|16|

792 80 5
                                    

මේක කරන්න බෑ දෙවියනේ.. මේ මනුස්සයගෙ වැඩ නිසා මගෙ හිතයි ඇඟයි දෙකම පිස්සු කෙලිනවා. ටේගෙ ඩීප් වොයිස් එක ඇහුණා විතරයි ඇඟේ හිරිගඩුත් පිපිලා 😒 ඒ මදිවට හාට්බීට් එක එකසිය ගානට වැඩි වෙලාද කොහෙද .. 😒

"මො..මොකක්ද කරන්නෙ ටේ.. අත අරින්න මාව"

සැක් වචන පිටවෙන්නෙත් නෑ හරියට.. ඒ අස්සෙ මේකා හිනාවෙනවා.. අනේහ් එයාගෙ හිනාව ලස්සනයි අප්පා.. නිතරම හිනා වෙන්නෙ නැති නිසාද මන්ද ඒ දිහා බලන් ඉන්න ආසයි. ඉතින් ඉන්න කොහෙද කොහොමද කියලත් අමතක කරලා මම ඒ හිනාව දිහා බලන් හිටියා..

"හරි මගෙ හිනාව ලස්සනයි.. මාත් හැන්ඩ්සම්.. හැබැයි ඒවා පස්සෙ බලාගන්න. දැන් මං ඇහුව දේට උත්තර දෙන්න.."

අනේ බෑ ඒයි මෙයා එක්ක.. මං කොච්චර ලස්සන දර්ශනයක්ද බල බල හිටියේ 😒 කෑවනෙ ඉතින් .. හුම්.. දැන් ඉතින් ඕන මංගල්ලයක් කියලා මම කියලා දානවා සේරම.. සේරම කිව්වට අර මගෙ මෝඩ හිත එයා ගැන හිතන විදිය කියන්න තරම් නම් ගට් එකක් තාම නෑ මට 🙂

"අත ඇරියොත් කියන්නම්.. "

සේරටම කලින් මේ තඩි අත්වලින් ගැලවෙන්න එපැයි. නැත්නම් මගෙ වල් හිත ඇහැරුනොත් එහෙම මේකගෙන් ගුටි කාලා යන්න වෙන්නෙ මට .. ඒ තරම් අහිංසකයි මං.. 😌

"කිව්වොත් අත අරින්නම්.. "

ආහ්හ්හ්.. මේකත් අර නවල්වල ඉන්න උන් වගේමයි.. ඕන මඟුලක්.. මොකෝ මෙහෙම ඉන්න මාත් ආස නැතුවයැ 😏 ඒ අස්සෙ මේකා මගෙ ඉන උඩ ඇඟිලි එහෙ මෙහෙ යවනවා.. ඉන්න බැරි කරන්නද හදන්නෙ අනේ.. මාත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්.. 🥲

"හ්ම්ම්.. එහෙම මඟ ඇරියෙ නෑ. මට වදයක් වෙන්න ඕනෙ වුණේ නෑ.. අනික.. අනික... "

"ඔව් අනික මොකක්ද ? ඒ වගේම වදයක් වුණා කියලා කිව්වෙ කවුද ?"

"කවුරුත් කිව්වෙ නෑ වදයක් කියලා මට හිතුණා. අනික කොයි වෙලේ බැලුවත් ඇලිලා ගැලිලා ඉන්න ඔයයි ඔයාගෙ යොජාචිංගුයි මැදට පැනල කරදර කරන්නත් බෑනෙ.. "

අම්මට කේලම් කියන පොඩි එකෙක් වගේ මම ටේ ඉස්සරහ කියෙව්වා.. අනිවාර්යයෙන් දැන් මගේ තොල් උල් වෙලා ඇති..

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now