Chapter 2

387 29 5
                                    


✨️

"ඉතින් උඹ අච්චර ළඟ පාරක් තියාගෙන රජ පවුලෙ උන්ගෙ ඉස්කෝලෙ වටේට ගියාද යකෝ.."

ගවීර අහනකොට මම අහිංසක හිනාවක් දැම්මා.

"මං තොට කිව්වා ගිහින් දාන්නම් කියලා. කොහෙද තොගෙ පණ්ඩිතකම වැඩීනේ. මං හිතුවෙ එකයි ඉන්නෙ කියලා ක්ලාස් එකටම. හරි දැන් උඹත් එක්ක දෙකයි."

ගවීර සචිත් දිහාවටත් ඔරවන ගමන් කියවනවා.

මට මේ දෙන්නව හම්බ වෙලා තවම පැය විසි හතරක් වත් ගෙවිලා නෑ. ඒත් එයාලා මට සලකන විදිය මට දැනෙනවා. එතන කිසිම මවාපෑමක් තිබුණේ නෑ.

තනිකම කියන්නේ කවුරු කොහොම කිව්වත්, ලස්සන දෙයක් නෙමෙයි. ඊටත් වඩා ගොඩාක් අය ඔයාගේ වටේට ඉන්නකොටත් ඔයාට දැනෙනවා නම් ඔයා තනිවෙලා කියලා.., මම ප්‍රාර්ථනා කරනවා කාටවත් ඒ හැඟීම දැනෙන්න එපා කියලා. මොකද මම මේ වෙනකන්ම ඒ හැඟීම එක්ක ඔට්ටුවට දුවලා හති ඇරපු කෙනෙක්.

ඉතින් මම දන්නවා කෙනෙක් මම ගැන වදවෙනකොට ඒ දැනෙන හැඟීමේ තියෙන උණුසුම.

"ඉතින් කොහොමහරි මම ගියානේ.. අනික ඒ වැරදුණු නිසා මම දැන් ආපහු යන ළඟම පාරයි දුරම පාරයි දෙකම හොයාගත්තනේ.."

ගවීර අත් දෙකත් ඉනට තියාගෙන අම්මණ්ඩි කෙනෙක් වගේ මගේ දිහාවට හැරිලා රවනකොට මං දැක්කා සචිතුත් මං දිහාවට හැරිලා රවනවා.

දෙන්නට මොනවා නැතත් හොඳට රවන්නයි රණ්ඩු වෙන්නයි පුළුවන්.

"යැයි යැයි යැයි තමා.."

මං ඇස් දෙක හීනි කරලා දෙන්නා දිහාවටම බැල්මක් දැම්මා.

ඔය බැන්නට.. මං හරි ආසයි එහෙම බනිනකොට. මට මතක් වෙනවා එතකොට ඉස්සර අම්මත් මට බොරුවට බනින හැටි.

ගවීර ඇඳගෙන හිටියේ දැනටම ලා දුඹුරු පාට වෙන්න පටන් අරගෙන තැන තැන තද දුඹුරු පාට පැල්ලම් තිබුණු බොටම් එකකුයි ටී ෂර්ට් එකකුයි. ටී ෂර්ට් එකේ උඩ දකුණු පැත්තේ ස්කෝලේ ලෝගො එක පොඩියට මහලා තියෙනකොට, ටී ෂර්ට් එකේ පිටිපස්සේ;

GAVEERA
SCHOOL CRICKET CLUB
######## COLLEGE
COLOMBO 03

කියලා හුරුපුරුදු දසුනක් ප්‍රින්ට් කරලා තිබුණා.

එකත්පස් | BL SINHALA NOVELWhere stories live. Discover now