Chapter 5

405 29 6
                                    

✨️

මට මතක විදියට දොර ඉස්සරහින්ම තියෙන්නේ ලොකු කලුපාට සෝෆා සෙට් එකක්.

මං ඇතුලට යනකොට දොරට මුහුණලා තිබුණු සිංගල් සෝෆා එකක කවුරු හරි කෙනෙක් වාඩි වෙලා හිටියා.

ලබ්ඩබ් ලබ්ඩබ්

බිම තිබුණු මගේ ඇස් ඉස්සෙල්ලම ගියේ සුදු පාටින් බැන්ඩේජ් කරලා ලා නිල්පාට ගාඩ් එකක් දාපු කකුලකට. ඒ එක්කම තිබුණු අත් වාරුවකට.

ලබ්ඩබ් ලබ්ඩබ්

මගේ හදවත එළියට එන්න තරම් ගැහෙන්න පටන් ගන්නකොට මම මගේ ඇස් තව ටිකක් උඩට අරගෙන ආවා.

හිමිකම් නැති හීනෙක ගොළුවී...

එයාට තිබුණේ අලුපාට ගොඩාක් ගැඹුරු ඇස්.. මට හිතුණා ඒ ඇස් වල මම ගිලිලා යාවි කියලා. ඒවා ලස්සනයි. ඒ වගේම විරලයි.

ප්‍රේමයේ මුනිවත මා රකිමී...

සුදු පාට ඩෙනිම් ට්‍රවුසර් එකකට තද නිල්පාට ශර්ට් එකක් ඇඳලා හිටපු එයාගේ හිනාවක් නැති මූණ මට පෙණුනේ අමුතුවට. මටම තේරෙන්නේ නැති අමුතුවකට.

හිමිනම් හමු වේවී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිමිනම් හමු වේවී...

එදා වගේම අදත් එයාගේ ටීම් එකේ අයත් එක්ක මම කලින් දැකපු නොදැකපු අපේ වයසේ කියන්න පුළුවන් යාළුවෝ එයාව වට කරගෙන ඉන්නකොට අද නම් මම ඒ මුරණ්ඩු ඇස් වලට හැංඟුණු හැඟීමක් දැක්කා.
ඇස් වලට පහලින් පෙනුණු තොල් ආඩම්බර හිනාවකින් සරසන් ඉන්නකොට ඒ දිහා සදහටම බලාගෙන ඉන්න පුළුවන් නම් කියලා හිතුණා.

නැතිනම් වෙන් වේවී...

ග්ලාස් බොට්ල් එකක කට ඒ තොල් මතුපිට තද වෙනකොට මම ගැස්සිලා අහක බලාගත්තත් මට ඇහුණා කවුරුහරි මට කතා කරන හඬක්.

එකත්පස් | BL SINHALA NOVELWhere stories live. Discover now