විනාඩි විස්සක් පමණ ගත වෙලා යද්දි uber එක යුගාන්ලගේ ගේ ඉස්සරහින් නතර කලා . යුගාන්ව කොහොම හරි වාරු කර ගෙන නැගිටපු තීනු ඩ්‍රයිවර්ට සල්ලි දීලා යුගාන්ගේ ගෙදර ගේට් ලොකු එකට තට්ටු කරන්න ගත්තා . යුගාන්ගේ තාත්තා ඇමති කෙනෙක් නිසාම ගේට් එකේ මුරට ගාඩ් කෙනෙක් හිටියා .
ගාඩ් ගේට් එක අරිද්දි ඇවිත් ඉන්නේ තීනුයි යුගානුයි කියලා දකිද්දි ගාඩ් තීනුට ඇතුලට එන්න ඉඩ දුන්නා . අමාරුවෙන් යුගාන්ව වාරු කර ගෙන ගේ ඉස්සරහින් හිට ගත්තු තීනු එක පාරටම ගේ ඇතුලට යන්නේ නැතුව දොරට තට්ටු කරන්න ගත්තා . යුගාන්ගේ අම්මයි හස්නයි දෙන්නම කුස්සියට තේකක් හදන ගමන් හිටිය නිසාම හස්නා දොර ගාවට එද්දි තීනුගේ ඇස් උඩ ගියා .
තීනු හස්නා දිහා තමන්ගේ ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි හස්නත් ගැස්සිලා ගියේ නොහිතපු විදිහට තීනු මෙහෙට ආපු නිසා . ඊට පස්සේ යුගාන් බීලා කෙලින් ඉන්න බැරුව හස්නා දිහා බලන් හිනා වෙන්න ගද්දි තීනු යුගාන්ගේ අත තදින් කෙනිත්තුවා . තීනුට තිබුනු එකම ප්‍රශ්නේ උනේ හස්නා යුගාන්ගේ කෙල්ල උනත් මොනවද මේ මහ රෑ යුගාන්ලගේ ගෙදර කරන්නේ කියන එක .
" තමුසෙ මොනවද මෙහෙ කරන්නේ ?? "
තීනු හස්නා දිහා බලන් රවන ගමන් අහද්දි හස්නා මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව ගොත ගහන්න ගත්තා .
" අහ් ... මේ .. තීනු අයි..යේ .. "
" හස්නා කවුද පුතේ ආවේ ?? අයියද ?? "
හස්නා ගොත ගගහා කතා කරන්න හදද්දි යුගාන්ගේ අම්මා කුස්සියේ ඉදන් හස්නට කතා කරන ගමන් සාලෙට ආවා . යුගාන් කෙලින් කටින් හිට ගන්න බැරුව තීනුගේ ඇගට වාරු වෙලා ඉද්දි යුගාන්ගේ අම්මගේ ඇස් නලලට ගියා . ඉක්මනින් යුගාන් ගාවට ගියපු යුගාන්ගේ අම්මා යුගාන්ට කතා කලත් හරියට උත්තරයක් වත් දෙන්න පුලුවන් තත්ත්වෙක නම් යුගාන් හිටියේ නැහැ .
" බලන්න පුතේ යුගාන් කරන වැඩ !! නංගිව කලින්ම ගෙදර එව්වේ බොන්න ඕනේ නිසා වෙන්න ඇතී කෙලින් ඉන්න වත් පණ නැහැ මේකට !! "
යුගාන්ගේ අම්මා පපුවට අතකුත් තියා ගන්න ගමන් කියද්දි තීනුට තිබුනේ නංගි මොකාද කියන ප්‍රශ්නේ
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...