❄️14🔥

144 22 8
                                    

මේ රෑ මැද කවුද කෝල් ගන්නේ....යකෝ මුන්ට නින්ද යන්නේ නැද්ද මන්දා...ඈ....මගේ අයියා බබා නේද මේ.....මේකා දැනුත් ඇවිත් ද මාව බලන්න...දවසක මේකාව හිරෙට අල්ලන් යනවා රෑට කොල්ලොන්ගේ ගෙවල්වලට පැනලා අහුවෙලා..

"අයියා......ඇයි මේ රෑ මැද....."

"Happy birthday මගේ නුවී....සුබ උපන් දිනයක් වෙවා මගේ වස්තුව ..හැමදාම සතුටින් ඉන්න...මම ගොඩක් ආදරෙයි මගේ මැණිකට...."

"අනේ අද මගේ හෙලිකොටු ඩේ එක නේද...යකෝ මටත් අමතක වුනා...තැන්කිව් මගේ සුදු මහාත්තයා ,ආදරෙයි ගොඩක් පණ.."

"හ්ම්..මොනවද මගේ නුවිට ඔනේ අද..."

"ඔයා ළගට වෙලා ඉන්න ඔනේ...වෙන මොකුත් එපා."

"මම හවස එන්නම් ... දැන් නිදා ගන්න...ගොඩක් ආදරෙයි ...බුදු සරණයි "

"බුදු සරණයි මගේ අයියා...ඔයා එනකන් මම බලන් ඉන්නවා...."

අනේ එයා හරියටම රෑ 12.00ට විශ් කරයි කියලා මම හිතුවේ නෑ හිනෙකින්වත්....එත් ...අනේ ඔයා නිසා මගේ හිත පිරිලා හයියෝ...මේ දරුවා ලොකු ළමයෙක් වෙනවා වගේ දැනෙනවා අනේ....අනේ ඉක්මනට මාව බැදපන්කෝ මිනිහෝ....

"චුටි පුතා නැගිටින්න දරුවෝ....දැන් උදේ 10.00 ත් පහු වෙලා...අපි දන්නේ නෑ යාලුවා එහෙම කඩාගෙන පැන්නොත්...."

"ඌන් දැන් එන්නේ නෑ අම්මා...තව විනාඩි පහයි...."

කියන්න බෑ ඔකුන් මගේ යාලුවෝනේ..මුන් මට ගුලියක් අබරන්න බැරි නෑ..එහෙම සෙට් එකක්නේ මට ඉන්නේ..ඉකමනට මුහුණ කටහොදගෙන කාමරෙන් එලියට ආවේ අප්පච්චි හොයාගෙන...

"අප්පච්චි..ඔයා මොකො කරනවා...'

"මොනවා කරන්නද බන්..අද නිවාඩු දවස නිසා පත්තරේ පොඩ්ඩක් බැලුවා...."

"ව හෙලිකොටු කොල්ලා ...දැන් එහෙනම් ලොකු කොල්ලෙක් නේද....හැපි හෙලිකොටු ඩේ එකක් වේවා..."

"අනේ මේ අයියා..තැන්කිව් හාද...එත් ඉතින් හෙලිකොටු කියන්න එපා හලෝ..අහගෙන ඉන්න එකෙක් හිතයි ඇත්තටම මම එහෙම ඉන්නේ කියල..."

"අනේ පල යන්න...උබලා හැදුනේ මේ අත්වල මල්ලි"

"හකෝ...අනේ මේ අයියා එක නෙවෙයි .කැලුම් අයියාගේ බයික් එක කැඩිලා ,එයාගේ අයියා එක්ක එන්න වෙන්නේ කිව්වා..ඔයාට පුලුවන් ද එයාලව එක්කන් එන්න ගිහින් "

Touch my soul (yizhan )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin