17

59 12 0
                                    

" ආයු "

" කියන්න සහස් හෙට නේද ටූනමන්ට් එක "

" ඔව් ඒත් දැන්නන් ටිකක් බයයි වගේ "

" බය වෙන්න එපා හොදට ප්‍රැක්ටිස් කරානෙ ඒ හින්දා පුළුවන් "

" තෑන්ක්ස් ආයු "

සහස් අද තමා ටූනමන්ට් එකට නුවර යන්නෙ. ඉතින් උදේම ඇවිල්ලා කවුරු හම්බවෙන්නත් කලින් හම්බ වුනේ ආයුව. ආයු ටූනමන්ට් යන්නෙ නැති හින්දා තමා සහස්ට තැනක් හම්බ වුනේ. සහස් බය වෙලා. එහෙම වෙන්න ඕනනෙ මේක තමා එයා ටූන්මන්ට් කියලා යන ලොකුකම තරගෙ. පොඩි පොඩි ඒවට ගිහින් තිබ්බා වුනාට එයා ටිකක් බය වෙලා. සහස් එක්ක කතා කර කරම ජිම් එක පැත්තට ඇවිදගන ගියේ ප්ලේ කරද්දි එයයි එයගෙ අයියයි පාවිච්චි කෙරුව ට්‍රික්ස් ටිකක් කියල දෙන ගමන්.

" රසෙන් අයියගෙ ට්‍රික්ස්නන් බය වෙන්න දෙයක් නෑ "

" අහ් ? "

" ඔයා දන්නැති වුනාට ආයු රසෙන් අයියා ඔයාගෙ විතරක් මගෙත් කෝච් "

" මං ඒක දන්නෙ නෑනෙ "

" අයියා හැමදාම වගේ එයාගෙ මල්ලි ගැන කියනවා. පොඩි කොල්ලා වුනාට හරි දක්ෂයි කියලා. එයාගෙ කටේ තිබ්බෙම මල්ලි ගැන විතරයි. එක දවසක් මට ඔයාගෙ පොටෝ එකක් පෙන්නුවා. එදා ඉදන් තමා මම ඔයා එක්ක කතා කරන්නෙ ආයු "

ආයමත් පරණ මතක. ඒත් ආයු කැමතිම වෙන කෙනෙක් එයාගෙ අයියා ගැන කියන එකට. අයියා එයා ගැන ඒ අය එක්ක කියල තියන ඒව ගැන ඇහෙද්දි එයාට එන්නෙ අමුතුම ආඩම්බරයක්. ජිම් එකට ගිහින් එතන වැඩ ටිකත් ඉවර කරලා ආයු පන්තියට ගියා. කවුරුත් නෑ. එහෙම වෙන්න ඕනනෙ මේ මාසෙ තමා රගර් මැච් , ක්‍රිකට් මැච් , ස්විමින් තරග , ෆුට් බෝල් මැච් ඔක්කොම වැටිල තිබ්බෙ.

සාමාන්‍ය වෙලාවට ඉස්කෝලෙ ඇරුනත් ආයුට ගෙදර යන්න අවසරයක් තිබ්බෙ නෑ. එක පැත්තකින් යාලුවො තුන්දෙනා යන්න දුන්නෙ නෑ අනිත් පැත්තෙන් ඉවේන් යන්න දුන්නෙ නෑ. ඉතින් ආයුත් මොනාද කාපු උගුඩු පැටියා වගේ ෆැමිලියන් එකේ ඉදගන ග්‍රවුන්ඩ් එක දිහා බලන් හිටිය. නෑ නෑ පෝන් එක ඔබනවා. හෙඩ් බෝඩ් එකේ ඔක්කොමලා පෝන් ගේන එක සාමාන්‍ය දෙයක්. ඒක හෙඩ් බෝඩ් ප්‍රතිපත්තිය.  ඒ ගමන්ම ආයු වෙලාව තියන තැනට ඇස් ගෙනිච්චා. හතර හමාරයි. දැන් අනිත් තුන්දෙනාට ප්‍රැක්ටිස් ඉවර වෙන වෙලාව.

ආයු ( Non fiction )Where stories live. Discover now