💚 Chapter 10 💚

1.1K 218 108
                                    

යුනි  ඉවර  වුන  ගමන්ම  කට්ටිය සෝමාලියාවෙන්  ආපු  හිඟන්නො  සෙට් එකක්  වගේ  කඩා  වැදුනෙ  ජින්  ටියා වැඩ  කරන  ෂොප්  එකට.  ටියා  නම් ජින්  එක්ක  බරට  බරේ  වැඩ.  සේරම ඉවසන්න  පුළුවන්  මේ  මීෂා  කියන  ගං කබරිත්  අපිත්  එක්ක  ආපු  එකනෙ ඉවසන්න  බැරි.  කොයිවෙලෙත්  මට පුප්ප  ගත්තු  ගමන්මයි.  අම්මා  අප්පා මුගෙ  සර්පයොද  මන්දා.  අපේ  චෙෆ්  ඩබල  මොනවද  මන්දා  අපිට  කියලා හැදුව    කොත්තුද  තොත්තුද මන්දා කියලා  කෑමක්  ගෙනාවා.  ජූන්  ඔප්පලු හදන්න  කිව්වෙ  ඒවා.  ජූන්  ඔප්පත් මොන  දීපංකරෙන්  හොයා  ගන්න කෑමද  මන්දා. කොහොම  වුනත්  ඒව නම්  මරේ  මරු.  කටිටියන්ගෙ  කන් වලින්  හිටන්  දුම්  දානවා. 

" මේ  මේ  අම්බෝ  මේවයෙ  සැර. අයිස්ක්‍රීම්  නැද්ද  අතුරුපසට.  "

මගෙ  හිතෙත්  ගොඩක්  වෙලා  දැවි  දැවී තැවි  තැවී  තිබ්බ  ප්‍රශ්නය  ඇහුවෙ  අපේ  සඳ.  ඕකි  ඔහොම්මයි.  මම  හිතන  එකමයි  හිතන්නෙ.

"  ආ  ආ  ඉන්න  ගේන්නම්.  "

ජින්  ඔප්පා  නැගිටලා  ගිහින්  අපි හැමෝටම  අයිස්ක්‍රීම්  කප්  අරන්  ආවා. එයා  හැමෝටම  ඒවා  බෙදලා  එයත් අපිත්  එක්කම  වාඩි  වෙලා  කන්න පටන්  ගත්තා.  මෙන්න  බොලේ  එක පාරටම  අපේ  ජූන්  ඔප්පා  බිම  වැටුණෙ නැතෑ.  සොරි  සොරි  බිම  වැටුණෙ  නෑ මේකා  බිම  දණ  ගහගත්තා  සඳගෙ පුටුව  ළඟින්.  යකඩෝ  මූ  සඳට  ප්‍රපෝස් කරන්නද  යන්නෙ    ඒත් එක්කම  කොහෙන්ද  මන්දා  කඩා  පාත් වෙච්ච  කුකියයි  රෝසුයිත්  එතනට ඇවිත්  ගිටාර්  එකක්  ප්ලේ  කර  කර සින්දු  කියන්න  පටන්  ගත්තා.  සඳගෙ ඇස්  කටේ.  කට  කනේ.  😂  ඇස් ගෙඩි  දෙක  ටීක්  බෝල  වගේ  සයිස් කරන්  බලන්  ඉන්නවා  බිම  බඩගාන් ඉන්න  ජූන්  ඔප්පයි  දිහා.  ජූන්  ඔප්පා එයාගෙ  සාක්කුවට  අත  දාලා  පුංචි බොක්ස්  එකක්  අරන්  ඒක  සඳට  දික්  කරා.  සඳත්  හරි  ආසාවෙන්  ඒක  අරන් ඇරලා  බැලුවා.

"  බුදාම්මෝ ....  "

ගත්තු  පෙට්ටිය  සඳගෙ  අතින්  විසික් වෙනවත්  එක්කම  සඳ  ජූන්  ඔප්පට ඔරවගෙන  අඬාගෙන  යන්න  ගියා.  පව්  කෙල්ල  හිතන්න  ඇත්තෙ  රින්ග්  එකක්  කියලා.  අපේ  ජූනා ⁣ කැරපොත්තෙක්ව  දීලා  තියෙන්නෙ  පෙට්ටිය  ඇතුළෙ  දාලා.  කවදා  කියලා  කරපු  ගොන්  වැඩද  මේ.  සඳ  ගස්සලා  පද්දලා යනකොට  අරෝයි  රෝසුයි  තමා  එයාව නතර  කර  ගත්තෙ.  මටයි  රෂ්ටයි ජිමිනටයි  ඕවා  බල  බල  ඉන්න වෙලාවක්  තිබ්බෙ  නෑ  අපි  සෙට්  එක මේ  දිය  වෙන්න  කලින්  අයිස්ක්‍රීම්  ටිකට  වැඩේ  දෙනවා.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now