🌼 මල්සර
.... අවුරුදු 8 කට පසු ....
Author Pov...
නිස්කලංක පරිසරයක උදාවුන හිමිදිරි උදෑසනක්. සුදො සුදුවන් වතින් සැරසිලා ලොකු කුඩා ළමුන් පාසල වෙත ලහි ලහියෙම ඇදෙනවා. ඒ අතරින් පතර ගුරුවරයෙක් දෙදෙනෙක් හමුවුනු තැන,
" ගුඩ්මොර්නිං ටිචර් "
කියා සුබ පතා යන්නටත් ඔවුන් අමතක කරන්නෙ නැ.
පාසලක උදැසන කාලය කියන්නෙ කොහොමත් කලබල පරිසරයක් නෙ. එත් අද පාසල කෙලවරේම තියෙන පිට්ටනියෙ තත්වෙ නම් සැහේන දුරට වෙනස් වෙලා තිබ්බා. පාන්දරම ක්රිඩා වලට පුහුණුවීම් වලට ආව ළමුන් ඇතුලුව තව ළමුන් පිරිසක්ම පිට්ටනිය අසල රොක්වි තව සුලු වෙලාවකින් ඇවිලෙන්න දත කන යෞවනයො දෙපිරිසක් දිහා බලාගෙන ඉන්නවා. හරියටම පවසනවා නම් මේ පාසලේ ක්රිකට් හා ෆුට්බෝල් කන්ඩායම් වල සිසුන් දෙපිරිසයි. මේවා බලාගෙන සිටින්නන්ට නම් නුපුරුදු දසුන් නෙමෙයි. සතියකට හො දේකකට වතාවක් දැකිය හැකි අනිවාර්ය ගිනිගැනීම්.
" හහ්..... තමුසෙ කොච්චර කිව්වත් පාඩමක් ඉගෙන ගන්නෙම නෑ නේද ආ..... "
තනි සුදු පාටින් සැරසී සිටි එක් කණ්ඩායමක නායකයා යැයි සිතිය හැකි තරුණයා රතු,නිල්,සුදු පැහැයෙන් සැරසී සිටි කණ්ඩායමේ නායකයට නක්කල් හිනාවක් දාගෙනම කිව්වෙ ඔහුගෙ කණ්ඩායමෙ පිරිමි ළමුන් පිරිසෙත් නක්කල් බැල්මවල් මැදමයි.
" ඇයි උඹ සර් ද අපෙ... පාඩම් උගන්නන්න එන්නෙ.. අනෙ නිකන් පලයං බං යන්න "
අනෙක් කණ්ඩායමෙ නායකයා අසල සිටි තැනැත්තගෙන් ඊට දෙවනි නැති ලෙසින් වාග් ප්රහාරයක් එල්ල වුනෙ තව සුලු වෙලාවකින් ඇවිලෙන ගින්නෙ ගිනිපුපුරු පිටදාලයි.
" තෝ කටවහන් ඉදහං නයට කහින්නැතුව කොටා.... ෆුට් බෝල ගහනවා නම් තොපි පාඩුවෙ ගහපං මෙතන වැඩ පෙන්නන්න ලැස්ති නොවි "
" කවුද බල්ලො නයට කහින්නෙ... අනික උඹ කියනකන් අපි මේ හිටියෙ පාඩුවෙ බෝල ගහන්න.. බෝලයක් වැදුනා කියලා ලඳවල් ටික වගේ කියවගෙන ආවෙ තොපිනෙ "
YOU ARE READING
🌼 මල්සර ( Non - Fiction )
Non-Fictionමගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎