|13|

768 91 0
                                    

හ්ම්ම්ම්.. මේ හිමිදිරේ උදෑසනේ තියෙන පුරුස ධෛර්‍ය සේරම එකතු කරගෙන මම මීටින්ග් රූම් එක ඇතුළට ගියේ ඊයේ කරපු ඉමැජිනේශන් ටිකයි පෙරේදා වෙච්ච මල විකාර ටිකයි සේරම අමතක කරලා දාලා. හරි ඉතින් අමතක නම් නෑ තමයි. ඒත් ඉතින් උදේ ආව ගමන්ම කලින් කරපු ප්‍රොජෙක්ට් එකේ ටීම් එකටම මීටින්ග් එකක් තියෙනවා කිව්වම කිම්කාරයට මුහුණ දෙන්න නම් ඒ ඔක්කොම බොරුවට හරි අමතක කරන්න ඕන කියන මතේ තමයි මම හිටියේ 😒

හැබැයි බලාපොරොත්තු වුණ විදියට මීටින්ග් රූම් එකේ මුලසුන අරන් හිටියේ කිම්කාරයා නම් නෙවෙයි . එක අතකට ගත්තම එතන හිටියෙත් කිම් කෙනෙක් තමයි . හැබැයි ඒ මගේ කිම් නම් නෙවෙයි . මොකක් ? මගේ.. ආයිශ් ජන්කුක් .. කිම් ටේහ්‍යුන්ග් කවදද ඔයාගෙ වුනේ 😒

හ්ම්ම්ම්.. එතන හිටියේ කිම් නම්ජුන්.. අපේ බොසාගෙ මම කිව්වෙ ටේහ්‍යුන්ග් බොසාගෙ කසින් හ්‍යුන්ග් කෙනෙක් ඒ. එයා තමා මේකෙ CEO.. ටේහ්‍යුන්ග් කෝමත් ඉතින් මේකෙ chairman නෙ 😉.. කිම් නම්ජුන් කියන්නෙ මම ආසම චරිතයක්. එයාව මට මුණ ගැහුනෙත් දෙතුන් වතාවයි තමා.. ඒත් ඒ ටිකම ඇති වුණා එයාගෙ චරිතෙ කොච්චර හොඳ එකක්ද කියලා මට තේරුම් ගන්න. අනික වැදගත් ම දේ එයා මැරීඩ් වගේම එයාට ඉන්නෙ හස්බන්ඩ් කෙනෙක් 🌝 ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක් වෙච්ච කිම් සොක්ජින් තමා එයාගෙ හස්බන්ඩ් 🌝💜 ආව්ව්.. අයි ලවු දෙම්.. හෙහෙ..

කොහොමින් කොහොම හරි මීටින්ග් එකත් ඉවර වෙලා දවසින් භාගයක්ම ගෙවිලා ගියත් අද දවසටම කිම්කාරයා තියා උගෙ ඡායාවක්වත් දැක්කෙ නෑ මං.. ඇත්තටම මේ මනුස්සයා කොහෙ ගිහින්ද.. දැක්කත් අවුල් මට නොදැක්කත් අවුල් 😒

එදා දවසටම කිම්කාරයා ඔෆිස් එක පැත්ත පළාතේ ආවෙ නෑ. ඒ මදිවට සෝහුත් වැඩකට කියලා එයාලගෙ ඔම්මයි අප්පයි දෙන්නම එක්ක ඕස්ට්‍රේලියා ගිහින්.. ඒත් ඉතින් ඌ හිටියා කියලා උගෙන් අහන්නත් බෑනෙ බොසා කෝ කියලා 😒..

හවස ඔෆිස් ඉවර වෙලා ආතල් එකේ අයිස්ක්‍රීම් එකකුත් කකා මම පයින්ම ගෙදර එන්න ආවෙ අද වේලාසන ඔෆිස් එකෙන් එළියට ආව නිසා ගෙදර යන්න පරක්කු නැති හින්දා.. ඒ වෙලාවෙ මට කෝල් එකක් ආවෙ කීයටවත් කෝල් එකක් එයි කියලා හිතන්න බැරි නම්බර් එකකින්.. ඔව් ඔව් කිම් ටේහ්‍යුන්ග්ගෙන් තමා .. එක අතකට කලින් වෙච්ච දේවල් එක්ක මේ කෝල් එකේ පුදුම වෙන්න දෙයක් ඇත්තෙත් නෑ තමා 🥲

"යුබුසෙයෝ සර්.. "

*ටීක් ටීක්

ආයිශ් මේ මනුස්සයට පිස්සු ද මන්ද කෝල් අරන් ආන්ස්ව කරාම කට් කරන්නෙ.. 😒 අහ් හරිනෙ ශුවර් එකටම සර් කිව්ව නිසා වෙන්නැති .. 🥲 අහ්හ් මේකා නම් පොඩි බබෙක් වගේ..
ඕන එකක් වෙද්දෙන් කියලා මම ආයෙ කෝල් එකක් ගත්තා. දෙපාරයි රින්ග් වුණේ ආන්ස්ව කරලත් ඉවරයි. හැබැයි නෝ කතා... 😐

"යුබුසෙයෝ... "

.......

"යුබුසෙයෝ..."

.......

මේ මනුස්සයා එක්ක නම් බෑ..

"ටේ.... "

පුළුවන් තරම් සද්දෙ අඩුවෙන් මම එහෙම කිව්වෙ.. මොකද මං පළවෙනි පාරට තමයි එයාට එහෙම කතා කරේ.. අහ්හ්.. ලැජ්ජයි අප්පා..

"ජන්කුක්.."

වෙයිට්.. ඇයි එයා මහන්සියෙන් වගේ කතා කරන්නෙ ?

"ටේ මොකක් හරි ප්‍රශ්නයක් ද ? "

මම එහෙම ඇහුවෙ හිතේ කරදරෙන්.. ඇත්තටම මොනා වෙලාද එයාට..

"මට උණ ජන්කුක් .. ගෙදර කවුරුත් නෑ.. "

ටේ එහෙම කිව්වෙ අමාරුවෙන්.. ඒ කතා කරපු විදියටම ඒක තේරෙනවා.. මේ මනුස්සයා මෙච්චර වෙලා ඉඳලද කාටවත් නොකියා...

"මම එන්නම්.. පොඩ්ඩක් ඉවසන් ඉන්න.. "

ගෙදර යන එක පැත්තක දාපු මං අයිස්ක්‍රීම් එකත් වීසි කරලා ටැක්සියක් දාන් සෝහුලගෙ ගෙදර එන්න ආවෙ කවදාවත් නැතුව පිරිමියෙක් වෙනුවෙන් මගෙ හදවත ඕනවටවත් වඩා වේගෙන් ගැහෙද්දි...

to be continue.. 💜

 💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now