#5
" නෑ නෑ....උබට දැන්ම මැරෙන්න බැහැ....තව සෙල්ලම් ගොඩක් ඉස්සරහට කරන්න තියනවා....හහ් හා හා!!!! "
මට බොඳ වුන ඡායාවක් එක්ක මහ අද්භූත කටහඬකින් එහෙම ඇහෙද්දි දැනුනෙ මගෙ හදවත ආයෙ සාමාන්‍ය වෙලා කියලා...මන් වටපිට බලද්දි දැක්කෙ මාව බදාගෙන අඬන කුකීව.....ඒ වගේම මගෙ වටේට වෙලා බයවෙලා වගේ බලාගෙන ඉන්න මගෙ හියොන්ලා ටික...කුකීගෙ ඔලුවට පෙක් එකක් දීපු මන් ටික ටික නැගිට්ටා....
" කූ....අඬන්න එපා....මන් හොඳින්...Look at me baby..."
මන් කූගෙ මූන අතගාලා එහෙම කියද්දි එයා කඳුලු පිහිදගෙන ආපහු මට තුරුලු උනා...මාත් එයාව තුරුල් කරගත්තෙ එයා අඬන එක නවත්වන්න ඕන නිසා.....
" ටේයා.....උබ හොඳින් නේද....."
ජිමින් මගෙ ළඟට ඇවිත් ඇස්වල කඳුලු පුරවගෙන එහෙම් අහද්දි මන් එයාටත් පිටට පොඩි තට්ටුවක් දාලා කිවුවෙ මන් හොඳින් කියලා..කූට පස්සෙ මට මොනාහරි දෙයක් උනොත් වැඩිපුරම කලබල වෙන්නෙ ජිමිනා....ඌ පොඩි කාලෙ ඉදන්ම එහෙම් තමයි....හරියට බැලුවොත් කූගෙයි මගෙයි ආදර කතාවෙ පළවෙනි පිටුව පෙරලුවෙ ජිමිනා...ඌ මගෙ හොඳම යාලුවා , සෝල්මේට්....හැමදේම....උබ නැත්තන් මේ කිම් ටේහ්‍යුන්ග් අද මෙතන නැහැ බන්....
" හ්ම්ම්..."
" ටේ...ඔයාට පයින් යන්න අමාරුද..."
හොබී හියොන් එහෙම අහද්දි මන් නෑ කියල ඔලුව වනලා එයාලත් එක්ක බංගලාවට යන්න පිටත් උනා....හම්මෝ ටිකක් දුර යද්දි මේක නිකම් මට පෙනුණෙ ලව් මාර්ච් එකක් යනව වගේ.....ඉස්සරහින්ම ජූන් හියොනුයි ජින් හියොනුයි අත් අල්ලන් යද්දි අපේ ජිමිනා යුන්ගි හොබී හියොන්ලා තුන්දෙනා ගැරඬි තුනක් වගේ එතිලා අපේ ඉස්සරහෙන් යනවා....මට හිනාත් එක්ක මේවා දැකලා...ජින් හියොන් නිසා අපේ හියොනුත් හොබී හියොන් ජිමිනා නිසා යුන්ගි හියොනුත් විඳින දුක දැක්කම මගෙ හා පැටියා මට ලෝක සම්පතක් වගේ දැනුණා...
~~~
අපි කොහෙ ඇවිදගෙන යනවද කියල මන් තාම දන්නෙ නැහැ....කොහෙද ඉතින් ඇහුවට කියන එකක් ඈ...කොහොම හරි ඉස්සරහ වෙන සීන් දැක්කම මට කාලා ඇදලා ඉන්න බෑ දෙයියනේ...ඇයි එයාලට වගේ මෙයාටත් එහෙම රොමෑන්ටික් වෙන්න බැරි හුම්......ඒ අස්සෙ මාරම සීතලයි දෙයියනේ....
එතකොටම ටේ මගෙ අත අරගෙන එයාගෙ සාක්කුවට දාගත්තෙ මන් හිතපු එක තේරිලා වගේ.....
ВИ ЧИТАЄТЕ
Ding Dong || COMPLETED || ( Horror )
Фанфіки" Ding Dong !!! මන් ඔයාව අල්ලගත්තා...." " මට මොනා කළත්.....එ එයාව අතාරින්න...එයා..." " ශ්ශ්ශ්.....ඇහෙනවද ඔරලෝසුවෙ සද්දෙ.....Ding Dong Ding Dong... දැන් ඒක නැවතුනා...අන්න ඒ වගේ මන් අපේ සතුට උදුරගත්ත උබලා දෙන්නවත් නවත්වනවා....සදහටම..." " ජ- ජන්කුක්...