අදත් වෙනදා වගේ සමාන්‍ය දවසක් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ආයු හිටියෙ එයාගෙ කාමරේ. ගෙදර බෙල් එක වැදුන ගමන් ආයු පහලටාඅවා මොකද මේ දවස්වල ගෙදර දොරවල් අරින්න වහන්න , කෑම හදන්න කුසුමා නැන්දා නෑනෙ. ඉතින් මාසෙක වගේ පොඩි කාලෙකින් ආයු තමන්ගෙ වැඩ තනියම කරන්න පුරුදු වෙලා.
" තනියම නේද ආයු "
" කමන්නෑ අම්මා , කොහොමත් මම හිටියෙ තනියමනෙ මේක දැන් පුරුදුයි "
" කමති නෑ නේද අපේ තීරණේට "
" ඔයාලගෙ කැමැත්තට මට බලපෑම් කරන්න බෑනෙ අම්මෙ. ඔයාලා හොද දෙයක් කරන්න "
" ආයු ඔයා කාලද මම කෑම හදන්නද "
" ඕන්නෑ අම්මා මම යාලුවො එක්ක කාලා ආවෙ "
අම්මත් එක්ක් පැයක් නැත්තන් ඊටත් වැඩිය වෙලාවක් කතා කරන්න ඇති. ඉවේන් ඊයෙ හැදුව හිත අද ආයමත් පාර ගන්න පුළුවන් වුනා. ආයු අම්මටයි තාත්තටයි කොච්චර ආදරේ වුනත් එයාලගෙ සමහර තීරණ හින්දා දුක් විදින්නෙ ආයු. අම්මා එක්ක අද විතරයි මේ විදිහට කතා කරන්න වෙන්නෙ කියලා දන්නව වුනත් ආයු කරේ අම්මාව මග ඇරලා කාමරේට ගිය එක. කාමරේට ගියත් පාඩම් කරන්න තරන් මූඩ් එකක් ආයුට නෑ. මතක් වුන එකම කෙනාට මැසේජ් එකක් දැම්මම අන්තිමට ඒ කෝල් එක නතර වුනේ කෝල් එකකින්. කලින්නන් ඉවේන්ව සේව් කරලා තිබ්බෙ සොම්බියෙක් දාලා. ඒක ඉවේන් දැකල එක එක ඒවා කීව හින්දම සොම්බියව අයින් කරා.
DU LIEST GERADE
ආයු ( Non fiction )
Sachbücher" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්