ඉවේන්ලට එක්සෑම් ඉවර වෙලා මාසයක් විතර ඇති. ඊලගට තියෙන්නෙ ආයුලගෙ එක්සෑම් එක. අම්මයි තාත්තයි ගිය ස්පෝර්ට් මීට් කාලෙ ඇවිල්ලා ගියා ගියාමයි ආයම ලංකාවට ආවෙ නෑ. ආයුට කොයි වෙලාවෙ කෝල් කරත් කියන්නෙම ඇමරිකන් එන්න කියලා මොකක්හරි ප්රශ්නයක් තියනවා කියලා තේරුණත් ආයු කොහොමද අම්මගෙනුයි තාත්තගෙනුයි ඒ දේවල් අහන්නෙ. එයට බෑනෙ ප්රශ්න කර්න්න.
" ආයු කොහොමද ඉතින් "
කාලෙකින් අම්මගෙන් කෝල් එකක් එනවා කියන එකටත් ආයු සතුටු වුනා. මොකද ඉස්සරහ හැමදාම වගේ කෝල් කරලා කොහොමද කියල ඇහුවට දැන් ඒක නැති වෙලාම ගිහිල්ලා. කලාතුරකින් ආවොත් තමා.
" හොදින් ඉන්නවා අම්මෙ ඔයාට කොහොමද "
" මම හොදින් , මම දෙය්ක් කියන්න ආයු ගත්තෙ "
" මොකද්ද අම්මා "
" මායි තාත්තයි ඩිවෝස් වෙන්න තීරණය කරා "
" ඩිවෝස්.. ඇයි අම්මා එහෙම්. තාත්තා, තාත්තා ඒකට කැමති වුනාද "
" අපි දෙන්නගෙම කැමැත්තෙන් තමා ආයු. මම හෙට එනවා ඇවිල්ලා හැමදේම කියන්නන් "
අම්මා වෙනදා අහන මොකුත් අද ඇහුවෙ නෑ. හොදින් ඉන්නවද , කෑවද ඒ කිසිම දෙයක් අද අම්මට අහ්න්න මතක නෑ. එයා ඩිවෝස් වෙනව කියන්න අරන් තියෙන්නෙ. ආයුට ඒදේ දරාගන්න පුළුවන්ද. අම්මයි තාත්තයි ඒ දෙන්නගෙ ලෝකවල තනි වෙලා පාඩුවේ ඉන්නේ ඒකයි.
ආයු කෝල් එක කට් කෙරුව විදිහටම තාමත් හිටිය තැනමයි. එකපාරටම අම්මා කීව දේ විශ්වාස කරන්නෙ කොහොමද. ඒත් අම්මා කරේ විහිලුවකුත් නෙමේ කියන්න ආයු හොදටම දන්නාවා. මේ හැමදේම කල්පනා කර් කර ඉන්නකොට ඊලග කෝල් එක ආවෙ ඉවේන්ගෙන්. ආන්ස්වර් කරන්නද නැද්ද කියලා කල්පනා කරකර ඉදලා answer කෙරේ එතුන් සැරයක්කෝල් එක කට් වුනාට පස්සෙ.
" අ.. අයියෙ "
" ආයු මොකක්හරි ප්රශ්නයක්ද "
" හ්ම් "
" ගෙදර නේද ඉන්නෙ මම එන්නද "
" වැඩද "
" වෙන ප්රශ්න අහන්නැතුව මම ඇහුව එකට උත්තර දෙන්න ආයු "
" ගෙදර ඉන්නෙ "
YOU ARE READING
ආයු ( Non fiction )
Non-Fiction" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්