අභී හිටියේ උදේම ස්කෝලෙට ඇවිත් හදිසි පණිවිඩේකට main gate එක ළඟ prifect කෙනෙක් හම්බෙන්න යන ගමන්. දැන් මියුරුව ගෙදර එක්කන් ඇවිත් සතියක් වෙන්න ළඟයි. ගෙවුණු සති තුනට ගොඩක් දෙවල් වෙනස් වෙලා . වෙන්න නියමිත වෙලා තිබුනු ගොඩක් දේවල් වෙලා ඉවරයි. සමහර දේවල් වෙන ගමන්. ඇත්තටම දෙයක් වෙන්න තියෙනවනම් ඒ දේ වෙනවා. ජීවිතේ කියන්නෙ හිතලා මගදි අතරින්න පුලුවන් දෙයක් නෙමේ. එහෙම අතැරියොත් එදාට අපි පරාදයි.
" ඒ....... good morning .....! අද...?
මං හිතුවෙම හෙට එයි කියලා..""නෑ බං..... මට අද එන්න ඕනී උනා.."
" ඒකට මොකෝ.... දැන් කොහොමද... ඇගට අපහසුවක් නෑනේ..."
"නෑ ... අභී.. දැන් අපහසුවක්නම් නෑ... "
"ඒක හොදයි .. වරෙන් යන්න දැන්... මට duty යන්න පරක්කු වෙනවා මම මේ අදීශයට පණිවිඩයක් දෙන්න ආවේ"
" වෙලාව 6.43 රතු ඉර වදින්න කලින් අත්සන් කරලා වරෙන් උබේ ලෙඩ අදාල නෑ අපේ හෙඩාට ..."
" සිරාවටම ... මූ මාව මැල්ලුමක් කරයි... යමං ඉක්මනට.."
"එහෙනම් duty ඉවර වෙලා clz එකේ සෙට් වෙමු ඈ.. තිසරුත් ඇති section බලන්න ගිහින් "
අභී කියපු එකට මියුරු තම්ස් අප් එකක් දීලා විනාඩි දෙකට අත්සන දාන්න ගියා. සති තුන හතරක නිවාඩුවෙන් පස්සෙ ස්කෝලේට එද්දි මියුරුට හුගක් දේවල් ඉස්සරහට ගිහින් තිබුනා. ඇත්ත..! කාලේ ආපස්සට හරවන්න අර 24 fillm එකේ වගේ ඔරලෝසුවක් තිබුණනම් ඔන්න පුලුවන්... ඒත් දැන් එහෙම එකක් නෑනේ.. ඉතින් කාලේ ගිහින් ... හැබැයි කාලෙත් එක්ක මියුරු තරමක් සුවපත් වෙලා බව එයා වටේ ඉන්න හැමෝටම දැනුනා. ඒත් එකපාරටම එහෙම වෙන්න හේතුව කවුරුත් දැනගෙන ඉදියේ නෑ.. ඇරත් හැමෝටම ඕනි උන දේ නෙමේද දැන් මේ තරමකට හරි වෙලා තියෙන්නෙ.?. ඉතින් හේතුව හොයනවට වඩා වෙලා තියන දේට සතුටු වෙලා හැමෝම නිහඬ වෙලා ඉදියා. මොකද හේතුව දැනගන්න උවමනා උනත් වචනෙකින් හරි ඒ හිත ආපහු කලබල කරන්න කවුරුත් ආස උනේ නෑ.
.
.
." එනවා.. එනවා.... දැක්කෙ නෑ වගේ ඉන්නවා හරිද..? ඔය සිරික්කිය එහෙම දාලා පාවඩ එලනවා නෙමේ මෙතනට."
"ඈ...?"
12 art section එක පැත්තට උදේම එන අයියව දැකපු නංගි මියැසිට දැක්කෙ නෑ වගේ ඉන්න අණ දෙද්දි වෙරලු ගෙඩියක් කන ගමන් පන්තියේ උලුඅස්සට හේත්තු වෙලා ඉදපු මියැසි කට ඇරියා නෙමේ ඇරුණා. කිව්වෙ මොකක්ද බලන්න හැරිලා බලද්දි මියැසි දැක්කෙ හරිම පිලිවෙලට කඩවසම් පාටට කැපිල පේන්නම හැඩවුනු ස්කෝලේ ඇදුමෙන් මේ පැත්තට එන අභී දිහා. කිව්වත් මොකෝ හැඩයි තමා. ඇත්තනේ ඒ ඇදුමේ පොඩි උනා කියලා ඉරක්වත් නෑ . ඒ සපත්තු දෙකෙන් මූණ බලන්න පුලුවන්. කොන්ඩෙ උනත් පිලිවෙලකට ස්කෝලෙට ගැලපෙන්නම තියාගෙන ඉන්නවා . මේකා සුදුයි නෙමේ රත්තරං පාටයි. පලල් උන උරහිස් බාහු එක්ක හැඩ උන ඇගට ටයි එක බැජ් එකයිත් ආවාම .... ඔව් ඔව් හැඩම හැඩයි.
"ආව්ව්.....! මොකද අප්පා....!! ටොකු අනින්නේ...?"
"ඔය කිව්ව එක කරන හැටිද.... ?එපා කිව්වම අනිත් පැත්තට ඒ පැත්තම බලන්නෙ.."
"බැලුනා ඉතින්.."
" බැලුනා ඉතින් තමා මෙන්න මෙහෙ එනව ඇතුලට... ආවොත් මෙතන බොරුවටත් කෑ ගහයි ... මල පණ්ඩිතයා.."
පිපුණි මියැසිව ඇදගෙන.. පන්තියට ඇදුනා.
" ආවොත්...?"
" ආපු දෙන්..."
"පන්තියේ ඇයි කියලා අහයි... අපි කුණු අස් කරලා ඉවර නෑනේ එලියේ..."
"...........පැහෙන්නෙ නැතුව ඉදින් මං බලාගන්නම් ඒක... දැන් මටද ඕනි උනේ උදේ පාන්දර වෙරලු කන්න ...?ආවනම් දැන් කියන විදියට ඉදිම් ...."
එලියෙ මහ ලාග ගෝටිටියයි.. උදේම මරාගන්න හදපු 6 වසරෙ පොඩි උන් දෙන්නෙක්ගෙ වලියක් විසඳනවා... අභී කෑ ගහන සද්දෙ පන්තියට ඇහෙනව...
මියැසි නිකන් බය වෙලා ඉන්නෙ හැංගිමුත්තන් සෙල්ලම් කරන්න ගිහින් දැන් හොයාගනි දැන් හොයාගනී වගේ කබඩ් එකක් අස්සක හැංගිලා ඉන්න පොඩි එකෙක් ගැහෙන ගානට . ඇත්තනේ... කෑගහන ශිෂ්‍යනායක අයියලාට එයා බයයිනේ...