Chapter 1

961 47 14
                                    

✨️

"මදර් මට ඊයෙ හවසත් කතා කළා පුතා අද එනවා කියලා දැනුම් දෙන්න."

ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී ජනරජයේ නිල ලාංජනය බිත්තියේ උඩින්ම රඳවලා ඊටත් යටින් බිත්තිය වැහෙන්නම තිබුණු කුසලාන පිරුණු වීදුරු කබඩ් එක ඉස්සරහින් ලොකු කැරකෙන පුටුවේ වාඩිවෙලා හිටපු විදුහල්පතිතුමා කියනකොට මම යන්තමට හිනාවෙලා ඔළුව වැනුවා.

මදර් මේරි ගෙ ඔෆිස් රූම් එක වගේ දෙගුණයක් විසාල මේ රූම් එකේ විදුහල්පති මේසෙට ඉස්සරහින්ම බිත්තියේ ඉස්කෝලෙ නමත් එක්ක කොළඹ 03 කියලා ලොකුවට ගහලා තිබුණා. තවත් පැත්තක ෆයිල්ස් පුරවපු කබඩ්ස් වාගෙකුත් තියෙනකොට දොර ත් එක්කම තියෙන බිත්තියම වෙන්වුණේ ලොකු වීදුරු ජනේලෙකට.

"හොඳයි,
සයන්ස් 3 වෙනි පන්ති භාර ඉන්නෙ අනුත්තරා මැඩම්. මම කලින් දැනුවත් කරලා තියෙන්නේ මැඩම්ව. මේ ෆයිල් එක මැඩම් ට දෙන්න."

විදුහල්පතිතුමා ඒ සීතල මූණට හිනාවක් අරගෙන කිව්වත් මට හිතුණේ ඒ මූණ තව සැරපරුෂ වුණා වගේ.

"හොඳට වැඩ ටික කරගන්න එහෙනම්."

"තැන්ක්‍යූ සර්."

මම ෆයිල් එක අතට අරගන්න ගමන්ම කිව්වා. මේ වෙලාවෙ නම් ස්තූති කරනවටත් වඩා දණින් වැටිලා වැන්දත් මදි. මොකද මම දන්නවා මොනම ඉස්කෝලෙකවත් ඒලෙවෙල් දෙවෙනි අවුරුද්ද මුල ඉස්කෝලෙට ගන්නෙ නෑ කියලා. මම ආයෙමත් ප්‍රින්සිපල් දිහාවට යන්තමට හිනාවක් පා කරලා එලියට ආවා.

ඔෆිස් එකේ ඉඳලා ආයෙමත් උඩට යනකොට තිබුණු ලා කහ පාට ගාපු තට්ටු තුනේ බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ තමයි 13 සයන්ස් එක තිබුණේ.

අන්තිම වතාවේ මදර් මේරි එක්ක ප්‍රින්සිපල් ව හම්බ වෙන්න එනකොට ප්‍රින්සිපල් මාව නමය වසරේ ප්‍රිෆෙක්ට් කෙනෙක් එක්කම උසස් පෙළ පන්ති දිහාවට යවපු නිසා මගේ පන්තිය තියෙන්න ඕනි බිල්ඩින් එක මොකක්ද කියලා මම කලින්ම දැනගෙන හිටියා.
සයන්ස් එක ඇරුනම යටම තට්ටුව ලැබ් වලටත් උඩම තට්ටුව 13 මැත්ස් එකටත් වෙන්වෙලා තිබුණු බවක් මට මතකයේ තිබුණා.

එකත්පස් | BL SINHALA NOVELWhere stories live. Discover now