20

78 11 2
                                    

" හැපි බර්ත් ඩේ ආයු "

" තෑන්ක්ස් "

අද ආයුගෙ 20 වෙනි බර්ත් ඩේ එක. ඉස්සර්ලම විෂ් කරේ වෙන කවුරුත් නෙමේ අතිජාත හිච්චි පාතාල නායකයො තුන්දෙනා. ගොඩක් වෙලාවට මේ තුන්දෙනා තමා මුලින්ම ආයුට විෂ් කරන්නෙ. ගිය අවුරුද්දෙ විෂ් කරේ මහ රෑ. හරියටම රෑ දොලහට. ඒකත් නිකන් නෙමේ වීඩියෝ කෝල් එකක් අරන්.

සුපුරුදු යුනිෆෝම් එක එහෙමත් නැත්තන් ස්කූල් යුනිෆෝම් එක බැස්ස හතරදෙනා ගෙදර දොරවල් වහලා එලියට එනකොටත් ඉවේන් ගේට් එක ලගට ඇවිල්ලා හිටියා.

" හැපි බර්ත් ඩේ ආයු "

" තෑන්ක්ස් අයියෙ "

ඉතින් එච්චරයි. ආයු වගේම තමයි ඉවේනුත් ගොඩක් අය ඉන්න තැන්වල වැඩිය කතා කරන්නෙ නෑනෙ ආයු උනත් එහෙම තමා. කොච්චර කතා කරන්න උවමනාවක් තිබ්බත් කතා කරන්නෙ නෑ. ඉස්කෝලෙ ලගට ඇවිල්ලා කාර් එක නැවැත්තුව ගමන් ආයු නතර වුනේ අනිත් අය ගේට් එකෙන් ඇතුලට යද්දි. ඉවේන් එක්ක කතා කරන්න ඕනෙ හින්දමයි. කාර් එකට නැංග ගමන් බර්ත් ඩේ එකට විෂ් කරාට තව මොනවහරි දෙයක් කියන්න කියලා එයාගෙ මූනෙන් ආයුට අදුගන්න පුළුවන් වුනා.

" ඇයි යන්නැත්තෙ "

" කියන්න මොනාහරි තියනව නේද "

" ම්ම් තියනවා හවස කියන්නන් ගිෆ්ට් එක්ක් ගන්නත් බැරි වුනානෙ "

" ගිෆ්ට් ඕන්නෑ ඔයා තමා මගෙ හොදම ගිෆ්ට් එක " ඒක ඇත්ත මේ වෙනකන් කිසිම කෙනෙක් ආයු වෙනකන් කරල නැති හැම දෙයක්ම කරේ ඉවේන් විතරයි. ගෙදර අයත් මගාටින වෙලාවෙ ලග හිටිය කෙනාගෙන් මොන ගිෆ්ට්ද

" ඉතින් මොනවද ඕනෙ "

" මොකුත් එපා "

" හරි යන්න මම ගන්න එන්නන් "

" පරිස්සමෙන් යන්න "

එතනින් එහාට මොනවා කතා කරන්නද ආයුට වගේම ඉවේන්ටත් පරක්කු වෙලා තිබ්බ හින්දම ආයුට යන්න කියලා කීව. එයා ගේට් එකෙන් ඇතුලට යනකන් ඉදලා කාරෙක හරවගන යන්න ගියා. ක්ලාස් එකට යනකොටත් සත්රූ , සිතුම් දෙන්න පන්තියේ හිටියෙ නෑ. යෙනුජත් ආයු පන්තියට එනවත් එක්කම ක්ලබ් එකේ මීටින් එකක් කියලා පන්තියෙන් එලියට ගියා. සත්රූ ප්‍රිෆෙක්ට් රූම් එකට ගියේ අලුත් ප්‍රිෆෙක්ට්ල තෝරන හින්දා. මේ දවස් ටිකේම සත්රූට තිබ්බ ලොකුම වැඩේ හෙඩ් බෝයි විදිහට තියන ලොකුම වගකීම. මේ ත්නතුරු ගත්තා වගේ නෙමේ ඕවා කරන්න ගිහාම. සිතුම්නන් ඉතින් ඩිවුටිනෙ. පාඩුවේ ඒ වැඩ ටික බලන් හිටියා.

ආයු ( Non fiction )Where stories live. Discover now