'මයුර අයියේ...' වටපිටාවේ හිටපු කිසිම කෙනෙක්ව හුළං පොදකට මායිම් නොකරපු එයාට මන් කතා කරේ එයාගේ ආපිට වචනයක් බලාපොරොත්තු නොවී.හවස හයට විතර දැනෙන අමුතු සීතල සුළගත් ඇග වටේ දැවටෙද්දි එයාගේ ඒ සීතල හැසිරීම මට මතක් කරේ අමාවක..... 'කියන්න...' ඒ ඇස් මගේ දිහාවට හැරිලා නැවතුනේ අවුරුදු කිහිපයක ඉදන් කියන්න හදන අමුතු කතාවේ පෙරවදන අදත් මට ඇස් වලින් පෙන්නලා.ඒ දුඹුරු පාට ඇස් හරියට කෝපි කෝප්පයක් වගේ.එයාගේ ඒ ඇස්..එයාගේ ඒ හැසිරීම මාව එයාට ඇදගෙන තිබුනා... -සහින සෙහස්නර