දහ අටවන ස්වරය ♥ 🔞

888 30 12
                                    

"ප්‍රේමය සඳ එලියක් සේ ගලා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මන්
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වලාවන් දවයි කියා

ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මන්
මෙවන් චන්ඩ මාරුතයක් සේ
හැඟිම් පියාපත් සිඳී කියා "

ක්ලාස් එකට උදේම ඇවිත් පිටිපස්සෙම බෙන්ච් එකේ වාඩිවෙලා හෑන්ඩ්ෆ්‍රී ගහගෙන දීපිකා ප්‍රියදර්ශනීගෙ කටහඬ එක්ක කොහෙදෝ අතරමන් වෙලා උන්නු මාව භූමිකම්පාවකට අහුවුනා.

යකෝ මාව අන්දමන්ද වෙලා ගියා...මාව කිඩ්නැප් කරලා අන්දමන් දූපත් වලට චොපර් එකෙන් ගෙනියලා සීශෙල්ස් වලට ගුවනෙ ඉඳන් අතෑරියා වගේ වැඩක් මට වුනේ.

දෙයියනේ කියලා ඇස් දෙක ඇරලා බලද්දි තමන් හැමදාම සිල්ගද්දි හේත්තු වෙන බන මඩුවේ කනුවට හේත්තු වුනු කුසුමා ආච්චි දිහා බලන් ඉන්න ලතා ආච්චි වගේ හිටියෙ වෙන කවුරුත් නෙවේ.....

කිඹිසිඹා නොහොත් විශාක්‍ය...

මම ඌ එක්ක හිනාවුනා...මොන ප්‍රශ්නෙක හිටියත් ශෙරෝන් කියන්නෙම සීතල චරිතයක්...විශාක්‍යට හංගන්න ඕන නෑ...ඒත් එවෙලෙ අනිත් උන්ට බෙදන හැන්දෙන්ම ඌටත් බෙදලා මාරම හැපි එකේ ඉන්නවා වගේ කට පුරෝලා හිනාවක් දුන්නෙ ඌ මගෙ දිහා කව්ද මල්ලි මේ වගේ බැල්මක් දාද්දි.

"මොකද උක් කන්නො ඔහොම බලන් ඉන්නේ."

"මම බැලුවෙ උබ මොකාටද එන්න හදන්නෙ කියලා."

"මම මේ උබව ඇනස්ටීශියා කරගෙන - සොම්‍රි ටැපලුනා...ඇනස්ටීශියා නෙවෙයි ඇනස්ටාසියා - කරගෙන මම ග්‍රේ වෙලා බඩසම පාරක් දාන්න එන්න හැදුවෙ..."

"ශෙරෝන්...බොරු කරන්න එපා මට...උබ හිනාවුනාව ඒ හිනාව මැරිලා...අනික මම එද්දි උබේ කම්මුල් උඩ කඳුලු පාරවල් තිබුනා..."

"ම්ම්ම්ම්ම්ම්ම්.."

"හුම් හුම් නෙවෙයි මචන්...මොකද වුනෙ...උබ මගෙ බෙස්ටානෙ...කියහන්..මොකද වුනෙ..."

"ආයෙම වලියක්."

"කව්ද උබේ කෑල්ලද...අනේ හිතන්නෙපා බන් ...උබලා දෙන්න වලි ඇල්ලුවෙ නැත්නම් එදාට වහිනවානෙ..."
.
"නෑ විශාක්‍ය...එයා ඊයෙ රෑ මට බැනලා එයාට තවත් මේක කරන්න ඕන නෑ කියලා ගියා...දැන් වෙනකල් මැසෙජ් එකක් නැහැ...."

තත් 🔞Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ