හයවන කොටස

616 86 10
                                    


"සුදු බබා..."

"ම්ම්ම්..."

"උදව්වක් ඕනිද මැනිකේ..."

"බුදු අම්මෝ එපා... පැත්තකට වෙලා ඉදගෙන ඉන්න ඇලෙක්ස්... මං මේක හදන්නම්... ඔයා හදන්නෙ ඊලග පිටි කවරෙත් නැති කරන්න..."

බීච් එකේ ඉදලා ඇවිත් හවස තේ බීලා නිදා ගෙන ටික වෙලාවකට පස්සෙ මට කෝල් එකක් ආවා රෑ කෑම වෙලාවට ඇමතියයි, ඇමතිගේ නල්ල මලේ නෝනයි මෙහේ එනවා කියලා... මගේකාට පැලෙන්න සතුටුයි... ඒකාට මගේ ආදරේ ලබා ගන්නවා කෙසේ වෙතත් ඒ කොල්ලගේ සතුට වෙන්නෙ එයාගේ තාත්තාගේ අවධානේ ලබා ගන්න එක... ඒ අතින් ආකූ හරි පව්... ඒ මිනිහා එන්නෙ ඩීල් එකේ එන ප්‍රශ්නයක් විසද ගන්න... ආකූ හිතන්නේ එයාව බලන්න එනවා කියලා... ඒ නිසා ගජරාමෙට වැඩ... තාත්තට යි, චූටි අම්මට යි දෙන්න කියලා සීනි කෑම හදනවා... මමත් එයාට උදව් කරන්න කියලා පෙනේරේ අරන් පිටි එක හලන්න ගත්තා... මං හලන්න කලින් පිටි ටික මගේ වටේට හැලිලා කියන්නකෝ... මගේ ලග පොඩි වැඩ නැති නිසා ලොකුවෙන් කරන්න ගත්තා... බලද්දි වැඩේ නාගෙන... ඉතින් මට කරන්න දෙයක් නෑ නේ... ඕකට තමයි ආකූ ඔය නැට්ට පුම්බගෙන කෑ ගහන්නේ... පුප්පනවා හරියට කේන්ති ගියපු පූසෙක් වගේ...

"ආකූ ඔයා හරියට නැට්ට පුම්බගෙන ඉන්න පූසෙක් වගේ"

"ඇලෙක්ස්... පිටි එක ඔලුවේ නවන්න කලින් යන්න මෙතනින්... ම්හ්ක්.. එපා අප්පා වැඩ දෙක කරලා මදිවට එකේකෙවා කියන්නෙ. "

ඔය පේනව නේ... ඒකටත් කෑ ගහනවා... මට මූ දිහා නොබලා ඉන්නත් බෑ... බලන් ඉදලා තනියම මහන්සි වෙන්න දෙන්නත් බෑ... උදව් කරන්න ගිහින් ගුටි කන්නත් බෑ...

"මා කුමක් කරන්නද??? "

"ඇලෙක්ස්... ඔයා කොහොමද හොදට සිංහල කතා කරන්නේ... ඔයා කතා කරද්දි හරියට මුස්ලිම් කෙනෙක් කතා කරනවා වගේ... හරි ලස්සනයි අප්පා... "

"මන්දිරේක හිර කරලා ඉදපු උන්මාද චිත්‍රාවක් බේර ගන්න මං අවුරුදු හතරක් ලෑස්ති උනානේ වස්තුව... ඒවයේ ප්‍රතිපල තමයි මේ... ඔයාට කියන්න බැරි උනා නේ... මගේ ආගමත් දැන් බෞද්ධ... මං ඒවත් ඉගෙන ගත්තා... හරිම interesting දේවල් වස්තුව... මං හැමදෙයක්ම ගැනම ඉගෙන ගත්තෙ ආසාවෙන්... ඔයාව ලගට ගන්න තිබුන ආසාව  නැත්තං මෙලහකට මං මහන වෙලා... "

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now