• 18 කොටස •

157 46 86
                                    

" ඈ බොල යෝධයෝ උබ ඔය කොරන වැඩේ හරිද මං අහන්නේ .. ?? තෝ මගේ මේ දුප්පත් කඩ මණ්ඩියට පය තිබ්බොතින් කොරන්නෙම පැණි විස්කෝතු හොර බිල්ලා වගේ ගිලින එක .. කවුද කියාපන් දැන් මේවට කාසි ගෙවන්නේ .. ?? "

" මම චේතු මහා අධිකාරම් නිලමේ තුමාගේ දාසියා .. කාසි අධිකාරම් නිලමේ තුමාගෙන් ඉල්ල ගන්න .. "

" ඔහෙප් පලයන් .. !! නාඩගම් කොර කොර ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක කරක් ගහන මූව අධිකාරම් නිලමේ කොලේ උබේ අප්පොච්චද .. ?? "

සුපුරුදු පරිදි සීමන් ගේ කඩ මණ්ඩියෙන් හොරාට පැණි විස්කෝත්තු ගිලින්නට වුනු කාලව සීමන් අතටම අල්ල ගත්තා . නමුත් සීමන් කාල ගෙන් කාසි ඉල්ලනා විට කාල කියූ කතාවට සීමන් තරමක් නොරිස්සුම් බවක් මවා ගත්තා . ඊට එහායින් ඇතින් ලී බංකුව මත හිදන් චේතු ඉගුරු දැමූ වැඩි කහට කෝප්පයක් තොල ගාන්නට උනා . කාල ගෙත් සීමන් ගෙත් කතා බස් නිසාම චේතු ගෙහි තොල් අද්දර ඇදි තිබුනේ තරමක් කුමුදු මල්මය බවක් .

" මගේ චේතුව උබලට නිකන්ම එකෙක් උනාට .. ඒකා මට නිලමේ කෙනෙක් .. දස මහා නිධානේ ඕකගේ ඇද යට තියෙන්නේ .. කාසි චේතු නිලමේ ගෙන් ඉල්ල ගන්න .. "

කාල හිමින් සීරුවේ තමා ගෙහි අතෙහි රැදී තිබුනු පැණි විස්කෝතු බෝතලය කඩ මණ්ඩියෙහි ඇති කණ්ඩිය මතින් තබමින් හිමින් සීරුවේ ලිස්සා යෑමට උත්සාහ කලද මෙතරම් වේලාවක් කාල ගෙත් සීමන් ගෙත් කතා බහට කන් යොමානව උන් චේතු තමා ගෙහි අතෙහි රැදී තිබුනු ඉගුරු කහට කෝප්පය ලී බංකුව මත තබමින් කාල ගෙහි අත් ගොබයකින් අල්ලා ගෙන කාලව දැඩි ග්‍රහණයකට ඈදා ගත් චේතු කාල ගෙහි මග හරස් කලා .

" කොහෙද කියාපන් ඔය හීන් නූලා වගේ ලිස්සලා යන්න හදන්නේ .. ?? සීමන් මාමගේ කඩේට උබ නිසා උනු පාඩුවට කාසි ගෙවන්නේ සක්කරයද .. ?? "

" ඇයි උබ ඉන්නේ .. ?? "

" අහ් එහෙමද .. ?? ඒත් මගේ ලග කාසි නැහැ උබ හොරාට කාපුවට ගෙවන්න .. ඒක හන්දා උබ හොරෙන් කාපුවට හරියන්න සීමන් මාමගේ කඩ මණ්ඩියෙ වැඩ රාජකාරි කරන්න උබ අත් උදව්වට ඉන්න ඕනේ .. !! "

" මං මොන අහවල් එහෙකටද එක එකාගේ වැඩ කරන්නේ .. ?? "

" උබම කලින් කිව්වා නේද .. උබ චේතු මහා අධිකාරම් නිලමේ තුමාගේ දාසියා කියලා .. එහෙනම් මේ චේතු නිලමේ තුමාගේ අණ අහක දාන්න උබට බැහැ .. "

කාල ( 𝐊𝐀𝐀𝐋𝐀 ) 𝐓𝐊 Where stories live. Discover now