නන නන නා...
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයි ද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයි ද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්දෑස් වසා (දෑස් වසා)
කඳුලු සලා (කඳුලු සලා)
දෑස් වලින් (දෑස් වලින්)
සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්)
කතා කලා (කතා කලා)
ඔබ යනවා (ඔබ යනවා)
සුවඳතියා (සුවඳතියා).......නවත්තපන් නවත්තපන් .........
ඩෙස් එකත් කවකටු පෙට්ටියත් සංගීත භාන්ඩ කර ගත්ත කොල්ලො සෙට් එක .ටිකකට ඒවට නිදහස දුන්නේ
.නැට්ට කැඩිච්චි හූනෙක් වගෙ ජවනිකාවක් රගදක් වන ප්‍රවීන්ගේ බෙරිහන්දීමට මුලු පන්තියම ඇස් යවන ගමන් ..ඇයි යකෝ
නින්ද නොයයි තමා පිනා මේ පැත්තට එනව යකෝ...ඉදගනියව් ...
හප්පට.....
'පලයන් එහාට"
අඩො කකුල ."සපත්තුව මගෙ සපත්තුව කොයි යකෝව් ? ....
පොතක් දීහන් ඉක්මනට..
පන්තිය තිබ්බටටත් වඩා සද්දයි .කටහඩවල් වලින් නම් නෙවේ ඩෙස් එහේට මෙහෙට ඇද්ද සද්ද වලින්මයි...පනිවිඩේ කිව්ව එකා කොහෙද කියලා හොයන්න නැ රොත්තට හිටපු උන් ඔක්කොම තැන් තැන්වල ..මොකුත් නොවුන ගානට පූස් පැටව් ටිකක් වගේ .සමහරක් පොතුත් කියවනවා ..
මේ සිද්ධි අස්සෙත් කිසිම හැලහොල්මනක් නැතුව හිටිය තැනම පිලිමයක් වගේ හිටිය ඒ කොල්ලා ගෙ ඇස් ගිහින් තිබුනේ නවකතා පොතක ට .
"හැබැයි ඒ පිටුව පෙරලලාම දැන් පැයකටත් වැඩියි.."අවසානම පෝලිමේ හිටිය ඒ චරිතේ කොටින්ම කිව්වොත් ඉටි රූපයක් වගේ .අහිංසක පාටයි ඕන කෙනෙක්ගෙ ඇස් හොරකම් කරගන්න තරම් .හරි කඩවසම් වගේම හැඩ ගතක් තියෙන කොල්ලෙක් කිව්වොත් හරි ..එකම අවුලකට තියෙන්නෙ
ලිනාල් හිරන්ත කියන්නෙ ..මේ වෙද්දි මානසික රෝගියෙක් .පේන්න තරම් අවුලක් නොතිබුනාට ලිනාල්ට තිබ්බ පොඩි ලොකුකමත් නිසාම "පිස්සා "කියන ලේබල් එක ලැබුනෙ මුල් කාලෙ ඉදන්මයි .
ඒහින්දම ලිනාල් කරේ පන්තියෙ කොනකට වෙච්චි එක වෙද්දී කතාකරේ උවමනා ම දේකට විතරයි ඒකත් ඇහෙන නෑහෙන ගානට ,ඒත් හැමෝම එක්කත් එහෙම නැ.තෝරාගත් පිරිසකටම විතරයි .
"උබලා මෙතන බයිලා ගහනවා මක් දැක්කෙ නැ කියලා හිටුවද අහරෙට සද්දෙ ඇහුනා.
" ප්‍රින්සිපල් පන්තිය පැත්තට එනව දැක්කට පෙර පිනකටද මන්දා . බොසා ආවෙ නැ .
ඒත් ඒ වෙනුවට ආවෙ sectional head වෙද්දි ප්‍රින්සිපල් ආවනම් හොදයි කියලා හැම මූනම වගේ හැගීම් ප්‍රකාශය ක් කරා ..මොකද section head කියන්නෙ එසේමෙසේ ඩයල් එකක් නෙවේ කියලා කොල්ලො ඔක්කොම දන්න නිසා
.
ඒ ඕයි මං මෙතන කතා කරද්දි උබ මෙතන වෙනම කතාවක් ද ..නැගිටපන් විගහට ..ඇගිල්ල දික්වුනේ අවසන් පොලිමට කලින් පෝලිමට වෙද්දි .එතන කියව කියව හිටියේ .
ප්‍රවින් වෙද්දි ..ඌ නැගිට්ටේ පන්තියෙන් එලිය බලන්
"අවසාන මොහොත මාගේ "කියල තාලෙට ම කියද්දි වටේ උන්ගෙ කටවල් අතින් වැහුනේ හිනාව කියන්නෙම මේ වෙලාවෙදි තහනම් දෙයක් කියලා හැමෝම දන්න නිසා මයි.මොනාද කියන්නෙ??
මුකුත් නැ සර් ..(ගොනා ..ආයෙත් හෙමින් මිමිනුවා ) කොහෙද කන් ඇහෙන්නෙත් අඩු වෙන්නේ .හොඳ වෙලාවට maths උගන්නන්නෙ බැරි වෙලාවත් bio එහෙම උගන්නව්වනම් මොන දෙයියන්ට කියන්න ද කියලා හිතනින් ගමන්ම උත්තර දුන්නා .
ගිහින් උබලගෙ මැඩම් ට එන්න කියහන්
.ලැබ් එකේ ඇති ..ඉන්න තැන කියන්නත් කලින්ම ගමනට මගුල් කකුල තියලා ගමන ප්‍රවීන් පටන් ගෙනත් ඉවරයි ..
" ඔය වට්ටක්කෙ පද්ද පද්ද යන්නෙ නැතුව අඩිය තියලා පලයන්"
නක්කල් හිනාවක් දාගෙනම ප්‍රවීන් එලියට ගියෙ යටි හිතින් සර් කාරයාට බයින ගමන්මයි
"මගෙ පස්ස තමා මුන්ට දැන් ප්‍රස්නේ.ලස්සනට තියෙන එකටනේ මුන් මේ ඇද කොරන්නෙ .උන්ට නැ කියලා මං මොනා කරන්නද ඉතින්.."
එච්චරමයි හිතුනෙ මොකද ප්‍රවීන්ගෙ ඇස් එකපාර්ටම ගියෙ පන්තිය ඉස්සරහ හිටගෙන සමවයස් පිරිම් ලමයෙක්ටයි ,එයාගෙ භාරකාරයාටයි වෙද්දි හිනාවක් දාගෙනම ඔලුව ඒ පැත්තටම හරවගෙන ටිකක් එහායින් තිබ්බ ලැබ් එකට යන්න පඩිපෙලත් නැගෙගන ගියෙ පුළුවන් තරම් වේගෙන් පොලොවට අඩිය තියනින් ගමන්....
ජිනාරා මැඩම් , ජනක සර් පන්තියට එන්න කිව්වා ...
"ආහ්. ඒ පාර උබලා මොකක්ද කරපු වැරැද්ද?