12.

1.3K 263 58
                                    

"ඕයි මේ අදනම් ඔය ෆෝන් කබල ඕෆ් කල්ලා දාහන් ඈ"

සහන් හිටියෙ මගෙ පිට උඩ. ඌ කොහොමත් කොයිවෙලෙත් ඇගේ ඇලෙන්නමයි බලන්නෙ. මූ දැන් මහරගම ට්‍රේනින් යනවනෙ. අමුතු එලියකුත් වැටිලා මූනට.. කෑල්ලක් ලයින් වෙලාද කොහෙද.. කොහොමත් සහනයා ඇහැට කනට පේන එකා.. මූ කාලයක් කොණ්ඩේ වවාගන හිටියා ඔය කෝර්ස් එකට යන්න කලින්.. කෙල්ලෙක්ට වඩා ලස්සනයි..

"පිස්සුද බන් එහෙම කරන්න බෑ.. මොනා උනත් රස්සාවනෙ මගෙ"

මම එහෙම කිව්වාම සහනයා කල්පනා කලා.. මගෙ පිට උඩ ඉදන්

"ඔව් හැබැයි අර සීදේවි මූණ දිහා බලාගන එහෙම බලු වැඩක් කරන්නත් බෑ තමයි..ඒත් බන් මැච් එක මැද්දෙ උබෙ තුහිනයියා හදිසි වැඩකට කතා කලොත්.."

අද අපි ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් මැච් එකක් ගහන්නයි කතාවෙලා ඉන්නෙ.නිකන් මැච් එකක් නෙවෙයි ගමේ සමිතියෙන් කරන ටිකක් ලොකු එකක්.. සහනයා කියන එකත් ඇත්ත හැබැයි තුහින අයියා කතා කලොත් මැච් එක මැදදි දුවන්නද මම?සහන් මාව කයි.. නොගියොත් එයා කේස්.. ගියොත් මෙයා කේස්.. යකෝ මාත් මාර මගුලකනෙ පැටලුනේ..

"මේ බන්.."

"ම්ම්ම්"

මම සහනයාව කරේ තියාගනම කල්පනා කර කර ඇවිත් ඌව ඉස්තෝප්‍පුවෙ බැම්ම උඩින් තිබ්බා. මූ නිකන් හිච්චි බිලින්දා වගේනෙ ඇගේ එල්ලිලා ඉන්නෙ.

"මගෙ ටිංකිරි මොලේට ආවා කිරිපිටි අයිඩියා එකක්"

"මොකද්ද?"

"අපි තුහිනයියාටත් මැච් එක ගහන්න එන්න කියමුද?"

සහන් ඇසුත් ලොකු කරගන මගෙන් අහන්නෙ උගෙ කිරිපිටි අයිඩියා එක ඇහුවාම මගෙ කෙලත් ඉස්මොල්ලෙ ගියා. මූ නම් කිරිපිටිම තමා. බොන උන්ට වැඩකුත් නෑ හදන උන්ට වැඩකුත් නෑ..

"උබෙ මොලේ හොදනැද්ද? බංගලාවෙ හාමු යකෝ ඌ අපි මේ තුහින අයියා අයියා ගෑවට. ඌ එයිද අපි එක්ක ක්‍රිකට් ගහන්න?"

"ච්ක්! උබ අහල බලපන්කෝ මම නම් කියන්නෙ එනවමයි.. එදා මම දැක්කනෙ මිනිහා හෙන හොද නිවිච්ච පොරක් වගේ"

අනෙ අම්මෝ මේවටනම් මටත් හිනා පුකටත් හිනා.. හොද නිවිච්ච පොරක් ලු.. අමෝ අමෝ ඔව් නිවිලා..

ඇහි පිල්ලම් යට (TaeKook)Où les histoires vivent. Découvrez maintenant