...... සමහර දුඹුරු ඇස් තිබුනා ආත්මයම නිවන්න පුලුවන් විදියේ., කොච්චර ලොකු ප්‍රශ්නෙක ඉදියත් ඒ ඇස් දෙක එකම එක වතාවක් හරි, අහම්බෙන් හරි, ඒ මොහොතේ හම්බුනොත් ප්‍රශ්නේ මොහොතකට අමතක වෙලා යන විදියේ ...... හරියට ආයුට ඉවේන් වගේ. ඒ දුඹුරු පාට ඇස් දෙකට පුළුවන් කොච්චර අවුලකින් හිටියත් එක විනාඩියකින් ආයුට ඒක අමතක කරලා දාන්න. ඉවේන් කියන්නෙ මැජික්කාරයෙක් ආයුටම විතරක් අයිති.
මේ දවස් ටිකටම ආයුට ලගින්ම ඉදලා එයා ගැන හොයලා බැලුව එකම කෙනා ඉවේන් කීවොත් වැරදි නෑ. ආයුට තියන ප්‍රශ්නවල හැටියට මේ සැරේ එක්සෑම් එකනන් අනාගන්නවා කියලා තේරුන සත්රූ ඉවේන්ට කලින්ම කියලා තිබ්බා එයා ගැන බලන්න කියලා. මොකද සත්රූට වගේම අනිත් දෙන්නටත් ගෙදර එන්න කියලා ගෙවල්වලින් කියලයි තිබ්බෙ. නෑ ඉතින් එකට හිටිය කියලත් ලොකු වැඩක් කෙරෙන්නෙ නෑනෙ. එක්සෑම් එකට තව හරියටම සතියයි.
ඉවේන් ගොඩක් වෙලාවට හිටියෙ ආයුලගෙ ගෙදර. එයාගෙ කටේ බලේටම ආයු වැඩ ටික්කර ගත්තා කියන එකනන් වැරදි නෑ. රෑට ඉවේන් එයාගෙ වැඩ කරනකොට ආයු කරේ පාඩම් කරන එක.ඉවේන් ආයු නිදා ගන්නකන් එයාගෙ වැඩ කරන එක පුරුද්දක් කරගෙන තිබ්බෙ. නැත්තන් ඉතින් ආයු තියන ප්‍රශ්න ගැන හිත හිත ඉන්නවනෙ. එක්සෑම් ඉවර වෙලා දෙන්නන් කියලා ඉවේන් ආයුගෙ පෝනෙකත් ඉල්ලගත්තා.
" බය නැතුව හොදට ලියනව හරිද " පලවෙනි දවසෙ තිබ්බෙ සිංහල. ඉවේන් ආයුව ස්කූල් එක ලගට ගිහින් දාලා දුන්න පලවෙනි අවවාදෙ ඕක.
එකසෑම් තිබ්බ හැම දවසකම වගේ ස්කූල් එකට ගෙනත් දැම්මෙ එක්ක ගියේ ඉවේන්. එක්කන් ආවා විතරක් නෙමේ ආයු ඉස්කෝලෙ ඇතුලටම යනකනුත් ඉදලා තමා එයා යන්නෙ. අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන්න ඕනෙ හැම දෙයක්ම හොයලා බලලා කරා කීවොත් වැරදි නෑ.
" කොහොමද ආයු ලේසිද " එක්සෑම් එක ඉවර වෙලා ආයු එලියට ආව ගමන් ඇහුවෙ ඕක තමා
" අවුලක් නෑ ශේප් "
" එහෙනන් අවුලක් නෑ "
අවුලක් නැත්තන් කිසි ප්‍රශ්නයක් නෑනෙ. කොහොමත් ආයු අවුලක් නෑ කියන්නෙ ඒක එහෙමම තමා. මොකද ආයු ටර්ම් ටෙස්ට්වලට ගත්ත මාක්ස් එක්ක එහෙම නෑ කීවොත් බොරු. මොකද ඒලෙවල් පන්තියට ආව මුල් දවස්වල ඉදන් ආයුගෙ මාක්ස් A මට්ටමේ තිබ්බා.
BẠN ĐANG ĐỌC
ආයු ( Non fiction )
Phi Hư Cấu" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්