ආයු ගෙදර ගිහින් ලෑස්ති වුනේ හවස යෙහාන්ගෙ බර්ත් ඩේ පාටි එකට යන්න. පැයකටත් වඩා වැඩී ඇදුම් තෝරන්න අරන්. කොච්චර කරත් ඔච්චර තාමා සාමාන්‍ය යුනිෆෝම් එක ඒ කියන්නෙ කලු ටී ෂර්ට් එකට කලු ට්‍රවුසර් එක ඇදලා ඒකට කලු ඩෙක් දෙක. කලු වොච් එක. ජාතික ඇදුම වගේ මොන ගමන් ගියත් මේ ඇදුම තමා අදින්නෙ. හැබැයි ඒ ඇදුම ආයුට අමුතුම ලුක් එකක් ගෙනවා. බලන කෙනෙක් දෙපාරක් හැරිල බලන විදිහෙ අමුතුම ලුක් එකක්. ඇදුන් තෝරලා ඉවරවෙනවත් එක්කම පෝන් එක vibrate වෙන්න ගත්තා. ආයු පෝන් එකට එබිලා බැලුවෙ හිතන කෙනාමද කියලා හිතුව හරි එයා තමා මේ වෙලාවෙ කෝල් ගන්න ඉන්නෙ එකම කෙනයිනෙ. අනිත් මරාල තුන අධිකාරි මැන්ෂන් එකේ අරක් ගෙනනෙ. ආයුගෙ හිනාව දැක්ක ගමන් කියන්න පුළුවන් කෝල් එක ආවෙ ඉවේන්ගෙන් කියලා.
" අයියෙ "
" මොකද කරන්නෙ ආයු "
" ඉන්නවා ඉතින් "
" යෙහාන්ගෙ බර්ත් ඩේ එකට එනව නේද, කොහොමද එන්නෙ "
" බයික් එකේ එන්නන් අයියෙ අනිතෙක හතරදෙනාම ඉන්නවනෙ "
" ආ නෑ නෑ බයික් එකේ එන්න ඔන්නෑ. මම ගන්න එන්නන්. ඕක ගත්තමත් හිමින් යන මනුස්සයෙක් නෙමේනෙ. එක්සෑම් ඉවර වෙනකන් බයික් එක අල්ලන්න හිතන්නවත් එපා "
" හරි වදේ. එහෙනන් එන්න එක්ක යන්න "
" හය වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. ඔයාගෙ අනිත් පාතාල නායකයො තුන්දෙනාටත් කියල තියන්න "
" හරි "
" අන්න එහෙම එන්න "
" එහෙමද ආස "
" අනේ මේ ලෑස්ති වෙලා ඉන්නවා "
ආයු පෝන් එක තියලා හැරුනෙ අනිත් තුන්දෙනා දිහාට. කවුරු කොහොම කීවත් ඉවේන් එපා කීවොත් ඒක එපාම තමා. ආයුගෙ මුන දැක්ක ගමන් කියන්න පුළුවන් මහ කලවැද්දා මොකද්ද කීවෙ කියලා. ඊට ටික වෙලාවකට කලින් සත්රූට ආව කෝල් එකෙන් පොඩි කලවැද්දා කීවෙත් මහ කලවැද්දා කීව එකම තමා.
" බයික්වල එන්න් එපා කීව නේද "
" ම්ම් "
" මට හිතුන. අර පොඩි පගයත් මට කෝල් කරලා කීවෙ ඒකම තමා "
YOU ARE READING
ආයු ( Non fiction )
Non-Fiction" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්