63

494 55 120
                                    

"ආ...ආ..යකෝ ලමයො..මෙහෙ වරෙන් කෑම එක අරන් පලයන්!!!" පොඩී බෙරිහන් දුන්නම විද් ගේට්ටුව ගාවදි ආයි හැරිල ඇවිල්ල කෑමෙකත් අරන් පිට් කියලා අතින් පෙන්නගෙනම ආයිම ගේට්ටුවෙන් එලියට දිව්වෙ බස්එක අල්ලගන්න..දැන් ඉතින් පොඩීට ගෙනිහින් දානඑකයි ⁣ආපහු ඉස්කොලෙන් ගන්න එකයි කරන්න බැහ්..කාර් එක විකුනපු නිසා ලොකූවටයි පොඩීටයි දෙන්නටම එකක් තමා පාවිච්චි කරන්න වෙන්නෙ...

පාන්දර හයට විතර දැන්..ලොකූ හීතලකුත් නෑ...පාරෙ මිනිස්සු නැහැයි නියන්න බෑ..වැඩට යන කට්ටිය නං ඉන්නව...ලාවට ක්‍රීම්පාටක්එක්ක ලා රෝසපාටට අහස පේනවා ..විද් ගෙවල් පාරෙන් මහපාරට ආව ගමන් තඩ්හුස්මක් ගත්තෙ මූණ අහසට අල්ලල....අම්මෝහ්..දැනෙන සනීපෙ...ඉස්කොලෙ යුනිෆෝම් එකත් ගහගෙන මේ විදියට පුක කැඩිලා වගේ ටවුමෙ රස්තියාදු වෙවී ඉස්කොලෙ යන කාලෙ තමා පට්ට...නගින්න නගින්න..........අ කියලා බෙරිහන් දීගෙන ආව බස් එකක ෆුට් බෝඩ් එකෙත් එල්ලිලා බස් එකකට නැගගත්තා විද්..අම්මොහ් උදේට මේවා ෆුල්...අහවල් පාසලේ විද් අඳුනන දෙතුන් දෙනෙකුත් හිටියා පිටිපස්සෙම ශීට් එකේ..විදා බෑග් එකත් උන් ටිකට දීලා ශේපෙ කදයක් දාගෙන ඇවිල්ල ඉස්කොලෙ ගාවි්න් බැස්සෙ අරුන් ටිකටත් විසිල් එකක් ගහන්..

"අද ඇවිල්ල හිටියොත් හොඳයි..ඉබල මරනව මං ඕකව!!!!" විද් උටම මුමුනගෙන සිකුරුටි අකල්ට හිනාවක් දාගෙන එන්න ආව...ශකීයා ගැන බලන්නත් ඕනී..උ ඉස්කොලෙ නං ආවා කිව්වා..නුරා වෙච්ච සීන් එක විද්ට කිව්වා..පොඩීගෙ පැත්තෙනුයි ශකීගෙ පැත්තෙනුයි දෙකෙන්ම දෙන්නා හැසිරෙන විදි ඇහෙද්දි...දකිද්දි..විද්ට හෙන දුකයි..පොඩීටයී...ශකීටයි මහ ලොකු කාලයක් එකට ඉන්න උනෙත් නෑ..ලඟක හිටිය නං අර ගොං වහන්සෙ⁣ව කකුල් දෙකෙන් උස්සල කරකවන්න තිබ්බා..යකො ලව් කරන උන් කවද්ද ෆෝන් එකට ලොක් එකක් නොදා ඉන්නෙ!!!!

"අඩෝ බොසා කාලෙකින් වුත්තෝ....!!!!" විදා ග්‍රව්න්ඩ් එකට අඩිය තියද්දිම වගේ කලවා වල බාගයක්  වෙනකන් කොට ශෝටක් ගහගෙන ස්පයිස් දෙකක් (අර ඇත්ලටික් කරන අය දාන්නෙ යටට කටු කටු තියන සපත්තු ) දාගෙන අවියා ග්‍රව්න්ඩ් එක වටේ හිමි හිමිට දුවනව...ඌ දුවන එක මගදාලා ඇවිල්ල දාඩිය පිටිම්ම විදාගෙ කරට අතක් දාගත්තෙ අනික් අත ඉනට තියන් හුස්මක් අරගෙන...

කබඩිWhere stories live. Discover now