Episode 27

579 17 12
                                    

වාහනේ නතර කරාට පස්සේ අයියා මගේ අතින් ඇද්දේ මම එයා දිහා බලද්දී


"බබී ඔයාට sure ද"

එහෙම අහලා...


"ඔව් අයියා... මේක මම කරන්නම ඕනි දෙයක්"


මම වාහනෙන් බැහැල ඇවිදගෙන ගියේ ගේ ඇතුලට...


ඇන්ටි මාව දැකල බය උනා... හ්ම්ම්... එහෙම වෙන්න එපැයි... ලොකු හුස්මක් අරගෙන ඇතුලට ගියේ ඇස්වල කඳුළු පිරෙන්න එපා කියලා හිතාගෙන


"දුව මෙහෙ"

"තේ...ව් ඉන්නවද ඇන්ටි.."


"ආ... ඉන්න"


"පුතා... මේ දුව ඇවිල්ලා..."


මට ඇහුනේ අඩි සද්ද ගොඩක්.. ඔලුව උස්සලා බැලුවේ ඒකයි...


"ආ නංගී... කොහොමද ඉතින්"

අවී අයියා එහෙම කියාගෙන ආවේ මගේ පැත්තට... මන් මුකුත් කිව්වේ නෑ... මෙච්චර දෙයක් වෙලා කොහොමද කියලා අහද්දී වෙන වෙලාවක වගේ නම් හොඳ දෙයක් කියනවා... ඒත් කියන්න තරම් මානසික මට්ටමක‍ නෙමෙයි මම ඉන්නේ...


"මොකටද මාව හොයාගෙන ආවේ"

ඒ ගාම්භීර කටහඬ ඇහුනේ මට ඉස්සරහින්... නිකමට වගේ මම එයා දිහා බැලුවේ... දෙයියනේ එයා ලෙඩ වෙලාද.. මූණ සුදු මැළි වෙලා... මගේ ඇස් ඒ මූණ පුරාම ගියේ කලබලේ...


"මූණ දිහා බලාගෙන ඉන්නද මට කතා කරේ..."


මාව ගැස්සුනා...


"මන් ආවේ...අ..න්.ති.ම පාරට ඔයාව බලලා ය..න්..නහ්..."


එයාගෙ ඇස් ගැස්සුනා... සමහර විට එයා දැන් වෙන්න ඕනි මගේ කොන්ඩේ දැක්කේ... එයා බැලුවේ මගේ කොන්ඩේ දිහා... ලොකු දුකකින් මන් දිහා බලාගෙන ඉන්නවා...


එයා ගාවට ගිහිල්ලා මම දුන්නෙ පොඩි කවරයක්... එයා පුදුමෙන් වගේ ඒක ගත්තා...

"ම..ම මම ය..න්..න..ම්"

එයා මගේ ඇස් දිහා බලාගෙන හිටියේ අමුතුම දුකකින්... තේරෙන්නේ නෑ මට... ඒත් එකම එක පාරක් එයාව තුරුලු කරගන්න හිතුනා මට... ඒත් එයා මාව එයාගෙ හිතින්ම අයින් කරලා නම් තේරුමක් නෑ...


          

"දුව කොහේ හරි යන ගමන් වගේ..."

අංකල් ඇහුවේ මගේ ඔලුව අතගාන ගමන්.. මට ලොකු හුස්මක් පිට උනා...


"ඔව් අංකල්... ම..ම මම අද Australia යනවා..."


අංකල් මුකුත් කිව්වේ නෑ...


"මන් යන්නම් අංකල්"

"යන්නම් නෙමේ දුව ගිහින් එන්නම් කියන්න"


මට හිනාවක් ගියා.. දන්නවා ඒක මන් ගැනම අනුකම්පාවෙන් ඇති උන හිනාවක්...


"ම..ම මම ආයේ එන ගමනක් නෙමෙයි අංකල් යන්නේ"


එහෙම්මම මම ඇන්ටිටයි අංකල්ටයි වැඳල, යන්න පිටත් උනා...



අන්තිම පාරට මම තේව් දිහා හැරිලා බැලුවා... අදහන්න එයා මන් දිහා බලාගෙන ඉන්නවා...ඇස්වල කඳුලු පිරෙන්න මහා වෙලාවක් ගියේ නෑ...  විනාඩි ගාණක් ඒ ඇස්වල අතරමං වෙලා හිටිය මම අහක බලාගත්තා...

'එකම එක පාරක් ඔය කටින් කියන්න තේව් යන්න එපා කියලා එතකොට හැමදේම අමතක කරලා ළඟට එන්නම්...'

කාර් එකට නගිනකන් චූටිම චූටි බලාපොරොත්තුවක් තිබ්බා එයා මාව නතර කරගනී කියලා...ඒත් කාර් එකට නැගල යනකම් එයා එලියට ආවේවත්  නෑ..


'ඔයා හිතනවද අර වගේ දාලා ගිය කොල්ලා ආයේ තමුසෙට යන්න එපා කියයි කියලා'


මගේම හිත මට නෝන්ඩියට හිනා වෙනවා.. මම කොහොමද එහෙම හිතුවේ වත්...


අපි flight එකට නැග්ගට පස්සේ මතක් කරේ එයා එක්ක ගෙවුණු ලස්සන මතකයන්... ඒත් එක්කම මතක් උනේ එයාට දුන්න කවරෙ මම ලිව්ව දේ...

'ඔයා හරි තේව්... දවසක් කිව්ව නේද මට මාව අමතක වෙන තරමට ආදරේ කරනවා කියලා...ඔව්... ඒක හරි... ඔයා මට මාව අමතක වෙන්න ආදරේ කරා... ඒක නිසා මට, මම කව්ද කියලා අමතක උනා තේව්... මම මහා අවාසනාවන්ත කෙල්ලෙක් කියල මට අමතක උනා... ආදරේ කියන දේ උරුම නැති කෙල්ලෙක් කියල අමතක උනා තේව්... ඔයාගෙ මතක කවදාවත් මට අමතක කරන්න බැරි වෙයි... ඒ මතක සමහර විට සුන්දර හීනයක් වෙන්න ඇති... කමක් නෑ... ඔයාගෙ සතුට තියෙන්නෙ එයා ගාව නම් බලෙන් මැද්දට පැනලා ඒ ආදරේ විනාශ කරන්න තරම් නපුරු කෙල්ලෙක් නෙමේ මම... මම මගේ ආදරේ එයාට පරිත්‍යාග කරන්නම්... ඒත් ඇයි මාව මෙහෙම මගින් අතෑරලා දැම්මේ... අම්මයි තාත්තයි වගේ ඔයත් ඇයි මට එහෙම කරේ... කමක් නෑ... මම ඔයාට ඇත්තටම ගොඩක් ආදරෙයි තේව්... ඒ ආදරේ මාව ජීවත් කරවයි...හැමදේටම ගොඩක් ස්තුතියි... දෙන්නටම සුබ පතනවා...

ආදරේ සොයාWhere stories live. Discover now