11.මගේ මිනෝ❤️

36 3 20
                                    

නොනිමි 11

"ශාරදා මොකද්ද අයූට වෙලා තියෙන්නෙ...සූකිරි එක්ක තරහ වෙලාද..."
යුගාන් ඇහුවෙ වාහනේ ඩ්‍රයිව් කරන ගමන්...
"අනේමන්ද අයියෙ අයූ එහෙම කෙල්ලෙක් කියල අපි හිතුවෙ නෑ...අනික එයාට සෑහෙන්න සලකපු උමාට එහෙම කරයි කියල හිතුවෙම නෑ..."
"මොකද්ද උනේ නංගි...මට හරියටම විස්තරේ කියන්න...මොකද මිනෝ අනිවාරෙන් කෑලි අඩුවෙන් කියන්නෙ..."
මෙච්චර වෙලා පිටිපස්සෙ සීට් එකට ඔලුව තියං ඉඳපු මිලාන් ඔලුව උස්සල කිව්වා...

"අයූ සකුණි අක්කා එක්ක ගොඩක් ලඟයි අයියෙ...සකුණි අක්කගෙ අප්පා පාලිමන්ට් නෙ...එයාලා පොළොන්නරුවෙ ඡන්ද වැඩ කරාලු..අයූගෙ අප්පා එහෙ බිස්නස් කරන කෙනෙක්නෙ සකුණිගෙ අප්පා එක්ක ගොඩක් කිට්ටුයිලු ඡන්ද වැඩවලට එහෙම උදව් කරනවලු...සකුණි අක්කගෙ අප්පගෙ ගම පොළොන්නරුවලුනෙ...එහෙම සකුණියි අයූයි දෙන්න යාලුවො වෙලා තියෙන්නෙ ඊටපස්සෙ කැම්පස් ආවට පස්සෙ මේ...."
ශාරදා කතාව නවත්තලා බිම බලාගත්තා...

කියන්න ශාරු..ඊටපස්සෙ...

"සකුණි අක්කා මිලාන් අයියට කැමැත්තෙන් ඉඳල ගොඩක් කල් තිස්සෙ...ඊටපස්සෙ අපි ඔයාල ලඟ යාලුවො වුනාට පස්සෙ අයූ මිලාන් අයියගෙ ගැන ඔත්තු බල බල සකුණිට කියල තියෙනවා...උමාට ඒක අහුවුනා පෙරේදා...උමා දැකලා තිබුනා සකුණි එක්ක අයූ කතාකරකර ඉන්නවා කැන්ටින් එක ගාව...තව අයූ සකුණිට කියල තිබුනා මිලාන් අයියා උමාට කැමතියි කියල...පිස්සෙක් වගේ උමාගෙ පස්සෙන් යනව කියලත්...අයූ සකුණි එක්ක කතාකරේ මොකද කියල නිකං කතාකර ඉන්දැද්දි උමා ඇහුවා...නිකං ඇහුවෙ ඔච්චර කතා එයා දන්නෙ නෑනෙ...අයූ උමාගෙ ඇඟට කඩන් පැනල බැනගෙන බැනගෙන ගියා...උමාත් confuse වුනා...ඊටපස්සෙ මේහ්...."
"කියන්න අමාරු උනාට කමක් නෑ ශාරු අපි අපිනෙ කියල දාන්න..."

"ඊටපස්සෙ අයූ උමාට කිව්වා මිලාන් කොච්චර පිස්සු බල්ලෙක් වගේ ඔයා පස්සෙ ආවත් බලන්නකො ඉස්සරහට ඔයාගෙ ලයින් එපාවෙලා සකුණි අක්ක වගේ deserved කෙනෙක්ට හම්බවේවි කියල..."

"ඊයා...ඒ ගොන් ගෑනි හිතන් ඉන්නෙ අපේ එකා සකුණි වගේ වට බඩ්ඩක් කරගහයි කියලද...ගිය අවුරුද්දෙ ලෙක්චර් හෝල් එකක හැමිනි--- සොරි ශාරු...කට ඇවිස්සුනා පොඩ්ඩක්..."
සතීර බ්‍රේක් නැතුව කියං ගිය එක අමාරුවෙන් නවත්තගත්තා...

නොනිමි❤️✨️Where stories live. Discover now