18

55 12 0
                                    

" ආයු , එයෝන් ඊයෙ හම්බුනාද "

" ඕ "

" උඹට කියන්නවත් හිතෙන්නෙ නෑනෙ "

" කියන්න තරන් දෙයක් වුනේ නෑ "

"ආ ඇත්තද මහත්තයෝ , මොනාද දැන් එයා කීවෙ "

" එහෙම ලොකු දෙයක් නෙමේ එයා කැනඩා යනවා කීව "

" අහ්. දැන් අර ඉවේන් අයියත් හිටියද "

" ඔව් හැබැයි "

" උඹටත් පිස්සු උඹේ මිනිහටත් පිස්සු "

උදේම වැඩ ඇල්ලුවෙ සත්රූ. එයෝන්ව හම්බුනා කියලා ආයු කියල තිබ්බෙ නෑනෙ කොහෙන්ද මන්දා දැනගෙන උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් මොකාද එකා වගේ කියෝනවා.

" ජීවිතේ රගමඩලක් "

" අහ්?

" ජීවිතේ රගමඩලක් කියලා ශේක්ෂ්පියර් කීවෙ කට කහනවට නෙමේනෙ සත්රූ "

සමහර වෙලාවට සමහර තැන්වලදි අපිට. එක එක චරිත කරන්න වෙනවා. ඒක හැමෝටම පොදුයි. සමහර වෙලාවට ලොකුකම තරහකාරයො දෙන්නා යාලුවො වෙන්නත් පුළුවන් හරියට එයෝන් ආයු වගේ. එයෝන් ඊයෙ ආයුව හම්බවුනේ වැරදි තේරුම් අරන් තිබ්බ හින්දා. අවස්ථාවක් ඉල්ලුවත් ආයුට ඒදේ කරන්න බෑ කොයලා එයෝන් දන්න නිසාම එයා ආයුගෙන් ඉල්ලුවේ යාලුවෙක් විදිහට ඉන්න කියලා විතරයි.

" නැගිටිනවලා යකුනේ "

" අනේ අම්මා තව විනාඩි පහක් "

" අම්මා? සිතුම් මම තමුසෙට දැන් පෙන්නනව අම්මව "

" අනේ ආයූ සුට්ටක් ඉන්නෝකො "

" හඤේ නෙමෙ ක්ලාස් යන්න් පරක්කු වෙනවා "

ක්ලාස් යන කතාව කීව ගමන් සිතුම් නැගිට්ටෙ ඉස්කෝලෙ යන්න නැගිට්නවටත් වඩා වේගෙන්. ඒකට හේතුව සෙනසුරාදාට තිබ්බෙ සිංහල ක්ලාස් එක විතරයි ඒක පහ විතර වෙනකන් එකදිගට තිබ්බ. සිතුම්ගෙ ක්‍රෂ් එක හිටියෙත් ඒ පන්තියේම තමයි. ඒක අනිත් තුන්දෙනාත් දැනන් හිටියා. මේ හතරදෙනා අතරෙ රහස් තිබ්බෙ නෑ. එහෙම තියාගන්න විදිහක් තිබ්බෙත් නෑ.

නැගිට්ට වේගෙන්ම වොෂ් රූම් එකට රිංගගෙන සුපුරුදු ඇදුමෙන් වෙනස් ඇදුමකට මාරු වුනා. අනිත් තුන්දෙනා ඇදන් හිටියෙත් එහෙමනෙ ඒ කීවෙ සුදු ෂර්ට් එකට කලු ට්‍රවුසර් එක ඇදලා සුදු , කලු මික්ස් ඩෙක් දෙක. හැමදාම අදින කලු අවුට්ෆිට් එක ටිකක් වෙනස් කරල තිබ්බා.

ආයු ( Non fiction )Opowieści tętniące życiem. Odkryj je teraz