19

44 6 29
                                    

Yuwedh's PoV

මැණිකක් රකිනා නා රජිඳෙක් සේ මට මේ වන්නියා රකින්න උනානෙ හත්තික්කෙ!

දැන් මම නා රජා නම් ඌ නාග මාණික්‍යද නාග කන්‍යාවි ද? දැවෙන ප්‍රශ්න කියන්නෙ මෙව්වටනෙ!

ඔහොම විහිලු කරාට දවල් සිදුවීමෙන් පස්සෙ වන්‍ය කියන නමට මගෙ හිතේ ඇඳිලා තිබ්බ රූපය තනිකර කණපිටම පෙරලුනා. නොමේරු, හීතල අහංකාර චරිතෙ හොයාගන්නවත් නැති ගානට මැකිලා ගිහින් එතන අලුතෙන් ඇඳිලා තිබුනෙ ඉරිලා ගිය හදවතක් පැලැස්තර වලින් අලවගෙන පණ ගස්සන්න උත්සාහ කරන දරාගැනීමේ ප්‍රතිමූර්තියක්.

ඔහොම හිතද්දි මේ මඟුල් හාට්ටුව ලබ් ඩබ් නෙමෙයි වන්‍ය වන්‍ය කියලා ගැහෙනවා වගෙනෙ අප්පච්චි!

"කෝ මෙහෙ වරෙන්, උණ නෑනෙ දැන්? එහෙනම් රූම් එකට ගියා, පාඩම් කරා, නිදාගත්තා හරි වන්නි? පාලු නම් කෝල් කරපන්, මං ගියා."

සුදු මහත්තයාව හවස බෝඩිමට දාලා එන්න ආවට දවසම මේක එක්ක ඉඳලා දැන් මට පාලුයි පාලුයි වගේ. මේ වන්නි තාපසයාට වෙන වැඩ නැතුවද මංදා මගෙ හිතටම ඇවිත් සක්මන් භාවනා කරන්නෙ! මොනා කරන්නද පන්සල් වගේ හිත් තියෙනකොට ඔහොම තමයි ඉතින් තාපසයො වඩිනවා.

"පොඩ්ඩා උඹට බාරදීලා යන්නෙ හරි? වැස්සත් නැතත් ඇහැගහගෙන ඉඳපන් ඌට ඩිස්ටර්බ් නොවෙන්න. කරුමෙට හරි වැස්සොත් ජනේලයක්වත් ඇරලා තියපන් මං මෙහෙ එනවා."

මං කිසාට කිව්වෙ හිතේ තිබ්බ බයටම. වන්‍යගෙ කන්ඩිෂන් එකත් එක්ක මට ඌව පෙණුනෙම හරිම බිඳෙනසුළු කෙනෙක් හැටියට. එකම තත්පරයට මූව අතෑරියොත් ඌව බිම වැටිලා බිඳිලා විනාස වෙලා යයි වගේ හැඟීමක් මගේ හිතේ හොල්මන් කරත් මට විසිහතර පැයේම ඌ ලඟින් ඉන්න දැනට පුලුවන් කමක් තිබුණේ නෑ. ඊළඟට හොඳම ඔප්ෂන් එක උනේ කිසා. අපි ඉස්සරහා මඟුල් නැටුවට ඕකාට වගකීමක් දීලා බලන්නම ඕනෙ ගැම්ම!

"උඹ යකෝ දවසක මගෙ බෙල්ලත් ගහලා යනවා උඹෙ ඉලව් වලට සපෝට් කරන්න ගිහිම්. කේනාට  සිරාවට තනිකම් දෝසෙද බං කියන්නත් වගේ?"

"ඔව් ඔව් ඌට අරක් ගත්ත දිෂ්ටිය ළඟ නැති උනාම ඌට තනිකම් දෝසෙ හැදෙනවා. හොඳ හිතින් ඕකා බලාගනින් කිසෝ නැත්තන් සීනිගම දේවාලෙට ගිහින් ජීවිතේට කෙල්ලක් සෙට් නොවේවා කියලා පොල් ගහනවා මං තොට!"

පැලැස්තර -The Heart's Refuge [Ongoing]Where stories live. Discover now