රෑ නමයට විතර එහෙට මෙහෙට යන යකඩ කදු ගනන් වල දුම් වලින් නෑවුන නමුත් තාමත් ආදරණීය නුවර ටවුන් එක දිහා මම වලාකුළු බැම්මට වෙලා බලාගෙන හිටියා,මොන තරම් මිනිස්සුන්ට පිස්සුද??
එහාට මෙහාට දුවන මිනිස්සු දිහා නිහඩව බලන් ඉන්න හැම වෙලාවකම මට හිතෙන පළවෙනිම දේ තමයි,මිනිස්සුන්ට මෙච්චර පිස්සු හැදෙන්න තරම් ඇත්තටම මේ ජිවිතේ ලස්සනද කියලා?? කවුද කියන්නේ මම කිසි දේකට ආස නෑ කියලා...අනිවාර්යයෙන් මනුස්සයෙක් එක දේකට හරි ආසයි!!
ඒ තමයි මිනිස්සුන්ගේ මෝඩකම.ඇත්ත,ආදරයක් ගැන ගත්තොත් අනිවාර්යයෙන් එකෙක් මත්තේ නැහිලා ජිවිත කීයක් මහ මුහුදට කෝච්චි පාරට බිලිවෙලාද?? විකාරයනේ??? මිනිස්සුන්ට පිස්සු!! ඒත් හොදම දේ දන්නෑ එයාලට පිස්සු කියලා!!
මටත් බලන් ගිහාම පිස්සුනේ!! මං මොන එහෙකට ඒවා ඔයාලට කියන්නේ?? මම දැන් පැය තුනකට වඩා මෙතනට වෙලා බලාගෙන ඉන්නවා!! ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ග්‍රැන් මාගේ කරදරෙන් බේරෙන්න!!
ෆෝන් එක ඔෆ් කරලා දාපු නිසා රවීන් දැන් බයවෙලා ඉන්නේ කියලා මම දන්නවා,මාව හොයන්න ඌ ක්ලබ් ගියා වෙන්නත් පුළුවන්!! හරි ඒත් ඌ කීවේ මට 10ට කලින් එන්න කියලනේ,අනේ ඕකගේ වැදි බණ!!
ඇත්තටම අපේ ග්‍රෑන් මාත් මොන කෙහෙල්මලකින් අර රියානා කියන නැට්ටුක්කාරිව හොයාගත්තද දන්නෑ!! අපේ මමාටයි ඩැඩාටයි තිබුනේ මාවත් අරගෙනම යන්නනේ!! මම විතරක් මෙහෙ තනිවෙලානේ මමා!! මමාගේ සුදු කොල්ලා තනියෙන්නේ මමා!! ඔයා ඩැඩාවත් ගත්තනේ මමා!! සුදු කොල්ලා පවුනේ මමා!!
කම්මුල් දිගේ මගේ උණු කදුළු නුවර අහසටත් හොරෙන් ගලාගෙන යනකොට මට උණුසුම් හුස්මක් මගේ බෙල්ලේ වැදෙනවා වගේ දැනුනා!!එකපාරටම මම ගැස්සිලා පිටිපස්සට යනකොට මගේ ඉණ වටේට අත් දෙකක් බැදිලා තිබුනා!!
ඒත්???
කවුද මේ??
"අ...අයියේ??"
පිටිපස්සේ උන්නේ ටේනුක් අයියා වෙනකොට මේ මනුස්සයා කොහෙන් ආවද,මොන මගුලෙන් මාව හොයාගත්තද මොන කෙහෙල්මලකට ආවද කියලා හිතනකොට මොහොතකට සමහරවිට දෙකකට මම හිරවුනා!! අන්තෙටම ගිහින් මම තාම හිරවෙලා!
YOU ARE READING
කාළ ස්වේත |TK Nonfiction | Slow update
Non-Fictionඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය නොදැනීම මගේ මූනට හිනාවක් ආවා!!