4.Buzz🥲💚

44 5 29
                                    

නොනිමි 4

මිනේරා හොස්ටල් එකට යද්දි වෙලාව එකොලහ විතර වෙලා...ඒ වෙද්දි ශාරදාත් ඇවිත්...රූම් එකට එද්දිම ශාරුගෙ කෑම මල්ලෙ සුවඳ මිනේරගෙ නහය කිචි කවල ඉවරයි...

දෙයියනේ දෙයියනේ Cudu nona...ඔයාගෙ බත් එකයි අනංමනං මල්ලයි නැතුව පාලුවෙන් හිටියෙ උම්මා...
එකපාරටම ශාරුගෙ කරේ එල්ලුනු මිනේරා ඊලඟ මොහොතෙම ශාරුව අතෑරලා එයා ගේන සුපුරුදු තඩි කෑම මල්ල අතට ගත්තා...

ඒක නෙවෙ ශාරු කෝ අයූ...
ආ එයා dustbin එක විසිකරල එන්න ගියා...ඔයා කොහෙද ගියේ උමා...
අර ටැලන්ට් ශෝ සීන් එකට සල්ලි එකතුකරන්න ස්ටිකර් විකුනන වැඩක් වෙනව...ස්ටිකර් වලට ෆොටෝ ගන්න සයන්ස් එකේ බුවාල දෙන්නෙක් ආව..මායි අවියයි එයාලට ආට් එකේ අසිරිය පෙන්නන්න ගියේ...

මිනේරා කිව්වෙ සාක්කුවෙ තිබුනු ෆෝන් එක එලියට ගන්න ගමන්...ඒ එක්කම සාක්කුවටම ඔබාගත්තු ලොලිපොප් කොලේ බිමට වැටුනා....

ආ මේකත් තාම සාක්කුවෙ...කෝ ඩස්ට්බින්...ආ අරකි අරන් ගියා කිව්වනෙ...
කොලේ එහෙම්ම කලින් දවසෙ රෑ කියෝ කියෝ හිටපු "මීෂා" පොත ඇතුලට දාල වහපු මිනේරා ඇඳුමකුත් අරන් washroom එකට ගියා...

මං ඇඳුමක් දාගෙන එන්නං...

එතකොට උමා ඒ කොල්ලට කුණුමුත්තා කිව්වා...පව් අනේ...මටත් ඉන්න තිබුනෙ...
තංගච්චිට හොඳම ටික මිස්වුනානෙ...අයූ අවුරුදු උත්සවේ වෙච්ච හැමදේම ශාරු එක්ක කිව්වා...සේරටම හේතු වුන මිනේරා එක අතකින් උළුඳු වඩේකුයි අනිත් අතේ පරිප්පු වඩේකුයි තියාගෙන කකා එයා මුකුත් නොකල ගානට හිටියෙ...

මේ ඒක නෙවෙ...
මොකද්ද උමා ඒපාර...කුණුමුත්තා හම්බුනාද...
යූ ගොට් ඉට් අයූ..
සිරාවට කියපම්...
ඔව් ඒයි ඔව්...අද ෆොටෝ ගන්න ආපු සයන්ස් එකේ බුවාල දෙන්නගෙන් එකෙක් කුණුමුත්තා...
ආඩවනේ එයා ඔයාව අඳුරගත්තද උමා...ශාරුගෙ ඇස් නළලෙ...
ඇත්තටම...ම්හුක්...ඔව්...අඳුරගෙන කෝචොක් කරන්න ආව මේ උම්මා ඒවට සැලුන්නෑ...
ඊටපස්සෙ...
ඊටපස්සෙ ස්පයිඩර්මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ලගත්තා...
අනේ උමා ඔයා හැම එකම විහිලුවට ගන්නවා..අයූ කොට්ටෙ විසික්කරල මිනේරට ගැහුවා...
නෑනෑ අයූ උමා ඔය කියන්නෙ අද ආවෙ ස්පයිඩමෑනුයි සුපර්මෑනුයි කියලා..
අයියෝ ශාරු 'උමා ඔය' කියන්නෙ මොකද්ද මන්දා ලොකු ව්‍යාපෘතියක්...අර දේසපාලුවො කෙලගන්නෙ...මිනේරා එහෙම කියන ගමන්ම ෆෝන් එක අතට ගත්තා...
මෙයා එක්ක බෑ...අයූ ඇඳට නැගලා ලැප් එක ඔන් කරගත්තා...

නොනිමි❤️✨️Where stories live. Discover now