" Good morning ශාන්...අද නම් වැඩ ගොඩක් තියනව...අලුත් ලිප්ස්ටික් එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි...ඒකේ ඇඩ්වර්ටීස්ට්මන්ට් වැඩ අපි පටන්ගන්න ඕන කොල්ලෝ..."ශාන් කාර්යාලයට ඇතුළු වෙද්දීම යැන්ග් කීවේය....
" හ්ම්ම්ම්...ඕකේ....සාමාන්‍යයෙන් ඇඩ්වර්ටීස්ට්මන්ට් වැඩ කොහොමද වෙන්නේ..."
" media එකෙන් ප්ලෑන් එකක් කියනවා...අපි ඒකේ අඩුපාඩු තියනවනම් හරි වෙනස්කම් වෙන්න ඕන දේවල් හරි දැනුම් දුන්නම එයාලා අන්තිම ප්ලෑන් එක හදනවා..."
" හ්ම්ම්ම්..එහෙනම් media එකට inform කරන්න...පපාත් එනව කිව්වා අද...හවස් වෙද්දි අපිට ඕන කියන්න..."
" ඕකේ " යැන්ග් එසැණින් මීඩියා ඒකකයට ඇමතුමක් ගෙන දැනුම් දුන්නේය...
" අහ් මේ ගගා...."
" ඕඕ? "
" අර පිස්සු කේස් එකටත් කියල තියනව පොඩ්ඩක්...ඇඩ්වර්ටීස්ට්මන්ට් වල පොර ඉඳල තියනව.." ශාන් කීවේ එතරම් වේලා තිබූ බරපතළ මුහුණට මනමාල හිනාවක් ආරූඪ කරගනිමින් ශාන් කියද්දී යැන්ග් දමාගෙන සිටි කණ්ණාඩිය පහත් කර ශාන් දෙස බැලුවේ තරවටු බැල්මකිනි...
" මේක නම් හරියන් නෑ කොල්ලෝ....මට කියපං උඹ මොකක්ද කරන්න ලෑස්ති කියලා...."
" අයියෝ ඉතිං සුදුස්සාට සුදුසු තැන දෙනව මං මේ..."
" ඇත්තට...... වෙන සුදුස්සො ඔහොම හුරතල් කරල නෑනෙ..... කියපං මට...." යැන්ග් සහෝදර බලතල භාවිතා කරමින් ඇසුවේය...
" හරි හරි අප්පා...උසාවිය වගේනෙ ඔයත් ඉතිං..." ශාන් කටත් ඇදකරමින් කියද්දී යැන්ග් බුරුලක් නොපෙන්වමින් බලාසිටියේය....
" මෙහෙමයි ඉතිං...දන්නැද්ද මේ...චූටි එකක් හිතිල ඉන්නෙ ඉතිං...."
" මොන චූටි එකක්? "
" හරි හරි ඉතිං......කටු අත්ත වගේ එල්ලෙද්දී මරු අප්පා...පොඩි එකෙක් වගේ..."
" යකෝ උඹනෙ මෙතන පොඩි එකා..."
" අනේ ගගා ඉන්නවකො අප්පා කට වහගෙන....එයා මට පොඩි.... අයියෝ පොඩි සපෝට් එකක් දෙනවකො ඕයි..."
" දැන් ඔය සිරාවටමද කියන්නෙ...නැත්තන් නිකං ට්‍රයි කරල බලන්නද..."
" යකෝ ගගා...එහෙම නෑ ඕයි...මෙච්චර කාලෙකට ඉඳල තියනවද අප්ප මට....පලවෙනියට හිතුන එක.. " ශාන් පොඩි එකෙක් මෙන් කෑගසද්දී යැන්ග්ට සිනා පහළ වුනේ මෙතරම් කලක් නොදුටු ශාන්ගේ ආදරවන්තයා චරිතය එළියට එද්දීය....
" හා හා..හැබැයි කොල්ලො ලේසි වෙන එකක් නෑ ඈ...කොල්ල ඉන්නෙම උඹත් එක්ක ගේමටමයි..."
" ඒක තමා සප් එකක් දෙන්න කියන්නේ..."
" හැබැයි ශාන්...අමතක කරන්න එපා උඹට කලින්ම ජෝඩු කරපු එවුනුත් ඉන්නව කියලා..." එවර නම් යැන්ග් කීවේ තරමක් බරපතළ ස්වරයකිනි...
" මට හිතෙන් නැත්තන් මං මොනව කරන්නද බං..... ඒ කාලෙ නම් මෙහෙම ඒව හිතිල නැති නිසා ඕන එකක් කියල හිත හදාගෙන හිටියා...දැන් නම් බෑ ගගා...." ශාන් කීවේද කළකිරීමෙනි ......
" හ්ම්ම්ම්..බලමුකො.....ඔක්කෝටම කලින් ඒක කැමති වෙන්න එපැයි..." යැන්ග් කීවේය....
.............................................
" අර අර ඒකි බලනව ඕයි..."
" පොඩ්ඩක් ඉඳපංකො කෑගහන්නැතුව...."
" යකෝ හිනා වෙයන් පොඩ්ඩක්....යිබා..."
" හිටපං යකෝ...තොපි කෑගහද්දි ඒකි බය වෙයි..."
" යකෝ....හායි කියල වත් කියපං අර ඒකි බල බල ඉන්නව..."
" හාය්- "
යිබෝ චෙන් සහ කායි සමඟ මේ කැන්ටිමට යන අතරේය....ඔවුන් මේ කතා වන්නේ කලක සිට යිබෝ දෙස බලා ඉඟිබිඟි පාන කෙල්ලෙක් ගැනයි...පෙනුමෙන් ඇය සුන්දර තරුණියකි....නිෂ්පාදන අංශයේ නවක සේවිකාවක් වන ඇය ඔවුන්ට හමු වන්නේ බොහෝ විට කෑමට එන විට පමණි....තවමත් එක් වරක්වත් යිබෝ ඇය සමඟ කතා කර නැති වූවාට ඔහුද ඇයව අවුස්සන්නේ අනෙක් දෙදෙනාද සමඟ එකතුවයි.. චෙන්ගේ කීමට හායි කියන්නට ගිය යිබෝට එය කියා අවසන් කරන්නට නොහැකි වූයේ ඉදිරියෙන් පැමිණි කාගේ හෝ පපුවක හොඳහැටි මුහුණ ඇනගත් නිසාය....
" ආව්ව්..." නහයත් අතගාමින් යිබෝ හිස ඔසවා බලද්දී දුටුවේ තමන් දෙසත් ඊට මඳක් දුරින් සිටින තරුණිය දෙසත් මාරුවෙන් මාරුවට සිහින් කරගත් දෑසින් බලන ආයතන ප්‍රධානියායි...
" රිදුනා.." යිබෝ රවාගෙන නහත් හකුලාගනිමින් කීවේය....
" උඩ බලාගෙන ගියාම ඕක වෙනවා...කවුද ඒ " ශාන් ඇසුවේ කුතුහලයෙනි....