33.

1.3K 291 102
                                    

දැන් උබ මොකද්ද කියන්නෙ කියපන්කෝ! උබට මේ ට්‍රිප් එක යන්න ඕනද නැද්ද?"

මම හිටියෙ නප්පෙටම තද වෙලා. සහනයා මගේ දිහා බලලා මාව මරන් කන්න වගේ මූණක් හදාගන ටිකකින් ආයෙ මූණ බෙරි කරගත්තා..

"ට්‍රිප් එක යන්ඩෝනේ.. ඒත් මේ අනුරධපුරේ යන්න බෑ ඕයි..උබලට පිස්සුද කියපන්කෝ"

"මේ අහන්න ආකාශ්.. විභාග පාස් උන එකේ එහෙ තමා යන්න හොදම.. අනික මගෙ බාරෙ--"

"අනේ මේ ඉලව් බාරේ .. මං කිව්වද විබාග පාස් වෙන්නෙයි කියල බාර වෙන්න කියල? අනික මං පාස් උනේ මං පාඩම් කරපු නිසා. ඔය උලව්වක් නිසා නෙවේ.. තමුසෙට ශුවර් එකක් තිබිලා නෑ නේද ඒ කියන්නෙ මම පාස් වෙයි කියල. කිව්වෙනම් කොහොමද.. බයවෙන්නෙපා ආකාශ් ... ඔයා අනිවාර්යයෙන්ම පාස් වෙනවා.. මගුල තමා.. බාර ඔප්පු කරන්න ඕන නම් තනියම යන්න අයියේ.. මට බෑ ඔය අනුරාධපුරේ ගිහින් කරවෙලා එන්න! යකෝ ට්‍රිප් එකක් යනවනම් යන්නෝන ගහක් කොලක් තියන තැනකට!"

සහනයයි සුදු බාප්පයි කෙස්සවලු පටලවගන්න දිහා මං සුපහන් සිතින් බලන් හිටියා.. ඒ එක්කම මම කල්පනා කලේ මම එහෙම මේවගේ තුහින අයියට කතා කලානම් ඒකා මොනා කරයිද කියල.. 'කාටද උබෝය කතා කරන්නෙ!' ගාලා මගෙ බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියයි. කොහොමත් ගිනිපුක් කාරයානෙ.. ඒ උනාට ඉතින් ඊටපස්සෙ ආයෙ හොයන් ඇවිල්ලා රිදුනද නිදුක්.. මට කේන්ති ගියා කියලා කියනවනේ.. අනේ මගේ පයිලට් පගා කාලද දන්නෑ..

තුහින අයියව මතක් උන නිසා මං අරුන් දෙන්නට ඕන පුකක් කරගන්නෙයි කියල ටිකක් එහාට වෙලා එයාට කෝල් එකක් ගත්තා..

දෙපාර රින්ග් වෙද්දි තුහින අයියා ආන්සර් කලා..

"පැටියෝ..."

ඔන්න ඉතින් මාව දියවෙනවනෙ.. එහා පැත්තෙන් තුහින අයියා ගොරෝසු හෙන අමුතු කටහඩින් පැටියෝ කියද්දි මට නිකන් දැනුනෙ කරන්ට් එකක් වැදුනා වගේ හැගීමක්.. නිදාගනද කොහෙද ඉදලා තියෙන්නෙ..

"අයියේ.. නිදාගනද හිටියේ.. මම ඇහැරෙව්වද?"

"ම්ම්ම්..කමක් නෑ... කියන්නකෝ ඉතින්"

තුහින අයියා එහෙම කියල නිදිබර හුස්මක් ගනිද්දි මම කලේ කකුලෙ මහපට ඇගිල්ලෙන් බිම පහුරු ගාන්න ගත්ත එක.

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now