" අනේ යුගාන් ඇස් ඇරපන් මගේ මැණිකේ
උබට මෙහෙම මැරෙන්න බැහැ යකෝ
මගේ ඇස් පිය වෙන්න කලින් උබේ ඇස් පිය වෙන්න තරම් උබ පව්කාරයෙක් නෙමෙයි
ආදරේ නාමෙන් සුදු මාත්තයෝ නැගිටපන් "පාක් එකේදී තීනු යුගාන්ට හොද ගල් ගෙඩියකින් සංග්‍රහ කරපු නිසා යුගාන් හිටියේ හොස්පිටල් එකේ ඇදක සිහිය නැති වෙලා . ඩොක්ටර් කොච්චර වත් යුගාන් මැරිලා නැහැ යුගාන්ට සිහිය නැති වෙලා විතරයි කියලා තීනුට කිව්වත් මල ගෙයක් සිද්ද වෙලා වගේ තීනු යුගාන්ව බදා ගෙන අඩන්න ගත්තා .
ඩොක්ටර් නම් හිතුවේ තීනු අඩන විදිහට තීනු යුගාන්ගේ හොද යාලුවෙක් නිසා යාලුකමට අඩනවා ඇතී කියලා ඒත් ඇත්තට තීනු මෙතන අඩන්න ගත්තේ බැරි වෙලාවත් තමන් යුගාන්ට ගලෙන් ගහපු නිසා යුගාන් මලොත් තමන් අඩන නිසා හැමෝටම දුක හිතිලා තමන්ව හිරේට යවන්නේ නැති වෙයි කියලා . ඒ කොහොම උනත් තීනු ගලෙන් දීපු ශොට් එකට යුගාන්ගේ නලලට මැහුමකුත් දාන්න සිද්ද උනා .
" ඔය දරුවා දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ ඔයාගේ යාලුවට ඉක්මනට සිහිය එයි "
" අනේ බුදු දොස්තර මහත්තයෝ ... සිහිය නම් ඕකට නො එන තරමට හොදයි ... ඕකට සිහිය ආවොත් මම අඩි හයක් යට බුදු මාත්තයෝ ... "
තීනු ඩොක්ටර් ගේ ඇගේ එල්ලිලා අඩ කිව්ව කිසිම දෙයක් ඩොක්ටර් ට නම් තේරුනේ නැහැ . දුකට ඔහේ තීනු මොනවා හරි දොඩවනවා ඇති කියලා හිතලා ඩොක්ටත් තීනුගේ ඔලුව අත ගෑවා . හැබැයි ඇත්තටම යුගාන්ට සිහිය ආපු හැටියෙම තීනුව යුගාන් කම්බස් කරන එක ගැන නම් ආයේ දෙකක් නැහැ . වැඩ්ඩා වඩා ගලෙන් කෙලියට තීනු දැන් තමා බයට පුක රත් කරන් දගලන්න ගත්තේ .
" මට තේරෙනවා ඔය දරුවා ඉන්නේ දුකින් කියලා ඒත් පුතා දුක් වෙන්න එපා ඔයාගේ යාලුවට ඉක්මනට සිහිය එයි දැන් හොද පුතා වගේ නාඩා ඉන්නකෝ "
ඩොක්ටර් ට තීනු තමන්ගේ යාලුවා ගැන තියෙන ආදරේ දැකලා හද පතුලින්ම දුක හිතුනා . ඩොක්ටර් කොච්චරවත් තීනුට නහයෙන් අඩන්න එපා කිව්වත් තීනු කලේ නහයේ පැත්තකිනුත් හොටු බේර බේර නහයෙන් අඩලා වැලපුනු එක . තීනුගේ ඇඩිල්ලයි කියවිල්ලයි නිසාම ඩොක්ටර් ගේ ඔලුවේ පැත්තකුත් රිදීගෙන එන්න ගද්දි හිමින් සීරුවේ ඩොක්ටර්ටත් වෝඩ් එකෙන් ලිස්සලා ගියා .
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...