පලමු කොටස

1.2K 125 23
                                    

"ආකාශ්"

"තාත්තේ"

"හෙට තමුන්ගේ කසාදේ... නමයට රෙජිස්ටේශන් එක... අම්මා සිලෙක්ට් කලා ඇදුමක්... ඒක බලනවා ටිකක්... "

"හරි තාත්තා"

මං ඔලුව පහත් කර ගෙනම තාත්තට හා කිව්වා... නැත්තං මෙච්චර කාලයක් කන්න දීපු එකට බැනුම් අහන්න වෙනවා... බැනුම් අහන එක පුරුද්දක් උනාට මං කැමති නෑ හැම වෙලේම එකම දේ අහන්න...

"කාව කොහොම බැන්දත් කට වහගෙන සද්ද නොකර ඉන්නවා... හරිද, තමුන්ට මෙච්චර කාලයක් කන්න බොන්න දුන්න එකේ ගෞරවේ තියලා මට මේ ඩීල් එක කර ගන්න උදව් කරනවා... "

"හරි තාත්තේ..."

"ම්න්. මං අම්මව එවන්නම් "

❤️

ආකාශ් දෙව් නිර්මල අඹේකෝන්... ඒ මම... මට ඉන්නෙ මම විතරයි... ඒක පැහැදිලි කරන්නෙ කොහොමද කියලා මං දන්නෙ නෑ... තාත්තා අම්මා නෑදෑයෝ කොච්චර ඉදියත් මං අනාත කොල්ලෙක්.. මගේ තාත්තා තමයි සෞඛ්‍යය අමාත්‍ය රවී අඹේකෝන්... හෙට මගෙ වෙඩින් එක කියලා ඇවිත් කියලා ගියේ, අන්න එයා... එතූට අම්මා කියලා හයිලයිට් කරේ දෙවනි කුඩම්මා ගැන...

මගේ අම්මා මාව දාලා ගිහින් දැනට අවුරුදු විසිපහක්.... මට විසි හයක් වෙනවා මේ අවුරුද්දට... අම්මා ලග මං ඉදලා තියෙන්නේ එක අවුරුද්දක් වගේ... මගේ ලැබීම තමයි මේ... හ්ම්... මට මහන්සියක් නෑ කියන්න බෑ... මහන්සි ගොඩක්... රූකඩයක්, නිකමෙක් වගේ වෙලා ඉදලා...

"ආකාශ්..." 📣

"දොර ඇරලා තියෙන්නේ චූටි අම්මෙ.."

ටකස්

දොර ඇරගෙන ඇතුලට ආවේ චූටි අම්මා... පලවෙනි කුඩම්මා මට සලකපු විදිහත් එක්ක දෙවනි කුඩම්මා, ඒ කියන්නෙ චූටි අම්මා සලකන විදිහ සීයට පන්සීයක් හොදයි... ඒ නිසාම මං මෙයාට ටිකක් කැමති...

"ආ මෙන්න ඇදුම "

"තියන්න චූටි අම්මෙ... මං ඇදලා බලන්නම්.."

"ආකාශ්...
තාත්තා දියමන්ති ආකරයක්....... වෙනුවෙන්ලු ඔයාව කසාද බන්දන්නේ... එකත් වයසක මනුස්සයෙක්ට..... කියලා තමයි ආරංචි උනේ... ඔයාට අවුලක් නැද්ද ඒක..."

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now