී කාඩ් එකත් අරන් ලිෆ්ට් එකේ උඩට ගිහින් කාමරේත් හොයන් කී කාඩ් එක තිබ්බම දොර ඇරුනා. මුහුදට මුහුණලා තිබ්බ කාමරේ දම් පාට, කහපාට තිර රෙදි වලින් සරසලා තිබ්බේ. අවම ගෘහ භාණ්ඩ තිබුන නිසා කාමරයේ ලොකු කලබලකාරී ගතියක් තිබ්බේ නෑ. මන් ඇතුලට ආවම දොර නිකන්ම වැහුනා. මන් කවදාවත් මේ වගේ තැනකට ඇවිත් නෑ. මන් කියන්නේ මේවගේ දෙයකට ඇවිල්ලා නෑ. මගේ මූන රතු වෙනවා මටම තේරෙනකොට මන් අත් දෙක කම්මුල් වලට තියන් තද කරන් ජනේලේ ලැඟට ගිහින් තනියෙන් හිනා වෙන්න ගත්තම, දොර ඇරුනා! මගේ හදවත මහ හයියෙන් ගැහෙන්න ගත්තම මන් පපුවට අත තියන් මගේ තද නිල් පාට ශර්ට් එක යටින් තියන සුදුපාට ටීශර්ට් එක පපුව හරියෙන් අතට ගුලි කරගත්තා. මට පිටිපස්ස බලන්න ලැජ්ජයි!
YOU ARE READING
වරමාතී සුභ චරිතේ 🚫21+ | Ongoing
Non-Fiction'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....